Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
20
15 හැවිරිදි දැරියක් රැගෙන ගිහින් පෙම්වතා ඇතුළු තරුණයින් 10 දෙනෙක් දූෂණය කරලා... සෙවනගල පෙම්වතා කරපු අපරාධයේ සුළමුල හෙළිවෙයි

- 15 හැවිරිදි දැරියක් රැගෙන ගිහින් පෙම්වතා ඇතුළු තරුණයින් 10 දෙනෙක් දූෂණය කරලා... සෙවනගල පෙම්වතා කරපු අපරාධයේ සුළමුල හෙළිවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,902 Views
ඇඹිළිපිටිය ප්‍රදේශයේ ලැගුම් හලකට රැගෙන ගොස් අපයෝජනය කරලා....
දැරිය තරුණයින් සිව් දෙනෙකු සමග ත්‍රි රෝද රථයකින් යද්දී ඥාතියෙකු දැකලා....
 
සෙවනගල මයුරගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක තරුණයින් දස දෙනෙකු විසින් අවස්ථා කිහිපයකදි අතවරයට ලක් කිරීමේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
 
මෙලෙස අතවරයට පත්ව ඇත්තේ සෙවනගල මයුරගම පදිංචි 15 හැවිරිදි දැරියක් බවයි වාර්තාවන්නේ.
 
මේ හේතුව නිසාම දැරිය සිය පාසැල් ගමනද නතර කර දමා තිබෙන බව පැවසෙනවා.

මෙම දැරියගේ පෙම්වතා බව කියන තරුණයෙකු මෙම දැරිය අවස්ථා කිහිපයකදිම ඇඹිළිපිටිය ප්‍රදේශයේ ලැගුම් හලකට රැගෙන ගොස් අපයෝජනයට ලක් කර පසුව ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුටද පෙම්වතා විසින් මෙම දැරිය හදුන්වා දි තිබෙන බව සඳහන්.
 
ඒ අනුව පෙම්වතාගේ මිතුරන් පස් දෙනෙකු විසින් මෙම දැරිය රවටා පසුගිය දිනක සෙවනගල ඉදිකොලපැලැස්ස ප්‍රදේශයේ පාළු නිවසකට රැගෙන ගොස් අතවරයට ලක් කර තිබෙනවා.
 
ඉන් පසු තවත් තරුණයන් සිව් දෙනෙකුද ඊයේ (19) පෙරවරුවේ  මෙම දැරිය රවටා ත්‍රි රෝද රථයකින් රැගෙන ගොස් අපයොජනයට ලක් කර තිබෙනවා.
 
දැරිය ඊයේ (19) තරුණයින් සිව් දෙනෙකු සමග ත්‍රි රෝද රථයකින් යනු ඇයගේ ඥාතියෙකු දැක ඒ බව දැරියගේ මවට පවසා තිබෙන අතර ඒ අනුව මව දැරියගෙන් සිදු කල විමසීමකදී දැරිය මවට සියළු විස්තර පවසා ඇති බවයි වාර්තාවන්නේ.
 
පසුව මව  දැරිය සමග සෙවනගල පොලිසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.
 
ඒ අනුව සිදුකල විමර්ෂණ වලදී  දැරිය විසින් ලබා දි ඇති තොරතුරු වලට අනුව සෙවනගල ප්‍රදේශයේම පදිංචි තරුණයින් 06 දෙනෙකු සෙවනගල පොලිසිය විසින් 19 දින සවස අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට පත් තරුණයන් 06 දෙනා ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධියට සම්බන්ධ බව කියන දැරියගේ පෙම්වතා ඇතුළු තරුණයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා සෙවනගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
 
(මත්තල ඩීඑන් ජයසේකර / සෙවනගල එස් කුට්ටපිටිය) - මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top