Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
20
"හැරී විසින් දික්කසාද කාන්තාවක් තෝරා ගනිමින් රාජාණ්ඩුව නවීකරණයකට ලක් කළා.." - හැරී කුමරු සහ සුරූපී මේගන් කුමරියගේ දෙවන විවාහ සංවත්සරයදා එංගලන්තයෙන් ඇසුණු කතා - Photos

- "හැරී විසින් දික්කසාද කාන්තාවක් තෝරා ගනිමින් රාජාණ්ඩුව නවීකරණයකට ලක් කළා.." - හැරී කුමරු සහ සුරූපී මේගන් කුමරියගේ දෙවන විවාහ සංවත්සරයදා එංගලන්තයෙන් ඇසුණු කතා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32 Views
"ඇමරිකන් නිළියක්" ලෙස හංවඩු ගැසූ මේගන් කුමරියට, හැරී කුමරු නිරන්තරයෙන් ශක්තියක් වුණා...
 
හැරී හා මේගන් යුවළ දෙවියන් විසින් මැවූ යුවළක් බවට පත් වූ හැටි...
 
කලක් රජ පවුලේ ආන්දෝලනයට තුඩු දුන් සුරූපී මේගන් කුමරිය සහ හැරී කුමරුගේ දෙවන විවාහ සංවත්සරය අඟහරුවාදා දිනයේ (ඊයේ) යෙදුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රිතාන්‍යයේ ටැබ්ලොයිඩ් පුවත්පත් සමඟ හරි හරියට ගැටී පැපරාසීන්ගෙන් අත්මිදෙනු පිණිස, මේ යුවළ රාජකීයත්වයෙන් නික්ම යන්නට තීරණය කරනවා. (සැබැවින්ම ඔවුන් මාර්තු මස 31 වැනිදා සියලු රාජකීය කටයුතුවලින් ඉවත් වනවා.)
 
ඒ තීරණයත් සමඟ මුළු ලෝකයේම අවධානය ඔවුන් වෙතට යොමු වුණා.
 
හැරී කුමරු, තම මවට මෙන් තමන්ගේ බිරිඳටත් කරදර කරන, ඇය ගැන පුහු කතාන්දර ලියන පුවත්පත්වලට එරෙහිව නඩු කියන්නටත් පටන් ගත්තා.
 
මේ සියල්ල අවසානයේ ඔවුන්ගේ නිදහස සොයා ගමන් ඇරඹූ ඔවුන්, මේ වනවිට බොලිවුඩයේ රජෙක් හා රැජිණක් ලෙස ජීවිතය ගෙවන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
 
ඔවුන්ගේ අවසාන නැවතුම බවට පත්වුණේ එක්සත් ජනපදයයි. ඒ වනවිටත් කොරෝනා වියරුවෙන් මෙන් ඇමරිකානු රාජ්‍යය වසා ගනිද්දි, හැරී සහ මේගන් අලුත් ජීවිතයක් එහි සිටම ඇරඹූවා.
 
රාජකීයත්වයෙන් අත්මිදෙන්නට නුහුරක් දැක්වූ හැරී කුමරු ඒ සඳහා අසීරු උත්සහායක නියැලුණු බවයි ඩේලිමේල් වාර්තා කර තිබුණේ.
 
මේගන් කුමරියගේ සුන්දරත්වයත් ඈට භාෂා ද්විත්වයක් හැසීරවීමේ මනා හැකියාව මෙන්ම, ඇගේ කැපවීම ගැනත් බොහෝ පිරිසක් කතාබස් කරමින් සිටිනවා.
 
"ඔවුන්ගේ ආගමනය අතිවිශිෂ්ඨ එකක්. හැරී විසින් දික්කසාද කාන්තාවක් තෝරා ගනිමින් රාජාණ්ඩුව නවීකරණයකට ලක් කළා.." යනුවෙන් රාජකීය විචාරක රිචජ් ෆිට්ස්විලියම්ස් පවසනවා.
 
35 හැවිරිදි වියේ පසුවන හැරී කුමරුට වඩා වැඩිමහල් කාන්තාවක් වන මේගන් කුමරිය 38 හැවිරිදි වියේ පසුවනවා. වැඩිමහල් සහ දික්කසාද කාන්තාවක් විවාහ කරගත්තා යන දෝෂදර්ශණයට ලක්වුවත් ඔවුන් කිසිවිටෙකත් ඔවුනොවුන්ගෙන් ඈත් වූයේ නැහැ.
 
අවුරුදු දහසකට එහා යැයි සැලකෙන රාජාණ්ඩුවකට අභියෝග කළ "ඇමරිකන් නිළියක්" ලෙස හංවඩු ගැසූ මේගන් කුමරියට, හැරී කුමරු නිරන්තරයෙන් ශක්තියක් වුණා.
 
ඔවුන් විවාහ දිවියට පත්වන්නේද දහසකුත් බාධක මධ්‍යයයේ වන අතර මේගන්ගේ පවුලේ බොහෝ දෙනෙකු මේ විවාහට සහභාගී වන්නේ ද නැහැ.
 
කෙසේ වෙතත්... මේ වෙද්දි.. ලෝකයම ආදරය කරන "දෙවියන් මැවූ යුවළ" බවට පත්ව ඇති හැරී සහ මේගන් ගැන තව තවත් කතාන්දර ඉදිරියේ අපිට අහන්න දකින්න ලැබේවී..
 
එතෙක්.. දෙවසරක ඔවුන්ගේ සැමරුමක කතාව මෙයින් අවසන් කරමු...
 
By Lakshan
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top