කොරෝනා වසංගතය හේතුවෙන් මංගල උත්සව ක්‍ෂේත්‍රයේ රැකියාවල නියුතු වූවන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කර සෞඛ්‍ය ගැටළු ඇති නොවන ආකාරයේ විසඳුම් ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
මංගල ක්‍ෂේත්‍රයේ රැකියාවල නිරතවූවන් සමඟ විජේරාම මාවතේ නිල නිවසේ ඊයේ පැවති සාකච්ඡාවකදියි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
රූපලාවන්‍ය ශිල්පීන්, කොණ්ඩා සැකසුම් ශිල්පීන්, ඡායාරූප ශිල්පීන්, කැමරාකරණ ශිල්පීන්, උත්සවශාලා හිමියන්, ආහාර සපයන්නන් ආදී රැකියාවල නියුතු ලක්ෂ හතරකට අධික ප්‍රමාණයක් පවතින තත්ත්වය හමුවේ අපහසුතාවට පත්ව සිටින බවයි ඔවුන් එහිදී පෙන්වා දුන්නේ.
කොරෝනා වෛරසය පාලනය කරමින් ක්‍රමානුකූලව රට විවෘත කිරීමට කටයුතු කරන බව මෙහිදී සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු බවද අවධාරණය කළා.
මේ අතර මංගල උත්සව පැවැත්වීම සඳහා විශේෂ මාර්ගෝපදේශනයක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර නොමැති බව, වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශ කරනවා.
එසේ නව මාර්ගෝපදේශනයක් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි, ඒ මහතා මේ බව සඳහන් කළේ.
වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, අප්‍රේල් මස 27 වෙනිදා නිකුත් කළ මාර්ගෝපදේශනය තවමත් ඒ ආකාරයෙන්ම පවතින බවයි.
එම මාර්ගෝපදේශනය මෙතනින්