කොරෝනා වසංගතය හේතුවෙන් දැනට වසා දමා ඇති හෝටල් සහ ආපනශාලා ඉදිරි සතියේදී විවෘතකිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබාදෙන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
සංචාරක හෝටල්, ආපනශාලා හිමියන්, සංචාරක ක්‍ෂේත්‍රයේ සේවා සපයන විවිධ වෘත්තිකයින් අතර ඊයේ පැවති සාකච්ඡාවකදියි ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.
රට තුළ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව මෙලෙස ආපනශාලා කඩිනමින් විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.