Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
20
"මගේ නිරුවත් ඡායාරූප ඒ වීඩියෝවල තියෙනවා මම දැක්කා, මම අන්තිමට වීඩියෝ බලන එක නතර කළා.." - කොරෝනා ඇඳිරිය මැද ජීවිතයෙන් විඳවන්නට වුණු, නිලුපුලීගේ සංවේදී කතාව

- "මගේ නිරුවත් ඡායාරූප ඒ වීඩියෝවල තියෙනවා මම දැක්කා, මම අන්තිමට වීඩියෝ බලන එක නතර කළා.." - කොරෝනා ඇඳිරිය මැද ජීවිතයෙන් විඳවන්නට වුණු, නිලුපුලීගේ සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,489 Views
"මම නානකොට ඒ පිරිමි ළමයි මගේ දිහා බලාගෙන ඉන්නවා.."

"මාස්ක් එකක් දාලා හිටපු නිසා ඇස් දෙක විතරයි පෙනුණේ .."

නිලුපුලි කියන්නේ අවුරුදු 22ක රූමත් යුවතියක්. රත්නපුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක අධ්‍යාපනය ලැබූ ඇය උසස් අධ්‍යාපනයෙන් පසුව නිවසට වී සිටි නිකරුනේ කාලය ගත කළේ නැහැ. ඇය වෘත්තිය පුහුණු පාඨමාලාවක් හැදෑරුවා. ඇයගේ පවුලේ සිටින්නේ දෙමාපියන් හැරුණු කොට බාල සහෝදරයා පමණයි. ඔය අතරතුර කාන්සිය පාළුව මකාගන්න නිලුපුලි යහළුවන් සමග නිරන්තරයෙන්ම දුරකථනයෙන් කතාබහ කළා.

සතියට දවස්දෙක තුනක් හොදම යහළුවා එක්ක රත්නපුර ටවුමට ගිහිං ඇවිදලා විනෝද වෙලා ආවා. ඇයට පෙම්වතෙක් නොහිටිය නිසා හොදම යෙහෙළියගේ ආදරය ඇයට දැනුණා. ඔය අතරතුර සති කිහිපයක් ගෙවී ගියා යෙහෙළියගේ ඇමතුමක් හෝ මුණගැහිමක් නැතිවම. නිලුපුලිට තදින්ම පාළුව දැනුනා. දෙමාපියන් සාමාන්‍ය රැකියාවක් කළ නිසා වියදම් කරන්න නිලුපුලිගේ අතේ මුදල් තිබ්බේ නැහැ. ඒ නිසා අම්මා හා මල්ලි එක්ක පුංචි දේටත් ඇය තරහ ගත්තා. ඇය පටන් ගන්න කතාබහ අවසානයේ කෙළවර වෙන්නේ රන්ඩුවකින්. නිවසේ පිගන් කෝප්ප බිදලා මේස පුටු තල්ලු කරලා පය පොළොවේ ගහලා තමයි ඇය තරහ පාලනය කරගන්නේ. ඇයගේ අනවශ්‍ය කෝපය පසුගිය කාලයේ පැවති ඇදිරිනීතිය කාලයේ වැඩි වෙනවා. නමුත් දෙමාපියන් ඇයගේ මේ ස්භාවය ගණන් නොගෙන ඇය සමග වැඩිය කතාබහ නොකර ඉන්න වගබලා ගත්තා. නමුත් රණ්ඩු වෙන්න ඇය බොරු හේතු හොයා ගත්තා. ඔය විදිහට දින ගෙවිලා ගිහින් ඇදිරිනීතිය ඉවත් කළ සැණින් පසුදිනම ඇය යෙහෙළිය මුණගැහෙන්න ගියා.
 
යෙහෙළිය එක්ක ඇය ත්‍රිරෝද රථයක නැගලා මුදල් ලබා ගැනීම සදහා ඇයගේ මුදල් තැන්පත් කර ඇති බැංකුවට ගියා.

"ඇදිරිනීතිය අයින් කරපු දවසට පහුවදා මම රත්නපුර ටවුමට ගියා..මගේ යාළුවත් මම මුණගැහුනා. එයා එක්ක ATM මැෂින් එකෙන් සල්ලි ගන්න පෝලිමේ හිටියා..ගොඩක් සෙනග හිටපු නිසා පැය භාගයකට වඩා පෝලිමේ හිටියා..ඒ ඉන්නකොට මම අවුරුදු 35ක විතර මනුස්සයෙක් මගේ දිහාම බලාගෙන ඉන්නවා මම දැක්කා..මාස්ක් එකක් දාලා හිටපු නිසා ඇස් දෙක විතරක් පෙන්න තිබුනේ. එයාගේ බැල්ම මට එච්චර ඇල්ලුවේ නැහැ. එයා පෝලිමෙන් පිට හිටියේ..අත්දෙක බැදගෙන මගේ දිහාම බලාගෙන හිටපු නිසා මට බය හිතුනා. මම මගේ යාළුවාට කිව්වා අර මනුස්සයා මගේ දිහා කන්නවගේ බලාගෙන ඉන්නවා කියලා..යාලුවා මම ඇස්වලින් පෙන්නු පැත්ත බලලා පිස්සුද බං කියලා හිනා වුනා.. නමුත් මට පේනවා ඒ මනුස්සයා මගේ දිහාම බලාගෙන ඉන්නවා..සල්ලි අරගෙන අපි කඩයකට ගියා..මට පේනවා මේ මනුස්සයා මගේ පස්සෙන් එනවා වගේ..පිටිපස්ස හැරිලා බලද්දී එයා අහක බලා ගත්තා.."

නිලුපුලි යෙහෙලියගෙන් සමුගෙන නිවසට යන අතර තුර කල්පනා කළා ඒ කවුද මිට කලින් දැකලා තිබෙනවාද කියලා. ඇයට එකවරම මතකයට ආවා ඒ වගේ ඇස් තියෙන මනුස්සයෙක් පාඨමාලාව හැදෑරු මධ්‍යස්ථානය ළග කිහිප දවසක්ම. ඔහුගේ කඩවසම් පෙනුම ගැන ඇය විවිධ දේ කල්පනා කළා, නමුත් ඔහු ඇය යන එන තැනට එන්නේ කුමන හේතුවකටද කියලා ඇයට හිතා ගන්න බැරි වුනා. ඇයගෙන් ආදරය බලාපොරොත්තුවෙන කෙනෙක්ද යන්නත් ඇය සිතුවා. ඉන් දින දෙක තුනක් ඇය ඔහුව හීනෙන් දුටුවා. ලගටම පැමිණ අත් බැදගෙන ඉන්න ඒ සේයාරුව දැකලා ඒ හැම දවසකම ඇය නින්දෙන් පවා බය වෙලා නැගිට්ටා.

"ඊට පස්සේ මම ගෙදරින් එලියට බැස්සේ නැහැ අර මනුස්සයා මගේ පස්සෙන් එයි කියලා බයට.. මම ගෙදරට වෙලා ඉද්දි සැරින් සැරේට ෆේස්බුක් ගියා..මගේ වෝල් එකට එක එක්කෙනා මට හින්ට් ගහලා වගේ එක එක පොස්ට් දානව කියලා මට තේරුනා.. බලන බලන අය මම ගැන කතා කරනවා වගේ මට තේරුණා..මම ගැන ෆේස්බුක් එකේ නරක දේවල් පළවුනා..මම නරක කෙනෙක් නැහැදිච්ච කෙනෙක් කියලා එක එක්කෙනා කියනවා..මාව විහිළුවට ලක් කරනවා ..මගේ චරිතයට හානියක් කරනවා කියලා හිතුනා..ඒවා කරන්නේ අර මනුස්සයා කියලා මට සැකයක් ආවා..මට ඒවා දරා ගන්න බැරිම තැන මම ෆේස්බුක් යන එක නතර කරලා එකවුන්ට් එක අයින් කළා..මගේ ෆේස්බුක් එක කවුරු හරි හැක් කරලා කියලා මට හිතුනා..ඊට පස්සේ මට දැනුනු පාළුව නිසා මම අන්තර්ජාලයේ වීඩියෝ බලන්න පුරුදු වුනා..මම ගැන කතා කරන මට විරුද්ධ දේවල් මම වීඩියෝ වලින් දැක්කා..මගේ නිරුවත් ඡායාරූප ඒ වීඩියෝ වල තියෙනවා මම දැක්කා.. එහෙම වෙන්න විදිහක් තිබ්බේ නැහැ..මේ ගැන මට කියන්න කවුරුත් නැහැ. අම්මට කියන්න බැහැ..අම්මා මාව තේරුම් ගන්නේ නැහැ කොහොමත්..මම බලන බල වීඩියෝ එකේ මම දකින්නේ මගේ නිරුවත් ඡායාරූප.. මම අන්තිමට වීඩියෝ බලන එක නතර කළා.."

පැය දෙක තුන දින සති ගෙවිලා යද්දී නිලුපුලි කොහෙවත් නොයා තම කාමරයට ජීවිතය සිමා කරගත්තා. මුළු සමාජයම ඇයව කොන් කරාවි යන බයට ඇය කාමරයටම වී සිටියා. කෑම කන්න පමණක් කාමරයෙන් එලියට ගිය ඇය අවසානයේ කාමරයේ ජනෙල් වලින් අර පිරිමි ළමයා බලාගෙන ඉන්නවා ඇය දකිනවා. බයට පත් වෙන නිලුපුලි අවසානයේ ඇය ඉර එලිය කාමරයට නොඑන සේ ජනෙල්වලට පත්තරකොල අලවනවා. ඇයගේ කාමරයට හුලං පොදක්වත් එන්නේ නැහැ. කාමරය කළුවරයි..නිරන්තරයෙන්ම එක එක පිරිමි මිනිසුන්ගේ මුහුණු ඇයගේ වටා ගැවසෙන බව දැනෙනවා. ඇය හිතනවා ඒ හොල්මන් කියලා.. නානකමරයට ගොස් නාන්න නිලුපුලි බය වෙනවා.. ඇය නිරුවතින් නාන දෙස පිරිමි අය බලාගෙන ඉන්න අයුරු පවා ඇය දකිනවා..ඒ නිසා ඇය ඇදුම පිටින්ම නානවා..ඇදුම පිටින් නාද්දිත් ඇය දකිනවා පිරිමි ඇය දිහා කෑදරකමින් බලාගෙන ඉන්න හැටි. ඇදුම යටින් ඇයගේ නිරුවත් සිරුර පෙනෙන අයුරු ..අවසානයේ ඇය නානකමරයට යන්නේ නැහැ.ඇය නාන්නේ නැහැ..මුහුණ කට සොදන්නේ නැහැ..එකම ඇදුම ඇදගෙන ඉන්නේ..අවසානයේ දෙමාපියන් ඇය ජීවිතය ප්‍රතික්ෂේප කරන අයුරු දැක ඇයව වහාම වෛද්‍යවරයෙක් ලගට රැගෙන යනවා. ඒ මනෝ විශේෂඥ වෛද්‍ය රූමී රූබන් මහතා වෙත.

"ඇදිරි නිතිය ඉවත් කරලා සතියකට පස්සේ වගේ තමයි නිලුපුලිව ප්‍රතිකාර සදහා මගේ ලගට රැගෙන ආවේ..ඇයට ප්‍රතිකාර අවශ්‍යයි කියලා දෙමාපියන් තේරුම් ගෙන තියෙන්නේ ඇය බයේ මේසයක් යට හැංගිලා මිනිස් වාසය ප්‍රතික්ෂේප කරලා තියෙන නිසයි..අවසන් කාලයේ ඇය නාන්න බය වෙලා..මුළු කාමරේම කළුවර වෙන්න තියාගෙන ඉදලා තියෙන්නේ..ජනෙල්වල අලවලා තිබ්බ පත්තර ඇයගේ මව දැකලා ඉරලා විසි කරලා තියෙනවා.නමුත් එලියට බය වුනු ඇය නැවත වතාවක් ජනෙල්වල පත්තර අලවලා..ඇය අම්මට කියලා තියෙන්නේ පිට ඉන්න අය ඇය දෙස බලාගෙන ඉන්නවා කියලයි..මේ තත්වය මානසික පීඩන තත්වයක් මිසක් හොල්මන් දැකීමක් යක්කු ගහලා කියන තත්ත්වයක් වත් නෙමෙයි..මේ මානසික තත්ත්වයට කියන්නේ භින්නෝන්මාදය කියලයි..මුලින්ම ඇයට කිසිකෙනෙක් රුස්සන්නේ නැති ස්භාවය ආවා..අම්මා තාත්තා මල්ලි එක්ක පොඩ්ඩක් ඇත්තනම් තරහ ගන්න එක..ඒක ක්‍රමක්කාරයෙන් වැඩි වුනා.. ඊට පස්සේ ඇය පසුපස තරුණයෙක් එනවා දැක්කා..ඇය දෙස තරුණයින් බලාගෙන ඉන්න එක..ඇය ගැන සමාජ මාධ්‍යවල විවිධ දේ පලවෙන එක..ඇය ගැන වීඩියෝ පල වුනු ඒවා සියල්ල ඇයගේ මනසින් වුනු දේවල් මිසක් ඇත්තට වුනු දේවල් නෙමෙයි..ඇය දුටුව කිසි දෙයක් සත්‍ය දේවල් නෙමෙයි..මනසින් මවා ගත් දේවල්..ඇයගේ පවුල් පසිබිම හේතුවක් වුනා ඇය මානසිකව වැටෙන්න..ඇයගේ දෙමාපියන් එතරම් තේරුම් තිබෙන අය නෙමෙයි. ඒ නිසා ඇයගේ වෙනස තරහ ගැනීම වැනි දේ තේරුම් ගන්න බැරි වුනා..නාන, කනබොන දේ ප්‍රතික්ෂේප කරලා මේසයක් යට කළුවරේ ගුලි ගැහිලා හිටපු නිසා තමයි දියණියගේ වෙනසක් දෙමාපියන් දැකලා ප්‍රතිකාර සදහා රැගෙන ආවේ..ඇය සමග කතා කරද්දී ඇයගේ මානසික රෝගය තේරුම් ගත්තා..ඊට අදාළ ප්‍රතිකාර මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා..දැන් හිටපු තත්ත්වයට වඩා ඇයගේ වෙනසක් දකිනවා..ඇයගේ පවුල් පසුබිම පරික්ෂා කරලා බලද්දී ඇයගේ පියාගේ පාර්ශවයේ දෙදෙනෙක් මානසික රෝග සදහා ප්‍රතිකාර ලබන බව වාර්තා වුනා..ඇයටත් මානසික රෝගය බලපාලා තියෙන්නේ ජානමය වශයෙන්..ඒ නිසා මෙවැනි තත්ත්වයක් උදා නොවනතුරු ඉන්නේ නැතුව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ජීවිතය සුබදායක කරගන්න පිටිවහල් වෙනවා.."

හර්ෂණී වීරරත්න
විශේෂ ස්තූතිය - මනෝ විශේෂඥ වෛද්‍ය රූමී රූබන්
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top