කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අවම අගයකට පත් වූ වායුගෝලයේ පවතින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය යළි ඉහළ යාමේ අවදානමක් පවතින බව විද්‍යාඥයින් මත පළ කරනවා.
වෛරසයේ ව්‍යාප්තියත් සමග ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් අඩාල වීම නිසා කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය සියයට 17 කින් පමණ පහත වැටුණා.
මෙලෙස වායුගෝලයේ පැවති කාබන්ඩයොක්සයිඞ් ප්‍රමාණයෙන් වැඩි ප්‍රතිශතයක් පරිසරයට මුදාහැර තිබුණේ වාහනවලින් බවටයි අනාවරණ වී තිබුණේ.
කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල් විවෘත කිරීමත් සමඟ මෝටර් වාහන ධාවනය යළි ආරම්භ වීම හේතුවෙන් පෙර පැවති ප්‍රමාණයට වඩා වැඩි අගයකින් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යනු ඇති බවටයි විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත්තේ.
මීට පෙර නිව්යෝක් හි පර්යේෂණ කණ්ඩායමක් සදහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව මෝටර් රථවලින් පිටකරන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය සියයට 50 කින් අඩුවී ඇති බවටයි.
එමෙන්ම, පෘථිවියේ තාප වායු විමෝචනය ද සීඝ්‍ර ලෙස පහත වැටී තිබුණා. බලශක්ති හා ප්‍රවාහනයට සම්බන්ධ විවිධ වායු විමෝචන තත්ත්වයන් පහත වැටීම මීට හේතුව ලෙස අදාළ පර්යේෂණ කණ්ඩායම මීට පෙර පෙන්වා දුන්නේ.