මෙසේ මියගොස් ඇත්තේ රස්මික චමින්ද සහ ලෙල්ලුපිටිය බැරැන්ඩුව පදිංචි ඩබ්ලිව්. ඒ. එම්. හර්ෂණී නැමති 30 හැවිරිදි දෙදරු මවක්.
පස්කන්ද නිවස මතට එනවාත් සමඟ රස්මික සහ මව නිවසේ සිට ඇති අතර මව නිවසින් පිටතට ගියත් දරවාට යාමට හැකිවී නැහැ.
මේ අතර ඊයේ (19) රාත්‍රී කාලයේ සිට ඇද හැළුණු මහවැසි හේතුවෙන් කළුගඟේ ජල මට්ටම රත්නපුර මුවගම ජලමාපකයේ මීටර් 7.50 (අඩි 24 අඟල් 7) සීමාව ඉක්මවා තිබෙනවා.
ඒ නිසා රත්නපුරට සුළු ගං වතුර තත්ත්වයක් ඇති වී ඇති අතර පහත්බිම් සියල්ල ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, මහ වැසි හා තද සුළං හේතු කොටගෙන කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති අතර නිවාස 85කට හානි වී ඇතැයි කළුතර දිසා ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා ඊයේ (19) සඳහන් කළා.
කුඩා ධීවර යාත්‍රාවක් පෙරේදා මුහුදේ පෙරැළීමෙන් මියගොස් ඇත්තේ මග්ගොන පදිංචිව සිටි ඇන්ටන් බැස්ටියන් ප්‍රනාන්දු සහ නිරෝෂන් ජයසූරිය යන දෙදෙනා යි.
මදුරාවල නිවාස 13කටද, බුලත්සිංහල නිවාස 10කටද, අගලවත්ත නිවාස 5කටද, ඉංගිරිය නිවාස 4කටද, බේරුවල නිවාස 2කටද, හොරණ නිවාස 6කටද, බණ්ඩාරගම නිවාස 2කටද, ෙදාඩම්ගොඩ නිවාස 3කටද, කළුතර නිවාස 1කටද, මිල්ලනිය නිවාස 22කටද, වලල්ලාවිට නිවාස 6කට හා මතුගම නිවාස 11කටද අලාභහානි සිදුවී ඇති බවට ඊයේ (19දා) දහවල් වන විට කළුතර දිසා ලේකම් කාර්යාලයට වාර්තා වී තිබෙනවා.
මෙම ආපදා තත්ත්වය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 46කට අයත් පවුල් 85ක පුද්ගලයන් 311 දෙනෙක් පීඩාවට පත්වී සිටිනවා.
(මෙම ලිපිය ලංකාදීප සහ මව්බිම පුවත්පත්වලින් උපුටාගෙන සකස් කරන ලැබූවකී.)