Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
20
"ලෝක සෞඛ්‍ය සංවිධානයට දින 30 ක් ලබාදෙනවා, ඔවුන් කොරෝනා ගැන නොසලකා හැරියා.." - ඇමරිකානු බලවතාගෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයට දරුණු අනතුරු ඇඟවීමක් - Video

- "ලෝක සෞඛ්‍ය සංවිධානයට දින 30 ක් ලබාදෙනවා, ඔවුන් කොරෝනා ගැන නොසලකා හැරියා.." - ඇමරිකානු බලවතාගෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයට දරුණු අනතුරු ඇඟවීමක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,914 Views
"ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක්..!!!"
 
"චීනය ඔවුන්ට ලබාදෙන්නේ වසරකට ඩොලර් මිලියන 38 ක්..."
 
"ඔවුන් ඔවුන්ගේ රට දැන දැනම අමාරුවේ දාගැනීමක් බවයි..."
 
ඇමරිකානු මූල්‍ය ආධාර ලබාගැනීම සහ ඇමරිකාවේ සාමාජිකත්වය පවත්වාගැනීම පිළිබඳව තීරණය කිරීමට දින 30 ක කාලයක් ලබාදෙන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනතුරු අඟවනවා.

අනතුරු ඇඟවීමේ අවසන් නිවේදනය නිකුත් කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් වී ඇති බවයි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇනම් ගේබ්‍රියෙස් වෙත යොමු කර ඇති මෙම ලිපිය මගින් ඇමරිකානු ජනාධිපතිවරයා කොවිඩ් 19 ගෝලීය වසංගතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කර තිබෙනවා.
 
එමගින් ඔහු පෙන්වා දෙන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් ප්‍රදේශයෙන් ව්‍යාප්තිය ඇරඹි කොවිඩ් 19 වෛරසය පිළිබඳෙ ස්ථිර ලෙස පිළිගත හැකි වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානය නොසලකා හැර ඇති බවයි.
 
මෙම තත්ත්වය යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය වෛරසයේ ව්‍යාප්තිය ඇරඹි දා පටන්ම චීනයට පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බව ඇමරිකානු ජනාධිපතිවරයා සිය ලිපිය මගින් පෙන්වා දෙනවා.
 
ඒ අනුව ස්වාධීනව කටයුතු කරන බවට නිවැරදිවීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට දින 30 ක් ලබාදෙන බව ඇමරිකානු ජනාධිපතිවරයා යැවූ ලිපියේ සඳහන්.
 
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ එම කාලය තුළ දැනට තාවකාලිකව අත්හිටුවා ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ඇමරිකානු මූල්‍යාධාර ඉදිරියට ලබාගැනීම යන සහ අමෙරිකාවේ සාමාජිකත්වය තවදුරටත් පවත්වාගැනීම තීරණය කළ හැකි බවයි.
 
මේ අතර තමන් කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් නැමැති ඖෂධය ලබාගන්නා බව පවසන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් බවයි.
 
"එක්සත් ජනපදය ඔවුන්ට වසරකට ඩොලර් මිලියන 450 ක් ගෙවනවා. චීනය ඔවුන්ට ලබාදෙන්නේ වසරකට ඩොලර් මිලියන 38 ක්. ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් විතරයි."
 
මේ අතර කොවිඩ් 19 ගෝලීය වසංගතය පිළිබඳව කඩිනමින් ස්වාධීන ඇගයීමක් සිදුකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
 
"අපි රටවලින් ඉල්ලා සිටින්නේ ඉතා ප්‍රවේශමෙන් මේ ගමන යන ලෙසටයි. යම් කිසි රටක් සිතනවා නම් මහජන සෞඛ්‍ය පිළිබඳව ආරක්ෂක ක්‍රමවේද පසෙකලා අති ධාවනකාරී ගමනක යෙදෙන්න, අපි හිතන්නේ එය ඔවුන් ඔවුන්ගේ රට දැන දැනම අමාරුවේ දාගැනීමක් බවයි..."
 
මේ අතර කොවිඩ් 19 ව්‍යාප්තිය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකරන ස්වාධීන ඇගයීම් සඳහා පූර්ණ සහය ලබාදෙන බව චීන ජනාධිපති ෂී ජින් පිං පවසනවා.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ කමිටු රැස්වීමකට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ චීන ජනාධිපතිවරයා එම කටයුතු සඳහා ඩොලර් බිලියන 2 ක මුදලක් ලබාදීමටද පොරොන්දු වී තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top