Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
19
"වවන්නෝ දිනන්නෝ කියන කියමනත් එක්ක තමයි දැන් මම වැඩ කරන්නේ" - නළුවෙක් විදිහට රටේම ආදරය දිනාගත්ත විශ්ව කොඩිකාර ගැන ඔබ නොදත් වෙනස්ම කතාවක් මෙන්න - Photos

- "වවන්නෝ දිනන්නෝ කියන කියමනත් එක්ක තමයි දැන් මම වැඩ කරන්නේ" - නළුවෙක් විදිහට රටේම ආදරය දිනාගත්ත විශ්ව කොඩිකාර ගැන ඔබ නොදත් වෙනස්ම කතාවක් මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,908 Views
එක පවුලකට අක්කර භාගයක විතර ඉඩමක් බෝග වගාවන් හදාගන්න භාර දුන්නා
මටත් හිතුණා ගෙදරට වෙලා නිකම් ඉන්න එකේ වවන්න
 
අලුත් පරපුරේ රංගන ශිල්පීන් අතර ක්‍රමානුකූලව ජීවිතේ හැඩගස්සවා ගත්ත කෙනෙක් විදිහට විශ්ව කොඩිකාරව හඳුන්වන්න පුළුවන්. විශ්ව හැම දෙයක්ම කරන්නේ හොඳට හිතලා බලලා. විශේෂයෙන්ම තමන්ගේ පවුලට, දරුවන්ට අවැඩක් වන දේවල්වලින් ඈත් වෙන්න විශ්ව හුඟාක් උත්සාහ ගන්නවා.
 
COVID - 19 වයිරසයත් සමඟම රටේ ඇතිවුණු ඛේදජනක තත්ත්වය ඉදිරියේ විශ්ව පුරවැසියෙක් විදිහට කළ උතුම් කටයුත්තක් ගැන තමයි මේ...

COVID - 19 නිසා ඇඳිරි නීතිය පනවන කොට මම හිටියේ නුවර. ඉතින් මටත් කොළඹ එන්න බැරිව හිරවුණා. ඉතින් මහ ගෙදරට වෙලා අම්මා, තාත්තා එක්ක ඉන්න කොට තමයි මගේ හිත මේ දිහාවට ඇදිලා ගියේ.
 
සාමාන්‍යයෙන් අපේ ගම්වල ඉන්නේ හුඟාක් දුප්පත් මිනිස්සු. මේ අයගෙන් අති බහුතරයක් ජීවත් වෙන්නේ එදාවේලා සොයාගෙන.
 
ඉතින් මෙහෙම ඉන්න ගමන් මට හිතුණා මේ විධියට ඇඳිරි නීතිය පනවපු වෙලාවක මේ දුප්පත් මිනිස්සු කොහොම කනවා බොනවා ඇතිද කියලා.
 
ඒ අනුව මම තාත්තා එක්ක එකතුවෙලා මේ ගැන සාකච්ඡා කරලා වියළි ආහාර පාර්සල් ටිකක් ගිහින් දෙන්න හිතුවා.
 
විශ්ව තාත්තගේ උදව්වෙන් තමන් උපන් ගමේ (උඩිස්පත්තුව - ගොඩමුන්න) ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිතුමාට කතා කරලා දුප්පත් පවුල් 60ක් විතර ඉන්න බව දැන ගත්තා. ඊළඟට ඒ හැමෝටම රුපියල් 2500ක විතර වටිනාකමින් යුතු වියළි ආහර පාර්සල් හදලා ගිහින් භාර දුන්නා.
 
මේ සත්කාරය කළා කියලා විශ්වගේ හිතට සැනසීමක් දැනුණේ නැහැ. මේක දවසක් දෙකක් ප්‍රයෝජනයට ගනී. විශ්ව එහෙම හිතලා මේ කරපු දේ ටිකක් විතර ප්‍රචාරය වෙන්න ඇරියා. ඒ තමන් කළ දේ අගය වටහාගෙන තවත් අය මේ වගේ අයට උදවු කරන්න ඉදිරිපත් වේවි කියලා හිතලා. ඒත් ඒක සාර්ථක වුණේ තවත් ටික දවසක් ගිහිල්ලා. එතකොට තමයි ගම්වල විතරක් නෙවෙයි රටෙත් නැති බැරි මිනිසුන්ට වියළි ආහාර පාර්සල් ලබාදෙන වැඩපිළිවෙළ සකස් වෙන්න පටන් ගත්තේ.
 
වියළි ආහාර පාර්සල් ලබාදෙන වැඩෙත් ඔය විදිහට යද්දි මමයි තාත්තයි කතා කළා අපි සතුව තිබෙන ඉඩම්වලින් කොටසක් දුප්පත් පවුල් කිහිපයකට ලබාදෙන්න පුළුවන් නම් කොයිතරම් හොඳද කියලා. ඒ අනුව තමයි ඊළඟ සත්කාරය අපි පටන් ගත්තේ.
 
විශ්ව පුංචි කාලේ ඉඳලම වැඩිපුර හැදී වැඩුණේ තෙල්දෙණියට කිට්ටුව ඇති ගොඩමුන්න කියන ගමේ. ඉතින් මේ ගමේ බොහෝ අයව ඔහු හොඳින්ම හඳුනනවා.
 
මම ගමේ පවුල් 8ක් විතර තෝරා ගත්තා. ඒක ග්‍රාම නිලධාරිතුමා වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් සම්බන්ධ කරගෙන තමයි කළේ.
 
එහෙම තෝරාගෙන ඒ එක පවුලකට අක්කර භාගයක විතර ඉඩමක් බෝග වගාවන් හදාගන්න භාර දුන්නා. දැනට අපි පවුල් 8ක විතර එහෙම ඉඩම් භාරදී තිබෙනවා. මේ අයගෙන් අපි කිසිම මුදලක් අය කරන්නේ නැහැ. පුළුවන් විදිහට බෝග වගාවත් හදාගෙන මනුස්සයෙක් විදියට නැඟිටින්න ඔවුන්ට හැකි වේවි කියලා හිතනවා.
 
විශ්ව මේවා කරන්නේ තාත්තාගේ (පද්මසිරි කොඩිකාර) උදවු අරගෙන. කාලයක් තිස්සේ තමන්ගේ තාත්තා රටේ ආර්ථිකය හැදෙන්න නම් නිකම් තිබෙන හැම ඉඩමකම මොනවාහරි වැවිය යුතුයි කියන අදහස නඟන කෙනෙක්ලු.
 
තාත්තා කියන්නේ පොල් වත්තක වුණත් නිකම් තිබෙන සීමාවේ මොනවා හරි පුළුවන් දෙයක් වවන්න පුළුවන් නම් මේ රට ස්වයංපෝෂිත රටක් වෙනවා කියලා. ඇත්තටම ඒක එහෙම වෙනවා නම් කොයිතරම් හොඳද?
 
විශ්වගේ අම්මා - තාත්තාට උඩිස්පත්තුව ගොඩමුන්න ගමේ ඉඩමේ අක්කර හැත්තෑවක විතර ඉඩමක් තිබෙනවා. මේ ඉඩමේ කොටස් කිහිපයක් පහුගිය කාලේ නැති බැරි පවුල්වලට ගෙවල් හදාගන්න දුන්නා. ඒවා දුන්නේ සින්නක්කරවම. ඊට පස්සේ තමයි මේ සත්කාරය ඔවුන් කළේ.
 
අපි මේවා බදාගෙන තණ්හාවට ළඟ තියාගෙන වැඩක් නැහැ. තාත්තා කියන්නෙත් ඒකමයි. ඉතින් පාළුවට හරිනවට වඩා වවන එක කොයිතරම් හොඳද?
 
ගමේ අයට ඉඩම් දීලා ඒ අය ඒ ඉඩම්වල වවනකම් විශ්ව බලා ඉන්නෙත් නැහැ. තාත්තා, අම්මා, අක්කා, මස්සිනා එක්ක එකතුවෙලා විශ්වත් දැන් වවන්න පටන් අරන්.
 
මටත් හිතුණා ගෙදරට වෙලා නිකම් ඉන්න එකේ වවන්න. ඉතින් දැන් මමත් අමු මිරිස්, බෝංචි වවන්න පටන් ගත්තා.
 
ඇත්තටම වවන්නෝ දිනන්නෝ කියන කියමනත් එක්ක තමයි දැන් මම වැඩ කරන්නේ. විශ්ව හිනාවෙවී කියනවා.
 
මගේ අම්මා බොහෝ අවස්ථාවල නුවර ගෙදර ඉඳන් මෙහාට ඇවිත් මොනවා හරි හිටවනවා. ඇත්තටම එහෙම ආපු වෙලාවක තමයි මටත් මේ අදහස හිතට ආවේ. අනෙක තාත්තා නිතරම කියන්නේ ඉඩම් නිකම් තියන්න එපා වවමු කියලයි.
 
කොරෝනා වයිරසය පැතිරෙන්න පටන් ගනිද්දි එක පාරටම තමයි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණේ. ඒ ඇඳිරි නීතිය නිසා මට ගෙදර යන්න බැරි වුණා.
 
ඉතින් හැමදාම උදේට දරුවොත් එක්ක වීඩියෝ කෝල් අරගෙන තමයි කතා කළේ.
 
විශ්වගේ ගම එහෙමත් නැත්නම් ගොඩමුන්න ප්‍රදේශය ඕනෑම බෝග වගාවකට සුදුසු අපූරු ප්‍රදේශයක්. ඉතින් අපේ රටේ ඇති වුණු මේ ව්‍යසනයත් එක්ක විශ්වටත් හිතුණලු බෝග වගාවලට වැඩි වශයෙන් හිත යොමු කළොත් කොයිතරම් දුරට මානසික සැනසීමක් වගේම ආර්ථික පසුබිමක් ඇති වේවිද කියලා. ඉතින් ඒ සිතිවිල්ලත් හිතේ තියාගෙන තමයි දැන් විශ්ව ගොවි මහත්තයෙක් වෙන්නත් හදන්නේ.
 
සමන් ප්‍රියංකර නම්මුනිගේ - මව්බිම



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top