Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
19
කොරෝනා අස්සේ පල්ලම කළඹමින්, සැමියාට පොලු පහර දී අවසන් ගමන් යැවූ බිරිඳට වුණු දේ මෙන්න - ඝාතනය කරන්න අසල්වැසියෙකුත් සහයට ඇවිල්ලා

- කොරෝනා අස්සේ පල්ලම කළඹමින්, සැමියාට පොලු පහර දී අවසන් ගමන් යැවූ බිරිඳට වුණු දේ මෙන්න - ඝාතනය කරන්න අසල්වැසියෙකුත් සහයට ඇවිල්ලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,216 Views
මරණයට පත්ව ඇත්තේ 61 හැවිරිදි දෙදරු පියෙක්...

සිද්ධිය ගැන තවත් තොරතුරු රැසක් එළියට එයි...

අසල්වැසියකු සමඟ එක්ව පහරදී තම ස්වාමිපුරුෂයාව මරණයට පත්කළ බිරියක් සහ තවත් පුද්ගලයකු පල්ලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 17දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කරනු ලැබුවා.

ආණමඩුව මහෙස්ත්‍රාත් එස්.පී. දුලංගිකා ජයසිංහ මහත්මිය පොලිසියට නියෝග කළේ මරණකරු සම්බන්ධයෙන් විධිමත් වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ලබාදෙන ලෙසට ය.

මෙසේ පහර කෑමෙන් මරණයට පත්ව ඇත්තේ පල්ලම, ආඩිගම, පෙරියමඩුව පදිංචි වික්‍රමසිංහ ආරච්චිලාගේ රත්නායක නමැති 61 හැවිරිදි දෙදරු පියෙකි.

සිද්ධිය සිදු වූ 16 දින රාත්‍රි මරණකරු සහ ඔහුගේ බිරිය අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර අනතුරුව බිරිය විසින් එල්ල කළ පොලු පහරකින් මරණකරු බිම ඇදවැටීමෙන් අනතුරුව අසල්වාසි ඥාතියකුද මරණකරුට ඉදල් මිටකින් පහරදී ඇති බව පොලිසිය කළ විමර්ශනයකදී හෙළිවී ඇත.

මරණකරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (18දා) පුත්තලම රෝහලේදී පැවැත්වීමට නියමිතය. පුත්තලම පොලිස් අධිකාරි ජේ.පී.එස්. ජයමහ සහ ආණමඩුව සහකාර පොලිස් අධිකාරි එච්.එම්.සී.පී. හේරත් මහතාගේ උපදෙස් මත පල්ලම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලක බණ්ඩාර හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක උපාලි සහ ජයකොඩි ඇතුළු නිලධාරි කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර උප පොලිස් පරීක්ෂක රංජිත් සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

උපුටා ගැනීම - මව්බිම පුවත්පත
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top