Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
18
"මං සතුටින් ඉන්නෙ. ගතිං තුවාල උනාට අපි හිතිං තුවාල නැහැ" - වසර 11 ක් තිස්සේ විඳින නිදහස් සුවයේ සැබෑ අයිතිකරුවන් සොයා හිරු ගිය ගමන - Video

- "මං සතුටින් ඉන්නෙ. ගතිං තුවාල උනාට අපි හිතිං තුවාල නැහැ" - වසර 11 ක් තිස්සේ විඳින නිදහස් සුවයේ සැබෑ අයිතිකරුවන් සොයා හිරු ගිය ගමන - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,390 Views
ඒ මොරාල් එක තියාගෙන අපි ඉදිරියට යන්න තමයි බලන්නෙ - කෝප්‍රල් ප්‍රියදර්ශන කුමාර
පැරා ඔලිම්පික් ගිහිල්ලා ලංකාවට කීර්තියක් ගේන එක තමයි මගේ එකම බලාපොරොත්තුව - සැරයන් මහේෂ් ජයකොඩි

යුද්ධය ලක්මවට ජයග්‍රහණය දිනා දෙමින් එලෙස අවසන් වුවත් ඒ වෙනුවෙන් දිවි කැප කළ පිරිස ගැන අප සැමගේ සිත්තුළ තවමත් ඇත්තේ ගෞරවයක්.

ඒ ගෞරවය මුසු හැඟීමෙන් හිරු ප්‍රවෘත්ති අංශය අද එක්තරා සුවිශේෂී ස්ථානයකට ගියා.

මේ කළගුණ දත් ජාතියක් ලෙස අප අද නොගොස් බැරි ගමනක්.

වෙඩි හඩ නැගෙන කුරුරු යුද බිමක ඇති බිහිසුනු බව හොදින්ම හදුනන්නේ, ඒ අත්දැකීමට සක්‍රීව දායකත්වය සැපයු වීරෝධාර රණවිරුවන්ම පමණයි.
 

දශක තුනක අඳුරු යුගයකින් පසුව අපේ රට, වසර 11 ක් තිස්සේ නිදහසේ සුවය විඳිනවා.

නිදහසේ හුස්ම, හිතට කොයිතරම් නම් සැනසීමක් ද... ඒ හුස්මට ජීවිය දෙන්නට තමන්ගෙ ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නු අපේ අභීත වීරෝධාර රණවිරුවන්ගෙ හිසට සෙවනක් වුනු මිහිදු සෙත් මැදුරයි මේ

මේ පියස යට වෙසෙන්නේ මරණය හෝ යුද ජය බලාපොරොත්තුවෙන් රණ බිමට පිවිසි අප වෙනුවෙන් ජීවිතයට අති බිහිසුනු අත්දැකීම් එක්කරගත් විරුවන් පිරිසක්

සැරයන් උදාර මධුෂංක
තුවාල වුනේ 2008 අක්කරායන්කුළම් බන්ට් එකේදි. මෝටාර් කෑල්ලක් තමයි වැදුනෙ කොන්දට.දැනට කකුල් දෙක පන නෑ.

සැරයන් මහේෂ් ජයකොඩි
මං පුදුකුඩුඉරිප්පු අත්පත් කර ගන්න ක්‍රියාන්විතයට සහභාගීවුයේ ත්‍රස්තවාදීන්ගෙන් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඉගටියෙන් පහල අප්‍රාණික වුණා දැනට මට ඇවිදින්න අමාරුයි.

කෝප්‍රල් ප්‍රියදර්ශන කුමාර
පළවෙනි පාර 2008 තුවාල වුණා.උකුල පරන්තන් ඒ9 පස්බැම්ම කඩන්න ගිහිල්ලා.ඒක හොදවෙලා තමයි ආයෙ ගියේ. 2009. 1.25 මගේ ඔලුවට මෝටාර් කෑල්ලක් තමයි වදින්නෙ.මගෙ ඔළුවෙ පැත්තක් ගලෝගෙන යනවා.

යුද්ධයේ අති බිහිසුණු ප්‍රතිඵල අදටත් අත්විඳිමින් ඔවුන් නිදහස් රටේ දිවිගෙවන්නේ ගිලන් ඇඳක් මතයි.

වසර 11 ක් තිස්සේ මිහිදු සෙත් මැදුරේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් මොවුන් කියාපාන්නේ කොටි සංවිධානයේ කෲරත්වය සහ යුද්ධයේ බිහිසුණු බවයි.

යුද්ධය හේතුවෙන් රෝද පුටුවට සීමාවුවත් ඔවුන්ගේ වීර්්‍යය බිදකුදු සීමාකර නැහැ.

ඔවුන්ගේ එකම අරමුණ වී තිබෙන්නේ, ලැබූ යුද ජයග්‍රහණය සේම දිනූ මව් රටට තව තවත් කීර්තිය අත්කරදීමයි.

සැරයන් මහේෂ් ජයකොඩි
මම රෝද පුටු රේස් පදිනවා.දැනට මම ආබාධිත ඔරු පැදීම්වලින් ආසියානු තරගාවලියේදි ලංකාවට රිදී පදක්කම අරං ආවා.ඉස්සරහ ජීවිතේ තමා පැරා ඔලිම්පික් ගිහිල්ලා ලංකාවට කීර්තියක් ගේන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.

මේ විරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව ඇප කැපව සිටින්නේ ඔවුන් ජාතියේ කෘතගුණ හිමි විය යුතු පිරිසක්වන බැවින්. 

මේ එකම ජාතික ධජයක් යටතේ මාතෘ භූමියට නිදහසේ හුස්ම ගැනීම වෙනුවෙන් තම ජීවිතයේ සුන්දරම කාලය කැප කළ සදාකාලික විරුවන්ගේ නෙනිමි අපේක්ෂාවයි.

ඔවුන් සතු නොපසුබට වීර්යයද ඒ දිරිමත් වදන් වල දෝංකාර දෙනවා. .

කෝප්‍රල් ප්‍රියදර්ශන කුමාර
"රෝද පුටුවෙන් ඉදන් අද මං නැගිටලා ඉන්නවා කියන්නෙ.කොච්චර ජයග්‍රහණයක් ද අද ඒ ගැන මං සතුටින් ඉන්නෙ.ගතිං තුවාල උනාට අපි හිතිං තුවාල නැහැ.කොහොමහරි ඒ මොරාල් එක තියාගෙන අපි ඉදිරියට යන්න තමයි බලන්නෙ.බෑ කියන්නෙ නෑ.ඕන දෙයක් පුළුවන්.මට ඇවිදින්න පුළුවං තව ටිකක් ව්‍යයාම කරලාම උපරිමයෙන්.මං පවුල් ජීවිතයක් ගත කරන්න තමයි ඉදිරියෙදි කල්පනා කරන්නෙ."


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top