Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
18
LTTE යෙන් හිරු මාධ්‍ය ජාලයට එල්ලවූයේ ඉතිහාසයේ මෙරට මාධ්‍ය ආයතනයක් වෙත එල්ල වූ පළමු සයිබර් ප්‍රහාරයයි - Video

- LTTE යෙන් හිරු මාධ්‍ය ජාලයට එල්ලවූයේ ඉතිහාසයේ මෙරට මාධ්‍ය ආයතනයක් වෙත එල්ල වූ පළමු සයිබර් ප්‍රහාරයයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,566 Views
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රවෘත්ති සපයන්නා වූ හිරු මාධ්‍ය ජාලයට අද පෙරවරුවේ සයිබර් ප්‍රහාරයක් එල්ල වුණා.

ඒ මෙතෙක් ඉතිහාසයේ මෙරට මාධ්‍ය ආයතනයක් වෙත එල්ල වූ පළමු සයිබර් ප්‍රහාරයයි.

මෙම සයිබර් ප්‍රහාරය එල්ලවුයේ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයකර වසර 11ක් ගතවන විජයග්‍රහණයේ සැමරුම යෙදී ඇති අද දිනයේ වීමත් විශේෂත්වයක්.

සමස්ත ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙරමුණගෙන සිටින hiru news.lk වෙබ් අඩවියට එල්ල වූ මෙම සයිබර් ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ එල්.ටී.ටී.ඊ හිතවාදී සංවිධානයක් වන දෙමළ ඊළාම් සයිබර් ආම් නැමති සංවිධානයයි.
 

ඒ රූට් -අයිල්ඩ්ස් නැමති හැකර් කණ්ඩායමක් යොදා ගනිමින්.

කුරිරු ත්‍රස්තවාදය පරාජය කිරීමට ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කල ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පරිඝණක ආරක්ෂණ අංශයද සයිබර් ප්‍රහාරයෙන් සිදුවූ හානිය නිවැරදි කිරීම සඳහා ක්ෂණිකව ඉදිරිපත් වී අප වෙත ලබාදුන් දැවැන්ත සහයෝගය පිළිබඳව සිහිපත් කරන්නේ කෘතඥ පූර්වකවයි.

සත්‍ය සහ යුක්තිය උදෙසා ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුවත් සපයන්නා වෙත එල්ල වූ මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂන අංශය ද ප්‍රතිචාර දැක්වුවා.

මේ සයිබර් ප්‍රහාරය හමුවේ නොසැලී, hirunews.lk වෙබ් අඩවිය නැවතත් අප සතු කරගන්නට හිරු තාක්ෂණික කණ්ඩායමට ගත වුයේ විනාඩි කිහිපයක් පමණයි.

යුධමය පරාජයත් සමඟ ඊලාම් සිහිනය බො‍ඳවුණු කොටි ත්‍රස්තවාදීන් සිය අන්තවාදී අභිමථාර්තයන් මුදුන් පමුණුවා ගැනීමට සයිබර් අවකාශය යොදා ගැනීමට පසුගිය වසර කිපය තුළදී අවස්ථා කිහිපයකදී උත්සාහ කළා.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අන්තවාදී මත පතුරුවාලීමට ත්‍රස්තවාදී අරමුදල්, ඩොලර් බිලියන ගණනින් වැය කරන මෙවැනි උත්සාහයන්ද යුධමය ත්‍රස්තවාදය පරාජය කළාසේම පරාජයට පත් කල යුතුවනවා.

අද වන විට මෙම අන්තවාදය සිය ත්‍රස්තවාදී අරමුදල් යොදවමින් දේශීය මාධ්‍ය ආයතන මිලදී ගැනීම දක්වා පුළුල්වී තිබෙනවා.

මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අදහස් පළ කළේ හිරු නාළිකාවේ රට සහ හෙට වැඩසටහනට එක්වෙමින්.

අන්තවාදයට එරෙහිව පොදු මහජනතාව වෙනුවෙන් අපක්ෂපාතීව සිය මාධ්‍ය මෙහෙවර නොබියව ඉටු කරන මෙරට ප්‍රමුඛතම මාධ්‍ය ජාලය මෙවැනි හැකර්වරුන් විසින් තෝරා ගන්නේ මන්ද..?

ජනතා විශ්වාසයේ ශක්තියෙන් ඉහළටම ඔසවා තැබූ අපගේ ජනතාවාදී මාධ්‍ය මෙහෙයුම් ආපසු හැරවීමට අන්තවාදී කණ්ඩායම් සහ ත්‍රස්තවාදී අරමුදල්වලින් රට මෙහෙය වන්නන් දරණ මෙවැනි පහත් උත්සාහයන් හමුවේ කිසිදු ලෙසකින්වත් පරාජයවීමට සූදානම් නැහැ.

එල්.ටී.ටී.ඊ.යේ අතකොලු බවට පත්වෙමින් ත්‍රස්තවාදී උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින ඇතැම් මාධ්‍ය මෙන් නොව, හිරු මාධ්‍ය ජාලය නොබියව රට වෙනුවෙන් නිරතුරුව පෙනී සිටින බැවින් මෙවැනි නිර්ලජ්ජිත ප්‍රහාරයන්ට ඉලක්කවීම අප අභියෝගයක් කොට සලකන්නේ නැහැ.

එදා පටන් අද දක්වා හිරු සමඟ සබැඳි ජනතා විශ්වාසය අපට නිරතුරු ශක්තියක් වන බව අපට සහතිකයි. ඒ විශ්වාසය සමඟින් තවදුරටත් රට වෙනුවෙන් අප අපගේ හඬ නොබියම අවදි කරන බවටත් අප සහතික වනවා.

රූපවාහිනී, ගුවන්විදුලි ක්ෂේත්‍රවල මෙන්ම සයිබර් අවකාශය තුළ ද පළමු තැන අත්පත් කරගෙන සිටින හිරු, ඒ හරහා මෙරට ජනතාවට තොරතුරු කඩිනමින් බෙදා දෙන ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කරනවා.

එමෙන්ම ලොව පිලිගත් වෙබ් අඩවි ශ්‍රේණිගත කිරීමේ ඇලෙක්සා alexa වාර්තාවට අනුව මාසිකව මිලියන 2.3ක පරිශීලකයන් සතු ලංකාවේ අංක එකේ ත්‍රෛභාෂික ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන්නේ hiru news.lk වෙබ් අඩවියයි.

එමෙන්ම පක්ෂ, පාට, භේද පසෙකලා සමස්ත ජනතාව වෙනුවෙන්ම පමණක් පෙනී සිටින හිරු නිව්ස් පසුගිය කාලවකවානුව පුරාම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සම්මාන රැසකින් පිදුම් ලැබුවේ ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන්, අසාධාරණයට එරෙහිව පෙරමුණේ සිටි නිසයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top