Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
18
කොටි පරදා වසර 11 යි - ත්‍රස්තවාදයේ කෲරත්වයත්, එය පැරදවූ ආරක්ෂක අංශවල විශිෂ්ඨත්වයත්, ඒ වෙනුවෙන් ලැබුණු අද්විතීය නායකත්වයත් ගැන අතීතාවර්ජනය - Video

- කොටි පරදා වසර 11 යි - ත්‍රස්තවාදයේ කෲරත්වයත්, එය පැරදවූ ආරක්ෂක අංශවල විශිෂ්ඨත්වයත්, ඒ වෙනුවෙන් ලැබුණු අද්විතීය නායකත්වයත් ගැන අතීතාවර්ජනය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

94 Views
දශක තුනක් පුරා මෙරට ජනතාව පෙලූ ත්‍රස්තවාදයට නැවතීමේ තිත තබා අදට වසර 11 ක් සපිරෙනවා.

මේ ත්‍රස්තවාදයේ කෲරත්වයත්, එය පැරදවූ ආරක්ෂක අංශවල විශිෂ්ඨත්වයත්, ඒ වෙනුවෙන් ලැබුණු අද්විතීය නායකත්වයත් ගැන සිදුකරන අතීතාවර්ජනයක්.

ඉතිහාසයේ වසර ගණනක් පුරා දේශපාලන මතවාදී ගැටුමක් ලෙස වර්ධනය වෙමින් පැවති අර්බුදය සටන්කාමී මුහුණුවරක් වෙත නැඹුරුවන්නේ 1976 වසරේ LTTEය හෙවත් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය බිහිවීමත් සමගයි.

යාපනය නරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා 1975 වසරේදී ඝාතනය කරමින් කොටි සංවිධානය සිය ඝාතන රැල්ල ආරම්භ කළා.
 

1983 වසරේ පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමේ පටන් කොටි සංවිධානය මෙරට ජීවිත දහස් ගණනක් බිලිගත්තා.

ජයශ්‍රී මහා බෝධියත්, ශ්‍රී දළදා මාළිගාවත් එම ත්‍රස්ත ප්‍රහාරවලට ඉලක්ක වුණා.

1987 ජුලි මාසයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ව සිය ඊළාම් රාජ්‍ය සිහිනය වෙනුවෙන් යොදාගත් LTTEය මරාගෙන මැරෙන ප්‍රහාර 380ක් පමණ සිදුකරමින් ලක් මාතාව බියගැන්වීමේ උත්සාහයක නිරත වුණා.

ඉන්දු ලංකා සාම ගිවිසුම් මෙන්ම නෝර්වේ රාජ්‍යයේ මැදිහත් වීමෙන් සිදුකළ සාම ප්‍රයත්නයන් ව්‍යර්ථවී ගියේ LTTE බෙදුම්වාදීන්ගේ ලේ පිපාසයට යුධමය විසඳුමක් අවශ්‍ය බව පෙන්වා දෙමිනුයි.

1990 වසරේ ඊළාම් යුද්ධයේ දෙවැනි අදියර ඇරඹුණේ නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් 600ක් අමුඅමුවේ මරා දමමින් LTTEය ප්‍රදර්ශනය කළ කෲරත්වයත් සමගයි.

ඉන් නොනැවතුණු කොටි සංවිධානය මායිම් ගම්මාන මෙරට බස් වහරට හඳුන්වාදීමට සිදුවන පරිද්දෙන් සාමාන්‍ය වැසියන් දඩයම් කිරීම ඇරඹුවා.

අසරණ අහිංසක ජනතාව සවස් කාලයේ පණ බේරා ගැනිමට වනගතවීම පුරුද්දක් කොටගත්තේ කොටි සංවිධානයේ කෲරත්වය හමුවේ තම ජීවිත ගැන අබමල් රේණුවක්වත් විශ්වාසයක් තැබිය නොහැකි බැවින්.

කොටි සංවිධානයේ නිය පහරට ලක්වූයේ සිංහල ජනතාව පමණක් නොවේ 72,000ක් මුස්ලිම් ජනතාව උතුරෙන් පන්නා දැමූ ත්‍රස්තවාදීන් සිය අමානුෂිකත්වය මොනවාට ප්‍රදර්ශනය කළා.

1992 වසරේ අගෝස්තුවේ අරාලි තුඩුවේදී මෙරට කීර්තිමත් රණවිරුවන් වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න සහ මොහාන් ජයමහ LTTE පිඩන බෝම්බයකට බිලිවූයේ අවාසනාවන්ත ලෙසයි.

ඊළාම් යුද්ධයේ දෙවන පියවර අවසාන වන්නේ 1993 වසරේ පුනරින් සටනේදී රණවිරුවන් 700කට ආසන්න සංඛ්‍යාවක් බිලිගැනීමෙන් පසුවයි.

2000 වසරේදී අලිමංකඩ කඳවුර යුධහමුදා විරුවන් 1008 දෙනෙකුගේ අවසන් සුසුම් මැද අත්පත් කරගත් කොටි සංවිධානය ලක්බිම බෙදා වෙන් කිරීමේ කුරිරු සටන තවදුරටත් පුළුල් කළා.

2002 – 2006 අතර කාලයේදී සටන් විරාමයක් ප්‍රකාශයට පත්කළ, පැවති එක්සත් ජාතික පක්ෂ රජය සටන් විරාම ගිවිසුමකුත් අත්සන් තැබීමෙන් පසු සාම සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවා.

නමුත් 2005 වසරේදී හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා ඝාතනය කරමින් ඔවුන් ලෝකයට ප්‍රදර්ශනය කළේ සිය සිත්පිත් නැති ලේ පිපාසයේ තරමයි.

2006 වසරේ මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු කොටි සංවිධානය වියරු වැටුණා.

ගරිල්ලා සටන් ක්‍රම උපයෝගි කර ගනිමින් ඔවුන් මිනිස් ජීවත වැඩි වැඩියෙන් බිලිගත්තා.

කැබිතිගොල්ලෑවේදී බස් රථයකට බෝම්බ අටවා කුඩා දරුවන් ඇතුළු 64ක් බිලිගත් සිද්ධියෙන් පැය කිහිපයකට පසු එහි ගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් LTTEය පරාජය කිරිම ගැන තීරණාත්මක අධිෂ්ඨානයකට පැමිණියා.

එදිනම සවස් කාලයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොටි ඉලක්ක සොයා ගුවන් ගතවුණේ ඒ අනුවයි.

කොටි සංවිධානයට මෙලෙස පරාජයේ ඉව වැටෙද්දී ඔවුන් සිදුකළේ මාවිල්ආරු සොරොව්ව වසා දමමින් පවුල් 15000ක් අසරණ කිරිමයි.

ජනතාවගේ මූලික අවශ්‍යතාවක් අවහිර කිරීම සාකච්ඡා කිරීමට පවා නොහැකි තරමේ මානව හිමිකම් උල්ලංඝණයක් බව පැවසූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අණින් ක්‍රියාත්මක ත්‍රිවිධ හමුදා විරුවන් 2006 ජුලි 26 මාවිල්ආරු සොරොව්ව විවෘත කළා.

ඉන් ආ ජල කඳ සේම යුද විජයග්‍රහණයේ සටන්කාමි රැල්ලක්ද ඒ සමග ආරම්භ වුණා.

2006 දෙසැම්බරයේ රජය නැගෙනහිර මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ කළ අතර, තොප්පිගල මුදාගැනීමෙන් පසු 2007 ජූලි මාසයේදී නැගෙනහිර LTTE බලය සහමුලින්ම බිඳ දැමුවා.

මේවන විට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් රණ පෙරමුණට මග පෙන්වමින් ඔවුන්ට දිරියක් වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රජය නිල වශයෙන් කොටි සංවිධානයට එරෙහි සටන 2008 වසරේදි දියත් කළ පසු රණවිරුවන් පසුපස සෙවණැල්ලක් මෙන් සිටියා.

එපමණක් නොව ජයග්‍රහණයෙන් කෙළවර කළ හැකි සැලසුම් රැසක්ම ඔහු විසින් පෙන්වා දුන්නා.

උතුරේ බලය අත්පත් කර ගනිමින් ආරක්ෂක හමුදාව මන්නාරම හරහා කිලිනොච්චිය බලා ගමන් ඇරඹුවේ 2008 අගභාගයේදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව අහසින් කොටි ඉලක්ක සුණු විසුණු කරද්දී නාවික හමුදාව රට වට බැඳි රන් වැටක් මෙන් නොසැලී ලක්මව සුරකින සටනට දිරි දුන්නා.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේත් නොපසුබට වීර්යයෙන් දිරිය ලත් ත්‍රිවිධ හමුදාව ඇතුළු සමස්ත ආරක්ෂක අංශ පමණක් නොව මුළු රටම විජයග්‍රහණයේ බලාපොරොත්තුවෙන් දැස් දල්වා බලා සිටියා.

කුරිරු LTTEය මේවන විට යුද මුක්ත කලාපයක් තුළට තල්ලු වෙමින් සිටියේ පරාජය හැර අන් විකල්පයක් ඔවුනට ඉතිරි නොවූ පසුබිමකයි.

LTTEය දෙමළ ජනතාව භීතියට පත් කරමින් ගෙන ගිය බිහිසුණු පාලනයේ සාක්ෂි උතුරෙන් හමුවු අතර, LTTE නායකයින් සෙවූ සුපිරි ජීවිතවල නිරුවත ලෝකය හමුවේ හෙලිදරව් වෙමින් තිබුණා.

අප්‍රේල් මස 25 වනවිට වර්ග කිලෝමිටර් 10කට සිමාවී සිටි කොටි ත්‍රස්තයින් යුධමුක්ත කලාපයේ සිටි දෙමළ ජනතාව පළිහක් ලෙස යොදා ගනිමින් ඔවුන්ට මුවාවි ප්‍රහාර එල්ල කිරීම ඇරඹුවා.
නමුත් සිවිල් ජනතාව ඒ වනවිටත් ඒ ඝාතන සංස්කෘතිය හැරදමා හමුදාවේ රැකවරණ පතා පැමිණීමට පටන්ගෙන තිබුණා.

යුද හමුදාව සිය මානුෂ්‍යත්වයේ දෑත ඔවුන් වෙත පිරිනමමින් ලොවට ප්‍රදර්ශනය කළේ මේ සටන ත්‍රස්තවාදයට එරෙහි වූවක් පමණක් බවයි.

වසර 25කුත් මාස 9ක් හා සති තුනකුත් දින 4ක් පුරා ලක්මව භීතියට පත්කළ LTTEයේ බිහිසුණු යුගය අවසන් කිරීමේ අවසන් සටන ඇරඹුණේ 2009 මැයි 16 වැනිදා.

මේ වනවිට ජෝර්දානයේ G 11 සමුළුවට එක්වෙමින් සිටි ජනාධිපති හින්ද රාජපක්ෂ මහතා ලොවට පැවසුවේ මව්බිම LTTE ග්‍රහණයෙන් මුදාගත් බවයි.

සමුළුව අමතා මබ්බිම වෙත පැමිණි එතුමන් මේ විශිෂ්ඨ දිවයිනට මිනිසෙකු ලෙස පුදකළ හැකි ඉහළම නමස්කාරය පුදකළේ මව්බිමේ විජයග්‍රහණය සංකේතවත් කරමින්.

2009 මැයි 18 වැනිදා හිරු උදාවුණේ මව්බිමට නව යුගයක අරුණැලි උදාකරමින් වුවත් එදින රාත්‍රිය පුරා නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව දරුණු ගැටුම් පැවතියා.

හිරු උදාවී පැය කිහිපයක් ගතවත්ම රටක් භීතියට පත්කළ කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් එම ගැටුමේදී මියගිය බව තහවුරු වුණා.

රටක් බියපත් කළ බිහිසුණු යුගයක නිමාව එලෙස සටහන් වුණේ එතෙක් මෙතෙක් කල් මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සියලුදෙනාගේ අවසන් සුසුම් රැගත් වා තලයට විජයග්‍රහණයේ රණ ඝෝෂා හඬ මුසු කරමින්.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top