Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
18
හිරුට එල්ල වූ එල්.ටී.ටී.ඊ සයිබර් ප්‍රහාරය

- හිරුට එල්ල වූ එල්.ටී.ටී.ඊ සයිබර් ප්‍රහාරයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන hirunews.lk වෙබ් අඩවියට අද පෙරවරු 7.30 ට පමණ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ලවුණා.
 
සත්‍ය සහ යුක්තිය උදෙසා ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම මාධ්‍ය ජාලය වන හිරු මාධ්‍ය ජාලයට අයත් hirunews.lk වෙබ් අඩවියට සයිබර් ප්‍රහාර කිහිපයක් මෙලෙස එල්ලවී තිබෙනවා.

සමස්ත මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට එල්ලවූ මෙම දැවැන්ත ප්‍රහාරය, මෙහෙයවා ඇත්තේ එල්.ටී.ටී.ඊ. හිතවාදී සංවිධානයක් වන දෙමළ ඊළාම් සයිබර් ආම් නැමති සංවිධානයයි.
 
ඒ,රූට් - අයිල්ඩිස් නැමති හැකර් කණ්ඩායමක් යොදාගනිමින්.
 
ප්‍රමුඛතම වෙබ් අඩවිය වන hirunews.lk වෙබ් අඩවියට මෙම දැවැන්ත සයිබර් ප්‍රහාරය එල්ලවන්නේ කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර වසර 11 ක් ගතවන විජයග්‍රහණයේ සැමරුම යෙදී ඇති අද දිනයේදී වීම විශේෂත්වයක්.
 
යුදමය පරාජයත් සමඟ භූමිය අහිමිවූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය සිය අන්තවාදී අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට සයිබර් අවකාශය යොදාගැනීම පසුගිය වසර කිහිපයක් තුළද අත්දුටු සත්‍යයක්.
 
ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අන්තවාදී මත පතුරුවාලීමට ත්‍රස්තවාදී අරමුදල් ඩොලර් බිලියන ගණනින් වැය කරන මෙවැනි උත්සාහයන් ද මානුෂිය මෙහෙයුම පරාජය කළ සේම පරාජයට පත් කළ යුතුවනවා.
 
අද වනවිට මෙම අන්තවාදය සිය ත්‍රස්තවාදී අරමුදල් යොදවමින් දේශීය මාධ්‍ය ආයතන මිලදී ගැනීම දක්වා ඔවුන්ගේ අණසක පුළුල්වී තිබෙනවා.
 
අන්තවාදයට එරෙහිව පොදු මහජනතාව වෙනුවෙන් අපක්ෂපාතීව සිය මාධ්‍ය මෙහෙවර ඉටුකරන මෙරට ප්‍රමුඛතම මාධ්‍ය ජාලය ඔවුන් තෝරාගනු ලබන්නේ හේතු සාධක රැසක් තිබීම හේතුවෙන්.
 
ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් කලාව, ගුවන් විදුලි කලාව මෙන්ම ප්‍රවෘත්ති පළ කෙරෙන වෙබ් අඩවි සංස්කෘතිය ද හිරු නිව්ස් සන්නාමය විසින් මේ වනවිටත් මුළුමනින්ම අත්පත් කරගෙන අවසන්.
 
ලොව පිළිගත් වෙබ් අඩවි ශ්‍රේණිගත කිරීමේ Alexa වාර්තාවට අනුව මාසිකව මිලියන 2.3 ක පරිශීලකයන් සතු ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති වෙබ් අඩවිය hirunews.lk වෙබ් අඩවියයි.
 
එපමණක් නොව ගූගල් Analytics දත්ත අනුව මාසිකව මිලියන 2.5 ක පරිශීලකයන් සතු මෙරට තුළ තිබෙන අංක එකේ ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන්නේ ද hirunews.lk වෙබ් අඩවියයි.
 
පක්ෂ, පාට, පන්ති, කුලමල භේද පසෙක ලා ජනතාව වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටින හිරු නිව්ස් පසුගිය කාල වකවානුව පුරාවටම ජනතාව වෙනුවෙන් අන්තවාදයට එරෙහිව දැඩි ලෙස පෙනී සිටියා.
 
එවන් පසුබිමක අප මාධ්‍ය මෙහෙයුම ආපසු හැරවීමට අන්තවාදී කල්ලි කණ්ඩායම් සහ ත්‍රස්තවාදී අරමුදල් මෙහෙයවන්නන් දරණ මෙම උත්සාහයට කිසිදු ලෙසකින් යටත්වීමට අප සූදානම් නැහැ. අප වෙත එල්ල කළ දැවැන්ත සයිබර් ප්‍රහාරය හමුවේ නොසැලී එය, යළි යථා තත්වයට පත් කිරීම සඳහා පොදු මහජනතාව වෙනුවෙන් අප තාක්ෂනික කණ්ඩායම නිරතව සිටින්නේ දැඩි උත්සාහයකයි.
 
කුරිරු ත්‍රස්තවාදය පරාජය කිරීමට ප්‍රමුඛතම කාර්ය භාරයක් ඉටු කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එහි පරිගණක ආරක්ෂණ අංශය මේ වනවිට සයිබර් ප්‍රහාරයෙන් සිදුවූ හානිය නිවැරදි කිරීම සඳහා කටයුතු කරමින් සිටිනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top