Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
21
"උදේ පහමාරත් හයත් අතර තමා ඒ සුබ පැතුම එන්නේ. ඉතින් මමත් ඒ සුබපැතුම පිළිගන්න ඒ වෙලාවට බලාගෙන ඉන්නවා..." - ජනක් ප්‍රේමලාල්

- "උදේ පහමාරත් හයත් අතර තමා ඒ සුබ පැතුම එන්නේ. ඉතින් මමත් ඒ සුබපැතුම පිළිගන්න ඒ වෙලාවට බලාගෙන ඉන්නවා..." - ජනක් ප්‍රේමලාල්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,017 Views
මැයි 15 සිකුරාදා. මම උපන්නේ 1959 මැයි 15. එදත් සිකුරාදා දවසක්. ඒ නිසාත් මේ උපන් දිනයේ විශේෂත්වයක් තියෙනවා. අනික එදාට මට අවුරුදු 61ක් වෙනවා.

උපන් දිනය සමරන්න පුරුදු වෙලා තියෙන්නේ කොහොමද?
ඒක දවසෙ හැටියට වෙනස් වෙනවා. ඒ කියන්නේ මගෙ උපන් දිනේ එන්නේ සිකුරාදා සෙනසුරාදා, ඉරිදා දවසක නම් උපන් දිනේ සමරන්නෙ නාට්‍ය වේදිකාවේදී. ඒ දවස් තුනම අනිවාර්යයෙන්ම මං ඉන්නේ ලංකාවේ කොතැනක හෝ වේදිකාවක. එතකොට උපන් දිනේ සමරන්නේ තුන හමාරේ දර්ශනය ඉවර වෙලා හය හමාරෙ දර්ශනය පටන් ගන්න කලින් තියෙන පුංචි විවේකයේදී. ඒක දැන් සම්ප්‍රදායක් වගේ වෙලා. කවුරුහරි නළුවෙක්ගේ නිළියක්ගෙ උපන් දිනයක් තියෙනවා නම් එහාට කේක් ගෙඩිය ගේන්නෙත් නාට්‍ය නිෂ්පාදකම තමා. ඉතින් කට්ටිය එකතු වෙලා කේක් ගෙඩිය වටේට ඉටිපන්දම් ගහලා, හැපී බර්ත් ඩේ ටූ යූ කියනකොට කේක් ගෙඩිය කපලා හැමෝටම කට කට කවනවා. ඒක හරි සුන්දර අත්දැකීමක්.
එතකොට උපන් දිනේ එන්නෙ සතියෙ අනිත් දවස්වලින් එකකදි නම් උපන් දිනය සමරන්න වෙන්නෙ දර්ශන තලයකදී. මොකද අපි ටෙලිනාට්‍ය නළුවො විදිහට සතියෙ මේ දවස්වලදි මොකක් හරි ටෙලියක රඟපානවනෙ. ඉතිං ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකමයි කේක් ගෙඩිය ගෙනල්ලා උපන් දිනේ සමරන්නේ. ඒකත් හරි සුන්දර අවස්ථාවක්.

හාදු වැස්සක්?
හාදු වැස්සක්....

ඔයා උපන් දවසෙමයි නේද ලෝචනා ඉමාෂි ඉපදිලා තියෙන්නේ. එදාට ‘‘සේම් ටූ යූ’’ කියන්න ඇතිනෙ.
ලෝචනා හුඟාක් ටෙලිනාට්‍ය වල මගෙ දුවට රඟපාලා තියෙනවා. හැබැයි උපන් දිනයක් දවසක එකම දර්ශන තලයකදී නම් හමුවෙලා නෑ. සේම් ටූ යූ කියලා කියන්නෙ දුරකථනයෙන් තමා.

අපි ඔය කතා කළේ මෑත අවුරුදුවල සමරපු උපන් දින ගැනනෙ. ඈත අවුරුදුවලට ගියොත්? ඒ කියන්නේ පුංචි කාලෙ.
පුංචි කාලෙ උපන් දිනයක් ආපුවහම අම්මා උදේම කිරිබත් හදලා දෙනවා. හැබැයි අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරුනෙ. ඒ නිසා ඒ දෙන්නම උදෙන්ම ස්කෝලෙ යනවා. ඊට පස්සෙ මට පන්සල් යන්න වෙන්නෙ මාමත් එක්ක. අපි යන්නෙ කරන්නාගොඩ පන්සලට. ඉතින් බුදුන් වැඳලා එහෙම ඉවර වුණාට පස්සේ නායක හාමුදුරුවො ආශිර්වාද කරන්නේ ඔලුව එහෙම අතගාලා, අතේ පිරිත් නූලක් එහෙම බැඳලා. ඊට පස්සෙ කැවිලි පෙවිලි තියලා කන්න කියනවා. තේ හදලා දෙනවා.

ඒ කාලෙ තෑගි එහෙමත් හම්බ වෙනවා ඇති?
අම්මගෙන් තාත්තගෙන් ලැබෙන්නෙම කතන්දර පොත්. මොකද ඒ දෙන්නටම ඕනෑ පුළුවන් තරම් අපිව අධ්‍යාපනය පැත්තට යොමු කරන්න. පොතපතට, කියවීමට යොමු කරන්න.

හැබැයි නැන්දලා මාමලගෙන් මහප්පලගෙන් ගන් නෑදැයන්ගෙන් ලැබෙන්නේ සෙල්ලම් බඩුවක්, සුවඳ සබන් කැටයක් වගේ දෙයක්.

උපන් දිනේට සුවඳ සබන්?
ඔව්. මං මේ කියන්නෙ නවසිය හැට ගණන් සහ හැත්තෑ ගණන්වල මුල් අවුරුදු ගැනනෙ. ඔය කාලෙ පිරිමි ගැහැණු කොයි කවුරුත් ඇගේ ගාන්නෙ සන්ලයිට් සබන්. ඒ කාලෙ සුවඳ සබන් ඇඟේ ගාන්නේ අලුත ගෙනා මනමාලියො. ලමිස්සියො වගේ අය මේ කාලෙ සුවඳ සබන් සැලකුණේ සුඛෝපභෝගී භාණ්ඩයක් විදිහට. ඒකනේ අපේ තාත්තා, රාජ කපුරු නාට්‍යයට සුවඳ සබන් ඇඟගාලා හායි හායි කියලත් ලිව්වේ. හුඟාක් වෙලාවට ලැබුණේ රාණි සබන් කෑල්ලක්. ඒක නිල්පාටයි. පුදුම මිහිරි සුවඳක් තිබුණේ.

ඉතින් උපන් දිනේ දවසට මම මාමත් එක්ක කරන්නාගොඩ ඔයේ නාන තොටුපොළට යන්නෙ අර සුවඳ සබන් කෑල්ලත් අරගෙන. ඔය නාන තොටුපොළේ ඕනෑම වෙලාවක හත් අට දෙනෙක් වගේ නානවා. ගෑනු දිය රෙදි ඇඳල, පිරිමි අමුඩ ගහලා. මමත් ඉතින් ඔතන නාලා සුවඳ සබක් ගාලා සුවඳ ගහ ගහ ගෙදර එන්නේ පනිට්ටුවට කිරිමැටි ටිකකුත් එකතු කරගෙන.

ඔය පුංචි දවස්වල ලැබුණු අමතක නොවන තෑගිත් ඇති.
මාමගෙ කරත්තෙ අමතක වෙන්නෙම නෑ. ඔය අපේ මාමට එක එක දේවල් හරි අපූරුවට නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මාමා මගේ උපන් දිනේට සතියකට වගේ කලින් ඉඳලා කරත්තයක් හදන්න පටන් ගත්තා. ලොකු ලී කඳකින් රෝද දෙකක් කපලා. ඒ රෝද දෙක ලොකු ලීයකින් සම්බන්ධ කරලා, ඒ මැදින් ලෑල්ලක් ගහලා කරත්ත තට්ටුව හැදුවා. ඊට පස්සේ කඩේට ගිහින් සන්ලයිට් පෙට්ටියක් ගේනවා. ඒ කාලෙ සන්ලයිට් දාලා එවන්නේ ලොකු ලී පෙට්ටිවල. මේ පෙට්ටිය අර කරත්තෙට හයිකළාම හරිම ෂෝක්. මගෙ උපන් දිනේ දවසෙදි මාමා මාව අර කරත්තෙ ඉන්දවගෙන හම පුරාම තල්ලු කරගෙන ගියා. ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.

ටික ටික ලොකු මහත් වෙලා ඉලන්දාරි වෙද්දි, ස්කෝලෙ යාලු කෙල්ලො මොනවද තෑග්ගට දුන්නේ?
ලේන්සු. රෝස මල්, කුරුල්ලො මහපු පුංචි ලේන්සු, මොකද ඔය කාලෙ කඩවල්වල ලේන්සු විකුණන්න තිබුණෙ නැහැ​නෙ. පිරිමි ලේන්සුවක් කියලා කඩෙන් ඉල්ලුවොත් හම්බවෙන්නෙ අර අමුඩෙ ගහන කම්බ ලේන්සුව. ඒ හින්දා කෙල්ලෙක්ගෙන් ලැබෙන මේ මල් මහපු ලේන්සු බොහොම වටිනා තෑගි. ඒ කාලෙ සල්පිල්වලදි වුණත් වැඩිම ලන්සුවට යන්නෙ ලේන්සු පෙට්ටිය.

අද ඔබේ බිරිඳ ඔබට ඉස්සෙල්ලාම දුන්නු උපන් දින තෑග්ග ​මොකද්ද?
මැක්‍රම් එකක්. ඔය මැක්‍රම් මහන්න ගැහැණු ළමයි දවස් ගානක් මහන්සි වෙනවා. ඉතින් මගේ උපන් දිනේටත් හුඟාක් මහන්සි වෙලා තමයි ඔය මැක්‍රම් එක හදන්න ඇත්තේ.

අපි උපන් දින සුබ පැතුම් ගැනත් කතා කරමු.මෙච්චර කාලකට ලැබුණු විශිෂ්ඨතම උපන් දින සුබ පැතුම ලැබුණෙ කාගෙන්ද?
අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයගෙන්. එයා ජනාධිපතිව හිටපු කාලෙත් විපක්ෂෙ හිටපු කාලෙත් හැම අවුරුද්දෙම මගෙ උපන් දිනේට මට සුබ පැතුවා. උදේ පහමාරත් හයත් අතර තමා ඒ සුබ පැතුම එන්නේ. ඉතින් මමත් ඒ සුබපැතුම පිළිගන්න ඒ වෙලාවට බලාගෙන ඉන්නවා. ඒත් එතුමා ජනාධිපති කාලෙ මගෙ උපන් දිනේ දවසක එතුමා හිටියෙ නයිජීරියා ගිහින්. ඒ නිසා මට සුබ පතන එකක් නැහැ කියල හිතුණා. ඒත් පුරුද්දට වගේ මම පහ මාරේ ඉඳලා උදේ හත විතර වෙනතුරුම බලන් හිටියා. සුබ පැතුම ආවෙ නෑ. ඒත් එදා උදේ දහයට විතර එතුමා මට කතා කළා. මම ඩුබායි එයාපෝට් එකේ ඉන්නේ ජනක්. උපන් දිනේට හෙට සුබ පතලා වැඩක් නැති නිසයි මම මේ කතා කළේ කියලා එතුමා මට සුබ පතලා ඉස්සරහට තව හොඳට රඟපාන්න. අපි ඒ රඟපෑම් ආශාවෙන් බලා ඉන්නවා කියලා කිව්වා. රටේ නායකයා, අපි වගේ කලාකරුවෙක් මේ විදිහට අගය කරන එක අපිට අභිමානයක් වගේම ලොකු සතුටක් ගේන කාරණයක්.

එතකොට ජනක් මෙදා උපන් දිනේ?
නෝනා උදේම කිරිබත් හදයි. මමයි නෝනයි දුවයි බෑනයි මුණුපුරයි අම්මයි තාත්තයි එක්ක තමා උපන් දිනේ සමරන්න වෙන්නේ.

ශාන්ත කුමාර විතාන
ලංකාදීප
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top