Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
'අම්ෆන්' සුළි කුණාටුව ඉදිරි පැය 12 තුළ දී චණ්ඩ සුළි කුණාටුවක් වෙයි - දිස්ත්‍රික්ක දහයකට නිකුත් කරපු අනතුරු ඇඟවීම මෙන්න - Video

- 'අම්ෆන්' සුළි කුණාටුව ඉදිරි පැය 12 තුළ දී චණ්ඩ සුළි කුණාටුවක් වෙයි - දිස්ත්‍රික්ක දහයකට නිකුත් කරපු අනතුරු ඇඟවීම මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,128 Views
වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ රත්නපුර - කුඩව ප්‍රදේශයෙන්
දිවයින හරහා සුළඟේ වේගය විටින් විට වෙනස් වෙයි..
 
අම්ෆන් සුළි කුණාටුව ඉදිරි පැය 12 තුළ දී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුමාන කරනවා.
 
එය ඉදිරි පැය 24 තුළ දී උතුරු දෙසටත්, ඉන් අනතුරුව උතුරට බරව ඊසාන දෙසට හැරී බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
 
එහි බලපෑම හේතුවෙන් දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකියි.

මේ අතර, අද පෙරවරු 8.30 සිට මේ දක්වා කාලසීමාව තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ රත්නපුර - කුඩව ප්‍රදේශයෙන්.
 
එය මිලිමීටර් 66ක් වන අතර, මස්කෙලිය ප්‍රදේශයෙන් මිලිමීටර් 43.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
 
එමෙන්ම, වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක 10කට පනවා ඇති නාය යාමේ අවදානම ද යළිත් දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කෑගල්ල, කළුතර, කොළඹ, කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට හෙට දහවල් 2 දක්වා මෙම නාය යාමේ අවදානම දීර්ඝ කර ඇති බවයි.
 
මේ අතර, පවතින වර්ෂාපතනයෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කටයි. එම දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.
 
එමෙන්ම, පැවති වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ තද සුළඟකින් ඇල්පිටිය - උතුර ග්‍රාම සේවා වසමේ කැටපොළ ජනපදය නිවාස 35කට හානි සිදුව තිබෙනවා.
 
මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 33කට ද අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
 
කැළණි, කළු, ගිං, අත්තනගලූ, දැදුරු සහ මහ ඔය අවට සිටින ජනතාව ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ සුගීෂ්වර සීනිපැල්ල කියා සිටියේ.
 
දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත්, 60ත් දක්වා වැඩි විය බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
 
පුත්තලමේ සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ තවදුරටත් රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබදව අවදානය යොමු කරන ලෙසටයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
 
මේ අතර, අරණායක - සාමසර කන්ද නාය යාමේ ඛේදවාචකයට අදට වසර 4ක් සම්පූර්ණ වනවා. 2016 වසරේ අද වන් දිනෙක සිදුවූ මෙම ඛේදවාචකයෙන් පුද්ගලයින් 32 ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් විශාල පිරිසක් අවතැන් වුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top