Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
කොරෝනා අස්සේ, 15 හැවිරිදි දැරියක සමඟ අඹු සැමියන් ලෙස හැසිරුණු තරුණයෙකුට අවසානයේදී සිදු වුණ දේ

- කොරෝනා අස්සේ, 15 හැවිරිදි දැරියක සමඟ අඹු සැමියන් ලෙස හැසිරුණු තරුණයෙකුට අවසානයේදී සිදු වුණ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,241 Views
මාසයකට වැඩි කාලයක් අඹුසැමියන් ලෙස හැසිරිලා..

රාත්‍රීය පමණක් වෙනම නිවසක ගත කරලා..

වයස අවුරුදු 15ක දැරියක් සමඟ අඹු සැමියන් ලෙස හැසිරුණු සැකකරුවෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඊයේ (16) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

දැරිය නිවසින් අතුරුදන් වී ඇති බවට ඇගේ පියා විසින් නිට්ටඹුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව සැකකරු සහ දැරිය නිට්ටඹුව, හග්ගල්ල ප්‍රදේශයේ නිවසක සිටියදී පොලිසිය විසින් සොයා ගැනුණා.

එහිදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණු අතර එහිදී අනාවරණය වී ඇත්තේ දැරිය සහ සැකකාර තරුණයා පෙම් සබදතාවයක් මත මාස එක හමාරක පමණ කාලයක් එම නිවසේ අඹුසැමියන් ලෙස ජීවත්ව ඇතිබවයි.

ඔවුන් රැඳී සිට ඇති එම නිවස සැකකරුගේ පියාට අයත් එකක් වන බවත්, එම නිවසේ කිසිවෙකුත් පදිංචිව නොසිටි බැවින් සැකකාර තරුණයා දැරියත් සමඟ රාත්‍රී කාලයේ පමණක් එහි ගතකරමින් දිවා කාලය ඉන් පිටත ගතකර ඇති බවත් පොලිසියට කරුණු අනාවරණය වී තිබෙනවා.

නිට්ටඹුව පොලිසිය මඟින් පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරු සහ දැරිය වතුපිටිවල මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකාර තරුණයා ස්ත්‍රී දූෂණය සහ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරුනා.

එහිදී අධිකරණය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර බාල වයස්කාර දැරිය ඇයගේ පියාට භාරදීමටයි නියෝග කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top