Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
17
"ඇත්තටම ඒක මහා පුදුමයි. ඒත් මම ආසාවෙන් කළා..." - හැමදාම පැය එකහමාරක් ඔඩොක්කුවේ ඔලුව තියාගෙන ඉන්න ඉල්ලපු, ප්‍රසිද්ධ කැම්පස් එකක ප්‍රොෆිසර් ගැන, සරෝජා කරන ඇදහිය නොහැකි හෙළිදරව්ව - Photos

- "ඇත්තටම ඒක මහා පුදුමයි. ඒත් මම ආසාවෙන් කළා..." - හැමදාම පැය එකහමාරක් ඔඩොක්කුවේ ඔලුව තියාගෙන ඉන්න ඉල්ලපු, ප්‍රසිද්ධ කැම්පස් එකක ප්‍රොෆිසර් ගැන, සරෝජා කරන ඇදහිය නොහැකි හෙළිදරව්ව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

92 Views
"ඌ අම්මාව විතරක් නෙවෙයි, මාවත් උගේ අවශ්‍යතාවලට පාවිච්චි කළා..."
 
"ඌ ඇවිත් සතෙක් වගේ .......... දාද්දි, මම එපා කියන්නෙවත් නැතුව ඌට අවනත වුණා."
 
"ඒ මනුස්සයා මා එක්ක කවදාවත් ලිංගිකව එකතු වෙලා නෑ"
 
“මං ඉපදෙන්න තිබුණේ කාන්තාරෙක...” ඈ ඇහිබැමි පිරිමදිනවා. ලතාවකට ඒ මේ අත දුව පනින ඇගේ කෙහෙරැලි මන්දාකිණියක පැටලෙනවා. හුස්ම අරක්ගත්තු සමහරක් කුටීරවලට බහිරවයෝ වඩින්න ගන්නවා. මම ඒ උත්තමාවීය දිහා ඇසි පිහ නොහෙලා බලා ඉන්න පටන් ගන්නවා.

“ඔයා ටැමිල්ද?” මම ආයෙම අහනවා. ඈ හිනා වෙනවා. ඇගේ එක ලස්සන හිනාවක් කුළුණු දෙබෑ කරගෙන පාතට බෑවුම් වෙනවා. කොළොප්පම්කාරියක් වගේ වත පුරාවට දුවන සමනළුන් ගැන ඈ ආයෙම මතක් කරනවා.
 
“ඔව්...! මං ටැමිල්.. ඒත්... මට සිංහල හොඳට පුළුවන්...!! මගේ තාත්තා ටැමිල්.. අම්මා සිංහල.. එයාලා මැරි කරලා තියෙන්නේ ගෙවල්වලට හොරෙන්.. දන් නැද්ද ඉතින්.. ජාති ආගම් බේද... අපේ අම්මාගේ පවුලෙන් කාලයක්ම එයාව කොන් කරලා තියලා.. තාත්තාගේ පවුලෙන් අවුලක් වෙලා නෑ...”
 
“ඔයාගේ කතාවේ පටන් ගැන්ම හොඳයිනේ...” මම පෑන් කොපුව හපා ගත්තා. ඈ දැන් හිනාවෙන්නෙ නෑ. හිනාවක් වෙනුවට කුමක්ද කියලා කියන්න නොතේරෙන හැඟීමක් ඒ ඇස් අස්සෙ කිඳා බැහැගෙන!
 
“කවුද කිව්වේ මේක පටන් ගැන්ම කියලා...? මම අර කිව්වා වගේ මම හැමදාම ප්‍රාර්ථනා කළේ කාන්තාරෙක ඉපදෙන්න. අර මොකද කිසිම මිනිස් පුළුටක් නෑනේ. උන් අපේ ඇස්වලට ඇඟිල්ලෙන් අනින්න එන්නේ නැහැ. උන් අපේ පපු ඉරා දාන්න තනන්නෙත් නෑ. ඉදලා හිටලා ඇවිත් යන ඔටුවෙකුට ඇරෙන්න වෙන මොන එහෙකුටවත් අපි බයවෙන්න උවමනා නෑ..”


 
“ඉතින්.. පවුලේ අඟහිඟකම් වැඩිවුණා..?”
 
“ඔව් ඉතින්... ඒක සාමාන්‍ය සන්සිද්ධියක්නේ.. මගේ පවුුල කියලම නැහැ.. තාත්තා බේබද්දෙක්... කසිප්පු වාඩියක් කරගෙන හිටියා. තුන් හතරපාරක්ම පොලිසියට මාට්ටු වුණා. ඒත් ඒ මනුස්සයා ඒ වැඩේ නතර කළේ නෑ.. එයා අන්තිම ගමන ගියේ කානුවක් ඇතුළේ. මරණයට හේතුව ඉතින් ඕනෑවට වැඩිය මත්වෙලා පාර වරද්දගත්ත එක. අම්මාට ගානක් උනේ නෑ තාත්තා මැරුණා කියලා. ටික දවසයි ගියේ.... මෙන්න ආවා තව මිනිහෙක්...” ඈ දැන් නිහඬයි. ඇගේ අතේ පෑණී බීම බෝතලේ අහවර වෙන්නත් කිට්ටුයි. කතාවක් හරි හැටි ගළපගන්න නොතේරෙන මම ඈ දිහාම බලන් උන්නා. අතීතය පැදකුණු කරන ඇගේ හිත් පොඩියට දරාගන්න බැරි තැනුත් නැතුවාම නොවෙයි. ඒ වුණත් ඈ හරි ලස්සනට හිත් මිදුලේ ලොකු කුඩා රටා තියනවා.
 
ඈ හෙන දක්සයි කතා කියවන්න..! බොරුද මං කියන්නේ..!
 
“එතකොට ඒ අම්මාගේ දෙවැනියා?” මම ප්‍රශ්නාර්ථ ලකුණු කිහිපයක් ඈ ඉදිරියේ තියෙන්න ඇරියා.
 
“ඔව් නේන්නම්.. අම්මා තාත්තා මැරෙනකන් ඉඳලා තියෙන්නේ ඌව ගෙට ගන්න. ඌත් එක්ක අම්මා කලින් ඉඳන්ම සම්බන්ධයක් තිබිලා.. ඒත් ඌ අම්මාව විතරක් නෙවෙයි, මාවත් උගේ අවශ්‍යතාවලට පාවිච්චි කළා..”
 
“ඔයාත් ඉඩ දුන්නා?”
 
“වෙන මොනවා කියලා කරන්නද? මට තේරෙන එකක්යැයි. ඌ ඇවිත් සතෙක් වගේ මගේ ඇඳුම් ලිහා දාද්දි මම එපා කියන්නෙවත් නැතුව ඌට අවනත වුණා. ඇත්තටම මට ඒක වරදක් හැටියට පෙණුනේ නැහැ. මොන අවාසනාවක්ද මන්දා අම්මා නැති හැම වෙලාවෙම බාප්පයි මායි ලිංගිකව සතුටු වුණා. බාප්පටත් වඩා ඒ දෙයින් වැඩියෙන් සතුටු වුණේ මම.. මම ඒ දවස්වල ගාමන්ට් එකක ජොබ් එක කළේ.. බාප්පා මට තවත් රස්සාවක් හොයා දුන්නා...”
 
“සරලවම කිව්වොත් ඔයා ගණිකාවක් වුණා..”


 
“ඔව් ඉතින්.. ඒකට වෙන නමක් නෑනේ.. මම එහෙම එකියක් වුණා තමයි.. දෙයියනේ අම්මා මේ ගැන පොඩ්ඩක්වත් දන්නේ නෑ. බාප්පා මාව එක එකාලා එක්ක යැව්වා. බොරු කියන්නේ මොකටද හොඳට හම්බ කළා. ඒත් දවසක්... ඒ හැමදේම වෙනස් වුණා...” ඇගේ හඬ හැඬුම්බර වුණා. දෙතොල් පෙති වියළුණා. තප්පරයක්... දෙකක්... ඈ නිහඬවම ආකාසේ එක්ක ගණුදෙනු කළා.
 
“ඇයි ඒ...? මොකද්ද වුණේ...?”
 
“දවසක් මා එක්ක ඉන්න ආවා ප්‍රොෆෙසර් කෙනෙක්. ලංකාවේ ප්‍රසිද්ධ කැම්පස් එකක. මිනිහට ඕනි වුණේ මගේ ඔඩොක්කුවේ ඔලුවේ තියාගෙන ඉන්න විතරයි.. එතනින් එහා කිසිම දේකට මිනිහා ආස වුණේ නෑ. හැමදාම එයා පැය එකහමාරකට වඩා මගේ ඔඩොක්කුවට වෙලා ඉන්නවා. එයාගේ ඔලුව අත ගාන්න කියනවා. කතන්දර කියන්න කියනවා. නයිටියක් ඇඳන් ඇවිදින්න කියනවා. ඇත්තටම ඒක මහා පුදුමයි. ඒත් මම ආසාවෙන් කළා. ඒ මනුස්සයා මට පුදුම තරම් ආදරේ වුණා. සල්ලි වලින් සැලකුවා. මගේ පවුලේ විස්තර ඇහුවා. බාප්පාගේ කතාවේ ඉඳන් සේරම... මම ප්‍රොෆෙසර්ට කිව්වා. එයා ඇහුවා, මේ රස්සාව අත ඇරලා ජීවිත කාලේම එයා වෙනුවෙන් මගේ ඔඩොක්කුව වෙන් කරන්න පුළුවන්ද කියලා..?”


 
“ඉතින් ඔයා මොකද කිව්වේ...?”
 
“මම එයාට තේරුම් කළා. කවදාවත්... මට ඒ දේ කරන්න බැරි බව. මොකද ඇත්තම කතාව මම ගණිකාවක් විදිහට ලේබල් වෙච්ච එකියක්. මට ආයෙම පත්තිනි අම්මා කෙනෙක් වෙන්න පුළුවන්කමක් නෑ..” වේදනාව දනවන ඇස් පිහිලි බිමට නැවුණා. ඇගේ කම්මුල් පෙති ගලෝගෙන බිමට වැටෙන කඳුළු නවත්තගන්න ඈට බැරිවුණා. අවසානයේ ඈ දිගු කෙහෙරැල්ලකින් මුහුණත් තහඩුව වහ ගත්තා. මම ආයෙම පෑන අතට ගත්තා.
 
“දැන් කොහෙද එතුමා?”
 
“එයා හරියටම අවුරුදු දෙකක් මගේ ඔඩොක්කුවේ හිටියා. ඊටපස්සෙ යන්නම ගියා මේ ලෝකෙන්...” ඈ අඬනවා. මහා හයියෙන් අඬනවා.
 
“ම්ම්ම්ම්...”


 
“එයා ගැන මම අද වෙනකන් මුකුත් දන්නෙ නැහැ. මම කවදාවත් අහලා නෑ එයාගෙන් එයා කසාඳ බැඳපු මිනිහෙක්ද කියලවත්... ඒත් එයා මැරුණා කියලා දැනගත්තට පස්සෙ මම මගේ හිතින් හුඟක් පහළට කඩන් වැටුණා.. මට මේ රස්සාව හිත එකලාසයක් කරගෙන කරන් යන්න බැරිවුණා. තව මිනිහෙක් එක්ක සංසර්ගයේ යෙදෙද්දිත් ප්‍රොෆෙසර් මගේ ඔඩොක්කුව ඉල්ලලා හයියෙන් කෑ ගහන හැටි මට ඇහෙන්න ගත්තා.. පස්සෙ මම මේ ඉලව් රස්සාව අත ඇරියා...”
 
“දැන් ඔයා ගණිකාවක් නෙවෙයි ?”
 
“නැහැ... මම දැන් අම්මා කෙනෙක්. ඒත් ඒ දරුවාට උප්පැන්නෙ දෙන්න තාත්තෙක් නෑ. මට ඒවා වැඩකුත් නෑ. මම ඌව වදනවා ගාමන්ට් රස්සාව කරලා. ඌ මේවා දැනගන්න ඕනිත් නෑ. සමහරක්විට දැනගනිවී උගේ අම්මා ගණිකාවක් කියලා දවසක..” ඇගේ හුස්මක් හුළං පොදක් එක්කලා මුහු වුණා. අම්මා කෙනෙකුගේ කිරි සුවඳද කියලා නොතේරෙන සුගන්ධයක් ඇගේ සිරුර ඔතාගෙන තිබුණා. මම යන්තම් ඈ එක්කලා ඈ දිහා නොබලාම හිනාවුණා.
 
“දැන් ඇයි මෙතනට ආවේ..?”
 
“මට ප්‍රොෆෙසර් මතක් උනාම හැමදාම මං මෙතනට එනවා. ඇවිත් ඉන්නවා. මට හිතෙනවා එයා මගේ දිහා බලාගෙන ඇති කියලා. ඒ මනුස්සයා මා එක්ක කවදාවත් ලිංගිකව එකතු වෙලා නෑ. අඩුම මගේ නිරුවතවත් දැකලා නෑ. ඒත් මගේ ඔඩොක්කුවම ඇයි එයාට ඕන කළේ කියලා මම තාම කල්පනා කරනවා..”


 
මම යන්න කලින් ඈ දිහා අන්තිම වතාවටත් බැලුවා. ඈ දුහුල් මල් පෙත්තක් එක්කලා රහස් කතාවක!
 
“ඔයාගේ ඇත්ත නම දාන්න බෑ මට මේ කතාවට..”
 
“එපා උවමනා නෑ.. හැමෝටම මතක හිටින නමක් දාන්නකෝ.. සරෝජා වගේ...”
 
ඈ ඇගේ මතක පොත හෙමින් සීරුවේ අකුළගෙන එතනින් නික්මුණා. මම ආයෙම කොන්ක්‍රීට් තට්ටුව උඩ වැතිරුණා.

-සමිත ලක්ෂාන්
 
(පෞද්ගලිකත්වය තකා මෙහි එන සිදුවීමට අදාළ අයවුලුන්ගේ නම් ගම් වෙනස් කර ඇති බව කරුණාවෙන් සලකන්න.)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top