Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
අද දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී, සුරාසැල්වලට අඟුළු වැටෙයි

- අද දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී, සුරාසැල්වලට අඟුළු වැටෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,691 Views
ඊයේ රාත්‍රී 8 සිට සඳුදා අලූයම 5 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මකයි.
 
ඒ අනුව අද දිනයේදී දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර ප්‍රකාශ කළේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට අලූයම 05 ට ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු 23 වන සෙනසුරාදා දක්වා රාත්‍රී 8 සිට අලූයම 5 දක්වා පමණක් ඇදිරි නීතිය ක්‍රියාත්මක බවයි.
 
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින අතරතුර දී ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 වන සඳුදා ආරම්භ වූ වැඩපිළිවෙල 18 වන සඳුදා සිට නැවත දැනුම් දෙන තුරු අඛන්ඩව ක්‍රියාත්මක වනු ඇති.
 
අද දිනයේ දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍රලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
 
යළි හෙට දිනයේදී ඒවා විවෘත කිරීමට අවස්ථාව හිමිවන බවයි එහි දැක්වෙන්නේ.
 
කෙසේ වෙතත්, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල සදුදා දිනයේ සිට තවදුරටත් මත්පැන් අලෙවි කිරීමේ හැකියාව පවතින්නේ සුපිරි වෙළදසැල්වලට පමණයි.
 
මේ අතර, හෙට දිනයේ සිට රාජකාරී සදහා පිටත්ව යන ජනතාවට ලබා ගත හැකි ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ප්‍රවාහන අංශවලින් විමසීමක් කලා.
 
ඒ අනුව, ලබන සතියේ නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු සදහන් කළේ.
 
මේ අතර, දුම්රිය ස්ථානවල සිට මගීන්ට අවශ්‍ය ස්ථානවලට යාම සදහා මීට පෙර යෙදවූ බස් රථ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් බස් රථ හෙට දිනයේ සිට යෙදවීමට කටයුතු කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය ධාවන සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස ප්‍රකාශ කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top