Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
‘‘ මට අඩන්තේට්ටම් හිරිහැර කරන්න ඔහුට සිදුවුණා, මට පහර දෙන්න පවා තිබුණා ’’ - සටන් නළු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ තවත් පැත්තක් ගැන ප්‍රවීණ රංග වේදිනී ශ්‍රියානි අමරසේන කියු කතාව - Photos

- ‘‘ මට අඩන්තේට්ටම් හිරිහැර කරන්න ඔහුට සිදුවුණා, මට පහර දෙන්න පවා තිබුණා ’’ - සටන් නළු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ තවත් පැත්තක් ගැන ප්‍රවීණ රංග වේදිනී ශ්‍රියානි අමරසේන කියු කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,374 Views
1964 ටෝකියෝ ඔලිම්පික් උළෙල අහිමි වුණේ පාදයේ ආබාධය නිසා..

සිනමාවට දුෂ්ඨයා වුණාට ඔහු ගෙදරට ඉතා හොඳ සැමියෙක්..

අනේ ඔයාලා මල් වගෙයිනෙ, ඔයාලව ආරක්ෂා කරන්න ඕනෑ..
 
හැටේ දශකයේදී ශ්‍රී ලාංකීය සිනමාවට තවත් කඩවසම් රංග ශිල්පියකු ලෙස අවතීර්ණව සිටි ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නම් දැවැන්තයා හැත්තෑව දශකයේදී ශ්‍රී ලාංකීය සිනමාව ප්‍රතාපවත් කළ ගාමිණී, රවීන්ද්‍ර, විජය, තිස්ස විජේසුරේන්ද්‍ර ඇතුළු වීරයා හෙවත් පෙම්වතාගේ භූමිකාව නිරූපණය කළ රංග ශිල්පින් සමග හරි හරියට සටන් වැදුණේය.

සරලව කිව්වොත් ගහ ගත්තේය. එම ගහ ගැනීම් වලදී ඇලෙක්ස්ට සිදුවුයේ බොහෝ විට පරාජය වීමටය. සිනමාවේ විරයා සහ දුෂ්ඨයා අතර ඇති ස්වභාවය එයම විය. හැබැයි එදා ‘ඇලෙක්ස්’ එලෙසින් වීරයාගේ චරිතය රඟපෑ නළුවා වෙතින් පහර කෑවේ, ඔහු විසින්ම වීරයින්ට කියාදුන් සටන්ක්‍රම වෙතින්ය.
 
‘කියලා දිලා ගුටි කාපු මිනිස්සු අපි’ පසු කලෙක ඇලෙක්ස් එහෙමත් කීවේය. එලෙසින් එදා වැඩිහරියක්ම ඔහු වීරයා නොවී දුෂ්ඨයා ලෙස චරිත නිරූපණය කළද මිනිස්සු ඔහුට ආදරය කළේය. ඒ ආදරය තවත් වැඩිවූයේ ඔහු හට බොහෝම කලාතුරකින් රඟපැමට ලැබුණු පෙම්වතාගේ චරිතයද නිසාය. කැරළි ගැසුණු කොණ්ඩය සහ ලස්සන හිනාව ඔහුගේ මුහුණට ගෙන දුන්නේ සුන්දර බවකි. එසේ වුවද ඒ කඩවසම් හැඩකාරයා හට වැඩි හරියක්ම ලැබුණේ සටන් නළුවාගේ භූමිකාවය. ඒ භූමිකාව ඔහු ඉදිරිපත් කළේ නිකම්ම කඳ – බඩ තිබූ මිනිසකු ලෙස නොවීය. සටන් කලාව ඉතා හොඳින් ප්‍රගුණකර තිබූ නළුවකු විය. යම් කිසි ලෙසකින් එදා ඔහුට බටහිර සිනමාවේ රඟපෑමට ලැබුනේ නම්, නිසැක වශයෙන්ම ලොවම වසඟයට පත්කරවූ තවත් නළුවකු වීමට ඉඩ තිබිණ. කෙසේ වුවද ආදරණීය ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සින්නවී තිබුණේ සිංහල සිනමාවට පමණක්ම වීය.
 
එසේවූ ආදරණීය ඇලෙක්ස් රංගනයන් 90 දශකයෙන් පසුව අපට දැකගත නොහැකිවීය. එක්කෝ ඔහු සිංහල සිනමාව ගැන කළ කිරීමට පත්ව සිටින්නට ඇත. නොඑසේ නම් අධ්‍යක්ෂවරු හිතාමතාම ඔහුගේ දායකත්වය නොලබන්නට ඇත. අවුරුදු 80 ඔහුට සපිරිමට තිබුණේ මෙම අගෝස්තු 25 වෙනිදාටය. නමුත් ඊට ඔන්න මෙන්නකියා තිබියදී රංගනයෙන් යුගයක් හැඩකළ ඒ කඩවසම් හැඩකාරයාද ජීවිත ගමනට සමුදී යන්නම යන්නට ගියේය. ඒ අමතක නොවන මතක රැසක් සිංහල සිනමාව මත තවරාය.
 
‘වෙන ස්වර්ගයක් කුමකටද’ යන චිත්‍රපටය සමග 1963 දී රංගනයට එක්ව සිටි ආදරණීය ඇලෙක්ස්, ඉනික්බිතිව, හාර ලක්ෂය, ශ්‍රී මදරා, රජගෙදර පරෙවියෝ, සරදියෙල්ගේ පුතා, පසමිතුරෝ, මාතර ආච්චි, රුහුණු කුමාරි, එදත් සූරයා, අදත් සූරයා, හතර දෙනාම සූරයෝ, ඇගේ ආදර කතාව, සුහද පැතුම, ආත්ම පූජා, යකඩයා, ඇතුළු ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින් ලද නිර්මාණ ගොන්නට දායකත්වය ලබා දුන්නේය. එදා ඔහු සමඟ රඟපෑ සමකාලීනයින්. ඒ අතරින්
 
ප්‍රවීණ රංග වේදිනී ශ්‍රියානි අමරසේන, ඒ ආදරණීය ඇලෙක්ස් ගැන මතක අවදි කළේ මෙලෙසිනි.
 
හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ පැතුම් මල්ලකී මේ ජීවිතේ ගීතය ඔබට මතක ඇති. මේ ගීතයේ රූප රාමුවලට පෙනී සිටියේ මම. ගීතයේ අවසන මට වෙඩි වදිනවා. වෙඩි තැබුවේ ඒ චරිතයට දායකවූ ඇලෙක්ස්. ඔහු මා එක්ක රඟපෑ ප්‍රථම චිත්‍රපටය එයයි. ඉන්පසුව හිතුවොත් හිතුවමයි, හිතමිතුරා, ඇතුළු චිත්‍රපට කීපයකම මා එක්ක රඟපෑවා. හැබැයි ඒ දුෂ්ඨයා හෝ මා එක්ක රණ්ඩු කරගන්න චරිත මිසක්, කවදාවත් තිරයෛ්දී මගේ පෙම්වතා නම් වුණේ නැහැ. තිරයේදී ඔහු එලෙසින් මගේ දුෂ්ඨයකු වුවත්, කැමරාවෙන් පිටදී, ඔහු ඉතාම නිරහංකාර සුන්දර මනුස්සයෙක් වුණා. එතරම් පැහැපත් පෙනුමක් නොවෙයි ඔහුට තිබුණෙ. හැබැයි, ඔහු සතුවූ කඩවසම් පෙනුම කැමරාවට ලස්සනට මැච් වුණා. කැමරාව ඉදිරියේ අලෙක්ස්ව පෙනුණෙ ඉතා ලස්සනට. ඔහුගෙ ගති වුණත් ඒ වගේයි. ඒ දිනවල එයාගෙ පෙම්වතිය ගැන අපට කිව්වෙ බොහොම ආඩම්බරයෙන්. අනේ ඇලෙක්ස් අපට බොරුකියන්න එපා. ඔයාට කෙල්ලො ගොඩාක් ඇති කියලා අපි විහිළුත් කළා. හැබැයි එයා එහෙම කෙනෙක් නොවෙයි. එයා එදා අපට කිව්ව එයාගෙ පෙම්වතිය එක්ක තමයි විවාහ වුණේ. ලතා ලුම්බිණි එයාගේ නමයි. ඉතා හොඳ පවුල් ජිවිතයක් ගත කළ නළුවෙක් ලෙස ඇලෙක්ස්ව නම් කරන්න පුළුවනි. සිනමාවට දුෂ්ඨයා වුණාට ඔහු ගෙදරට ඉතා හොඳ සැමියෙක්.
 
හිතුවොත්-හිතුවාමයි චිත්‍රපටයේ ඔහුට තිබුණේ දාමරික චරිතයක්. මට අඩන්තේට්ටම් හිරිහැර කරන්න ඔහුට සිදුවුණා. මට පහර දෙන්න පවා තිබුණා. ඇලෙක්ස් ඒ සියලු දේ කරද්දී අපට රිදෙන විදියට නොවෙයි කළේ. ඒකට හේතුව ඔහු සතුවූ සටන් කලාව කෙරෙහි තිබූ නිපුණතාවය නිසා. එවැනි දුෂ්කර අවස්ථා අවසන ‘අනේ එයා හරි හොඳ කෙනෙක්, ඒ දර්ශන කළ විදිය නිසා අපට අපහසුවක් වුණේ නැහැ කියලා’ අපි එයාව අගය කළා. එතකොට අලෙක්ස් අපට කිව්වේ,
 
අනේ ඔයාලා මල් වගෙයිනෙ, ඔයාලව ආරක්ෂා කරන්න ඕනෑ. ඔයාලා ගැන හිතන්න ඕනෑ. කියලයි. ඒ විදියට ක්ෂේත්‍රයේ සහෝදර රංග ශිල්පිනියන් හට ඇලෙක්ස් බෙහෙවින් ගරු කළා. ඒ වගේම අගය කළා.
 
පුද්ගලික ජීවිතයේදී එයා බිරිඳට, පුතාට, දුලා දෙන්නාට හරිම ආදරය කළ හොඳ සැමියෙක් සහ පියෙක්. පසුකාලීනව සිනමාවෙන් ඈත් වෙලා ඉන්නකොට ඔහුට විශාල පාලුවක් දැනෙන්න ඇති. එදා සුවිශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ ඔහුට හුදෙකලාවූ පසු එහෙම නොලැබුණත් අලෙක්ස්ගේ බිරිඳ සහ දරුවන් ඔහුව හුදෙකලා කළේ නැහැ. ළමයි මේ තාත්තාට හරියට ආදරය කළා. බිරිඳගෙ සෙනෙහසත් නොඅඩුව ලද සැමියෙක්. ඒ වගේම එයාට හොඳ යාළුවෙක් හිටියා. එයාගෙ නම ‘බිලී’. අපි දන්නා විදියට ‘බිලී’ ඇලෙක්ස්ගේ හෙවනැල්ල වගේ හිටපු හොඳ යාළුවෙක්. පසුකාලීනව ඇලෙක්ස් කලකිරීමකින් ජීවත් වූයේ නම්, ඒ ආර්ථික අපහසුතා නිසා නොවෙයි. බොහෝ විට කලාකරුවකුගෙන් වැඩ නොගන්නා විට ඔහුට දැනෙන්නෙ පෙර කී විදියට ‘තනිකමක්’ පාළුවක්. වෙනත් රටවල නම්, කලාකරුවන් ගැන නිතර සොයා බලා කටයුතු කරනවා.
 
ඒත් අපේ රටේ යම්තාක් දුරකට කලාකරුවන් ගැන සොයා බලන්න ඉන්නේ ‘සිනෙස්ටාර්’ පදනම විතරයි. අන්තිමට ඇලෙක්ස් මිය ගියෙත්, ඒ විදියට කලකිරිමකින් නම්, ඉදිරියේදී අනෙක් කලාකරුවන්ට එහෙම නොවේවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද කලාකරුවෝ කියන්නේ හරිම සංවේදී මිනිසුන්. අපේ ආදරණීය ඇලෙක්ස් ඒ විදියෙ ජීවත්වූ හරිම සංවේදී චරිතයක්.
 
ජෝෂප් මැනුවල් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු හෙවත් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වූ ඔහු එකල ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ මෙන්ම පිහිනුම් කරාටේ මෙන්ම මල්ලව පොර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක දක්ෂතා පෙන්වූ චරිතයක් විය. 1962 දී පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අලෙක්ස් 1966 දී බැංකොක්හි පැවැත්වූ ආසියානු ක්‍රීඩා උළෙලද නියෝජනය කළ ක්‍රීඩකයෙක් විය. 1964 දී ඔහුට ටෝකියෝ ඔලිම්පික් උළෙල අහිමි වූයේ පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙනි.
 
ඇලෙක්ස්සැන්ඩර් ප්‍රනාන්දු යනු එලෙසින් දක්ෂතා වලින් පිරිපුන් මිනිසකු ලෙස සිනමාවට පිටින් සිටි චරිතයක් විය. නිකම්ම අත පය විසි නොකළ රංගයට ගැලපෙන නියමාකාර රිද්මයක් ගෙන දිමට ඔහුට හැකි වුයේද ඒ නිසාමය. එහෙව් වූ මේ කලාකරුවා ජනප්‍රියවූ චිත්‍රපට ගීත රැසකට දායකත්වය දුන් රංග ශිල්පියකු විය.
 
සමනළ තටු යට රිංගලා
 
අද අද එයි මරු හැංගිලා
 
අද නටා හිනැහිලා
 
හෙට දින තපසට යන්න යමං
 
මකා දේවරජු වගේ,
 
(රජ ගෙදර පරෙවියෝ)
 
උසී, උසී නෝනේ
 
මගේ සොයි නොනේ
 
(හිත මිතුරා)
 
රන්වන් සිතා පෑ මනෝ මාළිගාවේ
 
කුමාරි, කුමාරි කොහේ දෝ මගේ
 
(ඇගේ ආදර කතාව)
 
ඔබගේ රුව මාගේමයි
 
(හරිම බඩු තුනක්)
 
මේවා අලෙක්ස්ගේ සටන් ජවනිකාවලට එහා ගිය, සොඳුරු - මිහිරි සැමරුම්ය. ආදරණීය කලාකරුවාණනි ඔබට මොඩක්සුව.
 
සඳුන් ගමගේ / ඡායාරූප අනුග්‍රහය: විනීතා කරුණාරත්න


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top