Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
සහරාන් සොයා ගිය මෙහෙයුමක් පූජිත් සහ නාලක වැළැක්වූ අයුරු කටාන හිටපු ස්ථානාධිපතිවරයෙක් හෙළිකරයි - Video

- සහරාන් සොයා ගිය මෙහෙයුමක් පූජිත් සහ නාලක වැළැක්වූ අයුරු කටාන හිටපු ස්ථානාධිපතිවරයෙක් හෙළිකරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,409 Views
මීගමුව කොට්ඨාස බුද්ධි ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ සාක්ෂිය...
 
කාත්තන්කුඩිය ප්‍රදේශයේ පල්ලි දෙකක් අතර 2017 වසරේ සිදුවූ ගැටුමකට අදාළව, සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කළ මෙහෙයුමක් අත්හැර දමන ලෙස එවක පොලිස්පති පූජිත් ජයසුන්දර සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා උපදෙස් දී ඇති බව අනාවරණ වී තිබෙනවා.
 
ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයන ජනාධිපති කොමිසම හමුවේ මීගමුව කොට්ඨාස බුද්ධි ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයි.
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ අවසන්වරට සාක්ෂි දුන්නේ මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක්. පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඔහු මීගමුව කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළා.

ඔහු සාක්ෂි දෙමින් සඳහන් කළේ, 2017 වසරේ මාර්තු, අප්‍රේල් මාසවලදී තමන් කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සේවය කළ බවයි.
 
එහිදී කාත්තන්කුඩි ප්‍රදේශයේ පල්ලි දෙකක් අතර ගැටුමක් සම්බන්ධයෙන් සහ එම ගැටුමට මූලික වී ඇත්තේ සහරාන් නමැති පුද්ගලයෙකු බවට තොරතුරු වාර්තා වූ බව උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා.
 
අදාළ ගැටුමට හේතු වූයේ සහරාන් නමැති පුද්ගලයා අන්තවාදී දේශන පැවැත්වීම සහ තවත් පාර්ශ්වයක් ඊට විරුද්ධ වීම බවද ඔහු එහිදී පැවසුවා.
 
ත්‍රස්ත විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ සමයේ සහරාන්ගේ ඡායාරූප තමන් සතුව පැවැතියේදැයි කොමිසම ප්‍රශ්න කළා.
 
එහිදී උප පොලිස් පරීක්ෂකවරයා පැවසුවේ ඔහුගේ ඡායාරූප තිබූ බවයි.
 
පාස්කු ප්‍රහාරය සිදුකරන බවට තොරතුරු ලැබුණු සහරාන්ගේ ඡායාරූපයක්, එවක මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල තමාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ එය ලබා නොදුන්නේ මන්දැයි කොමිසම එවිට  ප්‍රශ්න කළා.
 
උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ, කාත්තන්කුඩි පල්ලි අතර ගැටුමට සම්බන්ධ සහරාන් සහ පාස්කු ප්‍රහාරය ගැන කියවෙන සහරාන් එකම පුද්ගලයෙකු දැයි තමන් නොදැන සිටි බවයි.
 
පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ හරහා ලැබුණු ලිපියේ සඳහන් වූ සහරාන් කාත්තන්කුඩි ප්‍රදේශයට සම්බන්ධ බවට සටහන්ව තිබියදීත් තමන් ඒ පිළිබඳ විමසිලිමත් නොවූයේ මන්දැයි කොමිසම යළි ඔහුගෙන් විමසුවා.
 
උප පොලිස් පරීක්ෂකවරයා එහිදී පැවසුවේ ” ඔව් ඒක හරි ” යනුවෙන්.
 
තමන්ට අන්තර්ජාලයෙන් හෝ ඒ පිළිබඳ තොරතුරු සෙවීමට අවස්ථාවක් නොතිබුණේ දැයි කොමිසම උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කළ අතර, තමන්ට අන්තර්ජාලය පිළිබඳ දැනුමක් නැතැයි උප පොලිස් පරීක්ෂකවරයා එහිදී සඳහන් කළා.
 
ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙමින් කියා සිටියේ කාත්තන්කුඩි සිද්ධිය සම්බන්ධයෙන් සහරාන් අත්අඩංගුවට ගැනීමට එම ප්‍රදේශයට යාම සඳහා එවක පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් අවසර ලබාගත යුතුව තිබූ බවයි.
 
එම අවසරය ලබාගත යුතුව තිබුණේ එවක ත්‍රස්ත විමර්ශන ඒකකය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හරහා බවද ඔහු සඳහන් කළා.
 
කොමිසම ප්‍රශ්න කළේ, ඊට අවසර හිමිවූයේද යන්නයි.
 
උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ, සති දෙකක කාලයකින් පසු ඊට අවසර හිමිවුවත් සහරාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අතහැර දමන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් උපදෙස් ලැබුණු බවට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා තමන්ට දැනුම්දුන් බවයි.
 
අදාළ සිද්ධියෙන් පසු තමන්ව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම ස්ථාන මාරු කිරීමට ද  නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කටයුතු කළ බව උප පොලිස් පරීක්ෂකවරයා සිය සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top