Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
"ගෑනු ළමයෙක් මගේ නම්බරේ ඉල්ලාගෙන මට කතා කරා... මම හෝටල් ගාණේ අරං ගියේ නෑ, පොඩි කෙල්ලෙක්.." - ජනප්‍රිය ගායක චාමර රණවක මෙතෙක් නොකී කතාවක් හෙළිකරයි - Photos

- "ගෑනු ළමයෙක් මගේ නම්බරේ ඉල්ලාගෙන මට කතා කරා... මම හෝටල් ගාණේ අරං ගියේ නෑ, පොඩි කෙල්ලෙක්.." - ජනප්‍රිය ගායක චාමර රණවක මෙතෙක් නොකී කතාවක් හෙළිකරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,349 Views
"මම ඇහුවා හූ ආ යු කියලා. මාත් ඉංග්‍රීසියෙන්ම චැට් එක දැම්මා පුතේ..!!"
 
"එයා මට කිව්වා මහත්තයා මාව බඳින්න පුළුවන්ද කියලා. මම හා කිව්වා..."

මම වෙන අයගේ හැඟීම් මගෙ කරගෙන සින්දු කියන මිනිහෙක් නෙවේ !!
 
රැලි හදන, හදපු රැලි බිඳින තරුණ ගායකයෝ ප්‍රසංග වේදිකාවේ ඕනතරම් ඉන්නවා. ඕනතරම් ඉන්න අය අතරේ ටිකක් අමුතු කෙනෙක් එක්ක කරපු කතා බහක් මේ විධියට ලියනවා.

දැක්ක ගමන් හිතෙනවා නියම රස්තියාදුකාරයෙක් කියලා. ඇඟ පුරාම පච්ච ගහගෙන, කොණ්ඩේ බාගෙන, කරාබු දාලා, මාල දාලා, ස්ටේජ් එකට නඟින්නේ කොහෙන්ද කියලා පෙන්නේ නෑ.
 
සෙනඟ අස්සෙන් ඇහෙනවා හඬක් “මගේ පණයි මගේ ආදර අම්මා”... නටන, හූ කියන රඟ මඬල මොහොතකට නිසලයි.
 
ටී ෂර්ට් එකට කොට කලිසම ඇඳගත්ත ඩෙක් සූෂ් දාගත්ත කළු කණ්ණාඩි දාපු ගායකයා මෙන්න වේදිකාවේ කියන්නේ කවි බණ. මොහොතකින් ඔහු කතා කරනවා. “ආදරෙයි ආදරෙයි අහස තරම් මගේ යාළුවනේ” සුපුරුදු හඬට තාල තියන්න ආපු තරුණ තරුණියෝ කෑ ගහනවා.
 
මෙන්න ප්‍රසංග වේදිකාවේ චාමර රණවක.
 
ප්‍රසංග වේදිකාව දෙවනත් කරන චාමර රණවක කොහොමද කවිබණ කියන්න පටන් ගන්නේ. මොකක්ද මේ වෙනස?
මම කවි බණ ගායනා කරනවා. මම පාසල් යන කාලේ සමස්ත ලංකා කවි ගායනයෙන් දිනුවා. මං පන්සලේ බෝධි පූජා කවි ගායනා කළා. ගෙදර ඇරුණම මම හිටියේ පන්සලේ ඒ කාලේ ඉඳම්ම. මට ඒ හැකියාව තිබ්බා. ඔය කාලේ ප්‍රසිද්ධ වුණා පූජ්‍ය මානකඳුරේ පූඤ්ඤාසාර හාමුදුරුවෝ. උන්වහන්සේගේ අම්මා කවි බණ මම ස්ටේජ් එකේ කියන්න ගත්තා. ඒ පාර කට්ටිය කලබල වෙලා. ඇත්තටම හාමුදුරුවන්ට වැඩිය කලබල වුණේ ගිහි අය. එයාලා හාමුදුරුවන්ට කියලා මට කවි කියන්න දෙන්න එපා කියලා. මම ඉන්න විධියත් එක්ක බාහිරින් ඉතිං මිනිස්සු මවා ගන්නේ වෙනම චරිතයක්නේ. මම කොණ්ඩේ බාලා කරාබු දාලා පච්ච ගහලා එහෙමනේ ඉන්නේ.
 
පස්සේ හාමුදුරුවෝ දැනගත්තා මම කවුද කියලා. හාමුදුරුවෝ මට කතා කරලා කිව්වා චාමර මහත්තයා ඔයා කවි ටික කියන්න කියලා. මම ඒ පාර ගමේ තරුණ කැලත් එක්ක එකතුවෙලා මානකදුරේ හාමුදුරුවෝ වැඩම කෙරෙව්වා ගමට. “ගං දෑලම සිල් සුවඳයි” කියලා සීල වැඩසටහනක් කළා. පන්සීයක් දෙනා සිල් සමාදන් කෙරෙව්වා. ඒ නමත් දැම්මෙ මම. අපේ ගමේ ඉස්කෝලේ අපි මේක කළේ. හාමුදුරුවන්ගෙයි මගෙයි තියෙන ආදරය කරුණාව දැන් ඉතිං සදාකල් බැඳීමක් වගේ තියෙනවා.
 
පච්ච ගහපු තට්ටේ ගාපු චාමර රණවකට මොකක්ද මේ පහුගිය දවසක ලැබුණු ගෞරව සම්මානේ?
සමස්ත ලංකා දහම් සිසිල පදනමෙන් තමයි මට මේ ගෞරව සම්මානය ලබා දුන්නේ. ශාසන මාමක, දේශ ශක්ති, දේශ කීර්ති කියන ගෞරව සම්මානය තමයි ලැබුණේ. මම බෞද්ධ ගීත ගායනා කරලා තියෙනවා. කළුතර බෝධියේ සහ කන්දේ විහාරයේ විදුලිබිල ගෙවන්න හැකි පමණින් දායක වෙනවා. අපේ පන්සලෙත් අවට පන්සල්වලත් ලොකු හාමුදුරුවරුවන්ට උපහාර ගීත ගායනා කරලා තියෙනවා. රාමඤ්ඤ නිකායේ අනුනායක හිමි බෝපිටියේ ඥානාවාස හාමුදුරුවන්ටත් මං උපහාර ගීතයක් රචනා කළා. හැමෝගෙම උදවු ඇතිව අපේ පන්සලේ චෛත්‍යයක් හදන්න පටන් ගත්තා. අපේ පුතාටත් මම චේතිය කියලා නම දැම්මේ චෛත්‍ය හදන්න පටන් ගත්ත නිසා.
 
අපේ ගමේ පන්සල ආනන්ද ගිරි විහාරයට ත්‍රිපිටකය වැඩෙම්මෙව්වා ශ්‍රද්ධා රූපවාහිනි නාළිකාවේ හා බෞද්ධයා නාළිකාවේ බණ කියවනවා ගමේ අයත් අරං ගිහිං මගේ අනුග්‍රහයෙන්. සල්ලි තියෙන කාලෙට අවුරුද්දට දෙතුන් පාරක් ගමේ අය වන්දනා ගමන් එක්ක යනවා. ඉතිං රත්තරන් පුතේ ඔය ඔක්කෝම දේවල් නිසා තමයි මට මේ සම්මානය ලැබුණේ.
 
අනෙක මම වැඩිපුර ඉන්නෙත් පන්සලේ. මහගල්වැව සුදස්සි හාමුදුරුවෝ අපේ පන්සලේ වැඩ ඉන්නවා. උන්වහන්සේට උදවු කරගෙන මම තියෙන වැඩට උදවු වෙනවා.
 
කංසා හා රෙගෙ එක්ක තියෙන මිත්‍රත්වය මොකද්ද?
මං පොඩි කාලේ හිටියේ කොස්ගොඩ අතුරුවැල්ලේ. වැල්ලේ ජිවිතය හොඳට හුරුයි මට. සංචාරක කලාපයේ, සුද්‍දෝ සුද්දියෝ නිතර දකිනවා. රෙගේ ස්ටයිල් එකට ආස කරන්න ගන්නේත් ඒ කාලෙමයි. “පඳුරු පඳුරු ගස් තණමල්විල මල් රේණු” ගීතය ලියුවෙත් ඒ කාලේ. මම තමයි ලංකාවේ මුලින්ම කංසා ගැන සින්දුවක් ලියලා තනුවක් දාලා ගායනා කළේ. කොල්ලා කාලේ ඉතිං. යම් දේවල් මම පාවිච්චි කළා. දැන් එහෙම නෑ. දැන් මට දරුවෙක් ඉන්නවා. එයාට හොඳ නෑ. මම තේරුම් අරං තියෙනවා. වැඩක් නෑ පුතේ ඒ දේවල්.
 
චාමර රණවක සංගීතයට සම්බන්ධ වුණේ කොහොමද?
මට සංගීත හැකියාව ආවේ කොහෙන්ද කියලා මම දන්නේ නෑ. මට කවුරුත් කියලා නෑ සින්දු කියන්න පුළුවන් කියලා. මට ගුරුවරයෙක් නෑ. මම පන්ති ගිහිං නෑ. සංගීත විභාග ලියලා නෑ. මට කිසිම කෙනෙක් අත දීලා නෑ. මං වෙනුවෙන් එස්.එම්.එස්. එවලා නෑ. මම මමම තමයි. මමයි ගොඩනැඟුනේ. මම තනියෙන් කල්පනා කළා මම සින්දුවක් ලියලා තනුව දාන්න ඕනේ මම, ගායනා කරන්න ඕනෙත් මම කියලා. ඉතිං මම ඒක කළා. මගේ මුල්ම ගීතය තමයි “මම ගමට ආදරෙයි යාළුවෝ ඉන්න නිසා මහ බංකු ලෑල්ලට ජාමෙට ඇදෙන නිසා” කියන ගීතය. මාරිම්බා සංගීත කණ්ඩායමෙන් මට ආරාධනා කළා. මම ගියා වැඩ කළා. දැන් අයින් වෙලා, මම ආයුබෝවන් ශ්‍රී ලංකා කියලා මගේම සංගීත කණ්ඩායමක් හදාගෙන වැඩ කරනවා.
 
චාමර රණවකගෙ පවුල ගැනත් කතා කරමු?
පවුල කියන්නේ මගෙ අම්මයි තාත්තයි මගේ නෝනයි (සුදු හාමිනේ) පුතයි මට ඉන්නවා.
 
සුදු හාමිනේ හමුවුණේ කොහොමද?
මීට අවුරුදු 17කට විතර කලින් මම ව්‍යාපාරිකයකුගේ ගෙදර සින්දු කියන්න ගියා. එයා එහේ සේවය කළා මැනේජර් කෙනෙක් විධියට. ගෑනු ළමයෙක් මගේ නම්බරේ ඉල්ලාගෙන මට කතා කරලා මාව හම්බ වෙන්න ඕනේ කියලා කොළඹට ආවා. මම ඒ ළමයාව අපේ යාළුවෙක්ගේ ගෙදරට එක්ක ගිහිං තේ එකක් බොන්න දීලා පිටත් කළා. මම හෝටල් ගාණේ අරං ගියේ නෑ. පොඩි කෙල්ලෙක්. මම ආපහු යැව්වා.
 
මේ ළමයා ගියාට පස්සේ මට එස්.එම්.එස්. එවන්න ගත්තා ඉංග්‍රීසියෙන් හෝ ගාලා. අයි ලයික් යූ වගේ ඒවා දාලා. මම බැලුවා මේ මොකද මේ කෙල්ලට හරියට සිංහලත් බැරිව හිටියේ. මට එස්.එම්.එස්. කළෙත් කැමරා අයියේ කියලා. එයා කොහොමද ඉංග්‍රීසියෙන් මැසේජ් කරන්නේ කියලා බැලුවා. මම ඇහුවා හූ ආ යු කියලා. මාත් ඉංග්‍රීසියෙන්ම චැට් එක දැම්මා පුතේ. ඊට පස්සේ එයා මට කිව්වා එයා අර ගෑනු ළමයාගේ මැඩම් කියලා. එයා මට කැමතියි කියලා. එයා ආවා කොළඹට මාව හමුවෙන්න. ඒ කාලේ මම එහෙම ජනප්‍රිය නෑ. අතේ සල්ලිත් නෑ. මං දුප්පත් ඇත්තටම. ඒත් මෙයා මාත් එක්ක ආදරෙන් හිටියා. එයාලගේ ගෙදර අය හොඳ වැදගත් යමක් තියෙන අය. එයාලා කැමති වුණේ නෑ සුදුහාමිනේව මට දෙන්න. ඉතිං එයාට ගෙදරින් යෝජනා ආවා. බන්දලා දෙන්න හැදුවා. එයා මට කිව්වා මහත්තයා මාව බඳින්න පුළුවන්ද කියලා. මම හා කිව්වා.
 
මම ඒ වෙලාවේ හිටියේ ගම්පහ. මගේ යාළුවෝ කිහිපදෙනෙක් එක්ක අපි වාහන දෙක තුනක් ගිහිල්ලා බලෙන්ම සුදු හාමිනේව අරං ආවා. දෑවැදි මුකුත් නෑ. ඇඳන් හිටිය ඇඳුම විතරයි ගෙනාවේ. අදත් මගේ ජීවිතේට ශක්තියක් වෙලා මං ළඟින්ම ඉන්න මැණික් පහන තමයි මගේ සුදු හාමිනේ.
 
කොහොමද සුදු හාමිනේ එක්ක ගෙවන ජීවිතේ?
මම බොහෝම අමාරු අඩියක ජීවත් වුණු කොල්ලෙක්. වින්ද දුක් කියලා වැඩක් නෑ පුතේ. නොතෙමී ඉන්න ගෙයක් හදාගෙන, යන්න වාහනයක් ගත්තේ සුදු හාමිනේ ආවාට පස්සේ. ඔක්කෝම කර ගත්තේ සුදු හාමිනේ හින්දා. සුදු හාමිනේ මං ළඟට ආව කාලේ අපි හරිම දුප්පත්. කන්න බොන්නවත් හරියට තිබ්බේ නෑ පුතේ. සුදු හාමිනේ ඇඳුම් මැහුවා. වෙඩිං කේක් හැදුවා. එයා ගොඩාක් මහන්සි වුණා. දුක් වින්දා අපි. හොඳට සැපට හිටපු කෙනෙක් එයා. ඒත් එයා මාත් එක්ක ජීවිතේ ප්‍රශ්නවලට ශක්තිමත්ව මුහුණ දුන්නා.
 
මාත් ඒ වගේ තමයි එයාට. අපි බැඳලා අවුරුදු 14ක්. අපිට දරුවෝ හිටියේ නෑ. අද කාලේ වෙන ගායකයෝ කසාද දෙක තුන බැඳලා ළමයින්වත් අනාථ කරලා අමුතු ජීවිත ගත කරනවා. ඒ වුණාට මම එක හිතින් හිටියා. ළමයි නැති වුණත් කමක් නෑ මම ආදරෙන් සුදු හාමිනේ එක්කම ඉන්නවා කියලා. නමුත් සුදු හාමිනේගේ ශක්තියෙන් අපි ගොඩාක් සල්ලි වියදම් කරලා දරුවෙක් හදා ගත්තා. අපිට පුතෙක් ඉන්නවා. එයා චේතිය රණවක. සුදු හාමිනේ කතෝලික. ඒ වුණාට හැම පෝයටම මාත් එක්ක සිල් ගන්නවා.
 
ගායකයෙක් වෙන්න කලින් චාමර රණවක කියන්නේ කවුද?
මම සාමාන්‍ය පෙළින් පස්සේ හොටෙල් ස්කූල් ගිහිං ඉන්ටර්නැෂනල් කුකරි ඉගෙන ගත්තා. මම හොටෙල්ස් කිහිපයක වැඩ කළා. මම ජීවත් වෙන්න නොකරපු රස්සාවක් නෑ පුතේ. ඒ කියන්නේ ලොකු ලොකු රස්සා නෙවේ. පාරවල්වල වැඩ කළා, මාළු වික්කා, ත්‍රීවීල්වල වැඩ කළා කොටින්ම කිව්වොත් අත්වැඩ පවා දුන්නා.
 
මම අන්ත දුක් වින්ද කොල්ලෙක්. මට දුක කියන්නවත් කවුරුවත් හිටියේ නෑ. මම පවුලේ එකම දරුවා. ආර්ථික ප්‍රශ්නවලින් මිරිකිලා හිටියේ. තරුණ කාලේ අනෙක් කොල්ලන්ට වගේ සුරංගනා ලෝක මට තිබ්බේ නෑ ආසාව තිබ්බත්. මම ඒ කාලේ විඳපු දුක්වල හැටියට අද මම මේ ඉන්න තැන, මොනවා හරි සැපක් විඳිනවා නම් ඒ දේවල් මදි පුතේ. මොකද ඒ තරම් අන්ත දුක් වින්ද කොල්ලෙක් මම. මම දන්නවා හැමදේම අනිත්‍යයි කියලා. තව ගොඩ වැඩි කරගන්න හදනවා නෙවේ මම. එදා විඳපු දුකේ තරමට මම සැපක් විඳලා නෑ රත්තරන් පුතේ.
 
තරුණ පිරිස අතර ගොඩක් ජනප්‍රියයි “වෙරළු ගෙඩි පැහෙන කාලේ ” ගීතය. ඒ ගැන යමක් කියමු.??
ඔව්. වෙරළු ගෙඩි පැහෙන කාලේ ජනප්‍රිය වුණා. අපේ ගමේ වෙරළු ගෙඩි පැහෙන්නේ අප්‍රේල් මාසේ. රට දෙල් වැටෙන්නේ ජුනි මාසේ. ඒ කියන්නේ මේ ආදරේ තිබ්බේ මාස දෙකයි. මම ඒ අදහස අරං තමයි මේ ගීතය ලියුවේ.
 
චාමරට සින්දු ලියාගෙන ඒ ගීත සංගීතවත් කරන්නෙත් චාමරමයි නේද?
මගෙ හැම ගීතයක්ම පුතේ මගේ හිතේ තිබ්බ හැඟීමක්. මම ඒ හැඟීම තමයි මේ ගීත විධියට එළියට දාන්නේ. මම වෙන අයගේ හැඟීම් මගෙ කරගෙන සින්දු කියන මිනිහෙක් නෙවේ. මම වෙන අය ලියන ගීත ගන්නෙත් නෑ. මට වැඩකුත් නෑ. එහෙම කියන එකා කාලාකාරයකුත් නෙවේ කියලා මම හිතනවා. කලාකරුවෙක් කියන්නේ තනියම ලියලා සංගීතේ දාලා එයාම ගායනා කරන කෙනෙක් කියලයි මගෙ හිතේ විශ්වාසේ.
 
චාමරට සංගීත ක්ෂේත්‍රයෙන් තියෙන තල්ලුව කොහොමද?
මට එහෙම තල්ලු ලැබිලා නෑ රත්තරන් පුතේ. මම මගේ දේවල් අමාරුවෙන් ගොඩනඟා ගත්තා. කාටවත් බෑනේ් පුතේ අපිව තල්ලු කරන්න. අපිට හැකියාව තිබ්බොත් අපි ගොඩ යනවා. මනුස්සකම තියෙන්න ඕනේ. එතකොට කාගෙවත් උදව්වක් ඕන වෙන්නේ නෑ තැනකට එන්න.
 
1980 දශකයේ අග භාගයේ මුල්ම ගීතය ගයපු චාමරත් සහ අද ඉන්න චාමර අතර වෙනස මොකද්ද?
මම හැමදාමත් එකම විධියයි. එදත් ගමේ ඉන්නකොට සෙරෙප්පු දැම්මේ නෑ, ෂර්ට් ඇන්දේ නෑ. මම අදත් එහෙමයි. එදත් මම බුලත් විට කෑවා. මම අදත් බුලත් විට කනවා. මම කවදාවත් වෙනස් වෙලා නෑ පුතේ. මම මේ ගොඩේ කියනවා නෙවේ පුතේ. සරලවම මම ගමේ හැදිච්ච සිංහල බෞද්ධ කොල්ලෙක්.
 
මම එදා හිටියෙත් අම්මයි තාත්තායි එක්ක ගමේ. මම අද ඉන්නෙත් ඒ දෙන්නා එක්ක ගමේ. මම ලංකාවේ හිටියෙත් එක බෑන්ඩ් එකකයි. ගත්තෙත් එක ටෙලිෆෝන් නම්බරයයි. මම ගෙනාවෙත් එක නෝනයි. ඒ වගෙ මට තියෙනවා පුතේ ප්‍රතිපත්ති. මම එහෙම කෙළින් ජීවත් වෙන මිනිහෙක්.
 
චාමර රණවකගෙ පුතා කවුරු වෙනවටද කැමැති?
මට මගේ පුතා කෝටිපතියෙක් කරන්න, ‍ෙදාස්තර කෙනෙක් කරන්න එහෙම ඕනේ නෑ. මෙයා මහණ වුණත් මං කැමැතියි. අපි ඇස් දෙකෙන් යුද්ධ දැක්කා, සුනාමි දැක්කා, නාය යනවා දැක්කා, ඇස් දෙකෙන් කුණු කන්ද කඩා වැටෙනවා දැක්කා. ඇස් දෙකෙන් කොරෝනා ව්‍යසනය දැක්කානේ පුතේ. ඉතිං මම කියන්නේ බුදු දහමට අනුව හැදුණොත් ඇති. චාමර රණවකගෙ පුතා කළගුණ දන්න, වැඩිහිටියන්ට සලකන හොඳ පුතෙක් වුණාම මට ඇති. වැඩිය දේවල් ඕනේ නෑ රත්තරන් පුතේ.
 
අනූෂා රාජපක්ෂ
මව්බිම


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top