Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
15
"බස් රථයේ ආසාදිතයෙක් හිටියොත් ඔහුගේ එක කිවිසුමකින්, බස් රථයේම ගමන් ගන්නා මගීන් වෙත බලපෑමක් එල්ල විය හැකියි.." - බස්රථයේ ඇති COVID-19 අවදානම ගැන ආචාර්යවරුන් කිහිප දෙනෙකු කළ හෙළිදරව්ව - Video

- "බස් රථයේ ආසාදිතයෙක් හිටියොත් ඔහුගේ එක කිවිසුමකින්, බස් රථයේම ගමන් ගන්නා මගීන් වෙත බලපෑමක් එල්ල විය හැකියි.." - බස්රථයේ ඇති COVID-19 අවදානම ගැන ආචාර්යවරුන් කිහිප දෙනෙකු කළ හෙළිදරව්ව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25 Views
සුළං ධාරාවන්හි වැඩිම බලපෑම පවතින්නේ පසුපස ආසනවල සිටින අයටයි....
 
බස් රථය තුළ ගමන් කිරීමේ දී සැම මගියෙක්ම මුව ආවරණ පැළඳීම අවශ්‍යමයි..
 
බස් රථයක් තුල සිටගෙන යාමෙන් කොඩිඩ් 19 වෛරසයට ගොදුරුවීමේ වැඩි අවදානමක් !!!
 
රට යථාවක් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව දිවයින පුරා ව්‍යායම් මංතීරු භාවිත කිරීමේ අවස්ථාව අද සිට ජනතාවට හිමිවනවා.
 
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියත් සමග මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබුණු ව්‍යායාම් මංතීරු අද සිට යළි විවෘත කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහහා අද පෙරවරුවේ විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් සඳහන් කළා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ වුණේ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ පිහිටි ව්‍යායාම් මංතීරුවේදී.
 
ඒ අනුව පෙරවරු 5 සිට පෙරවරු 8 දක්වාත් පස්වරු 4 සිට රාත්‍රී 8 දක්වාත් රට පුරා ව්‍යායාම් මංතීරු ජනතාවට විවෘතව පවතිනවා.
 
මේ අතර, සිය ගම්බිම්වලට යා නොහැකිව බස්නාහිර පළාතේ රැඳී සිටි පුද්ගලයින් ඒ ඒ ප්‍රදේශවලට පිටත් කර යැවීමේ 6 වැනි අදියර අද කටුනායන ආයෝජන ප්‍රවර්ධන කලාපීය ක්‍රීඩාංගණයේදි සිදුකෙරුණා.
 
ඒ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී 3,200 කට අධික පිරිසක් ලංගම බස් රථවලින් සිය ගම්බිම් කරා පිටත් කර යැවුණා.
 
රට යථාවත් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව අදත් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින් විශාල පිරිසක් දුම්රිය සහ බස් රථ මගින් කොළඹට පැමිණියා.
 
කොළඹ රාජ්‍ය හා පෞද්ගලික රැකියා සඳහා පැමිණි පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරන ආකාරය අදත් දක්නට ලැබුණා.
 
රාජකාරී සඳහා පැමිණි පිරිස් නිවෙස් වෙත යාමේදී ද පුද්ගලයින්ගේ උෂ්ණත්වය නැවත පරීක්ෂා කෙරෙනවා.
 
මේ අතර දැනට ක්‍රියාක්මක දෛනික දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ලබන සඳුදා සිට තවදුරටත් වැඩි කරන බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළා.
 
දුම්රියේ ගමන් කිරීම සඳහා මේ වනවිට විශේෂ අවසර පත්‍ර ඉල්ලා ඇති සංඛ්‍යාව 11,500 කට ආසන්නයි.
 
කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය වනතෙක් පොදු ප්‍රවාහන සේවා, විධිමත් නියාමනය සඳහා විශය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කාර්ය සාධක බලකායක් පත්කර තිබෙනවා.
 
සාමාජිකයන් 21 දෙනෙකුගෙන් සමන්විත එම කාර්ය සාධක බලකායේ ප්‍රධාන කාර්යභාරය වන්නේ පොදු ප්‍රවාහනය ඔස්සේ කොඩිඩ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ පියවර ගැනීමයි.
 
මේ අතර බස් රථ තුල කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියට බලපෑ හැකි කරුණු මෙන්ම එය වළක්වා ගැනීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් සකස්කළ පර්යේෂණයක් මොරටුව විශ්වවිද්‍යාලයට සම්බන්ධ ආචාර්යවරුන් කිහිප දෙනෙකු විසින් සිදුකර තිබෙනවා.
 
එම පර්යේෂණය අනුව බස් රථයක් ගමන් කරන විට ජනෙල් විවෘතව පවතින බැවින් බස් රථය තුළට ඇතුලත්වන සුළං ධාරාවන්හි වැඩිම බලපෑම පවතින්නේ පසුපස ආසනවල සිටින අයටයි.
 
එසේම පසුපස කොටසේ සිට සුළං ධාරාවන් සුළියක් සේ කැරකෙමින් බස් රථයේ ඉදිරි පසට යලි හමා ඒමක් සිදු වන බව පර්යේෂකයින් පෙන්වා දෙනවා.
 
ඔවුන් පෙන්වා දෙන්නේ බස් රථයක් තුළ කොඩිඩ් 19 ආසාදිතයෙක් සිටින්නේනම් ඔහුගෙන් නිකුත්වන කිවිසුමක් තුළින් සමස්ත බස් රථයේම ගමන් ගන්නා මගීන් වෙත බලපෑමක් එල්ල විය හැකි බවයි.
 
එම නිසා බස් රථය තුළ ගමන් කිරීමේ දී සැම මගියෙක්ම මුව ආවරණ පැළඳීම මෙන්ම විශබීජ නාශක දියර මගින් අත් පිරිසිදු කර ගැනීම අතිශයින්ම වැදගත් බව අදාළ පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙනවා.
 
එසේම බස් රථයක් තුල සිටගෙන යාමෙන් කොඩිඩ් 19 වෛරසයට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින බවයි එම පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top