Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
15
කොරෝනා භීතිය මැද කාළගුණයත් කැළඹෙයි - අද රාත්‍රීයේ ප්‍රදේශ රැසකට මිලිමීටර 200 ඉක්මවූ තද වැසි - ආරක්ෂා වන්නැයි ධීවරයින්ටත් අවවාද - Video & Photos

- කොරෝනා භීතිය මැද කාළගුණයත් කැළඹෙයි - අද රාත්‍රීයේ ප්‍රදේශ රැසකට මිලිමීටර 200 ඉක්මවූ තද වැසි - ආරක්ෂා වන්නැයි ධීවරයින්ටත් අවවාද - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,590 Views
කොළඹ යට කළ මහ වැස්ස කළ දේ මෙන්න...

මාවනැල්ල නගරයත් ජලයෙන් යටවෙයි !!!

ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 12 ඇතුළත පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් අද රාත්‍රියේදි දිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 200 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි.

නැවත දැනුම් දෙනතුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නොයෙදෙන ලෙසද එම දෙපාර්තමේන්තුව අවවාද කරනවා.

අද පෙරවරුවේ සිටම බස්නාහිර පළාතේ බොහෝ ප්‍රදේශවලට අධික වැසි ඇදහැලුණා. 

ඇති වූ වර්ෂාපතනයත් සමඟ කොළඹ 15, මෝදර, රෙඩ්බානවත්ත ප්‍රදේශයේ නිවාස පෙළක් ජලයෙන් යටවීමත් සමඟ දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. 

දකුණු පළාත ආශ්‍රිතවද තද වැසි ඇදහැලුණා.

ඊයේ රාත්‍රි පටන් පැවති වර්ෂාපතනයත් සමග මාවනැල්ල නගරය ජලයෙන් යටව තිබුණා.

මේ අතර, අම්පාර ඉඟිනියාගල - පරගහකැලේ ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාපතනයත් සමග දුරකථන රැහැන් මතට ගස් කඩාවැටි තිබුණා.

වායුගෝලයේ ඇතිවී තිබෙන කැලඹීමත් සමග දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට අද තද වැසි ඇදහැලුණා.

ගිණිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අවපාතය හෙට වන විට දකුණු බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය තුළදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එය 17 වැනි දින දක්වා වයඹ දෙසටත්, ඉන් අනතුරුව උතුරට බරව ඊසාන දෙසටත් බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය වෙත ගමන් කිරිමට ඉඩ ඇති බවට ඔවුන් අනාවැකි පළකරනවා.

මේ අතර, පවතින වර්ෂාපතනයත් සමග නායයාමේ අවදානම් සහිත කඳුකර ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

දිවයින වටා මුහුදු ප්‍ර දේශවලද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ධීවර ප්‍රජාවට රතු නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව නැවත දැනුම් දෙනතුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍ර දේශවල ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසත්, දැනට මුහුදු ගොස් සිටින ධීවරයින් කඩිනමින් වහා ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙසත් අවවාද කර තිබෙනවා.

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 2.5ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාහැකි අතර, මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතිනවා.

මේ අතර, වැසි තත්ත්වයේ වැඩිවීමත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක්ද මතුව තිබෙනවා.

බෙංගාල බොක්ක මුහුදේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත් එහි බලපෑම මත දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වලට මිලිමීටර් 150 වඩා වැඩි තද වර්ෂා තත්ත්වයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ අනුව මී ඔය, දැඳුරු ඔය, අත්තනගලු ඔය, කැලණි ගංගා ද්‍රෝනිය ඇතුළු ගංගා ද්‍රෝනිවලින් එකක හෝ කිහිපයක දාරා ප්‍රදේශයේ පහත් බිම් ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදාළ ප්‍රදේශවල මහජනතාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top