ඒ, මෙම නියෝගය දෝෂ සහිත බවට ප්‍රකාශ කරමින්. ඒ අනුව මොහු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි විනිසුරුවරයා කොළඹ මහේස්ත්‍රාත්වරියට නියෝග කළේ.
ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න යලි රක්ෂිත බන්ධනාගාර ගත කළ හැකි බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න සඳහන් කළේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ පැවති ප්‍රශ්නගත සුදුවෑන් සාකච්ජාවේ තුනවන සැකකරු ලෙස නම් කළ හිටපු අමාත්‍යවරයාට දෙසැම්බර් මස 30 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධිත පෙත්සම අද කැඳවනු ලැබුවේ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හමුවේයි.
මෙම පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ අධිකරණය මඟහැර යාමට අවකාශයක් නොමැති බවට ඔහු ඇප මත මුදා හැරීමේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් පැමිණ තිබූ නිගමනය දෝෂ සහිත බවයි. එමෙන්ම මෙම සැකකරුට ඇප ප්‍රදානය කිරීමට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ඔහු සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා ලබා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් කැදවීමට අවකාශ තිබූ බව පෙන්වා දුන් විනිසුරුවරයා එසේ නොකිරීම ගැටලූ සහගත බව සඳහන් කළා.
බන්ධනාගාර පනත අනුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබන සැකකරුවෙකු රෝගී වූ විට බන්ධනාගාර රෝහලේ හෝ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා නිර්දේශ කරනු ලබන රජයේ පාලනය යටතේ ඇති රෝහලක පමණක් රඳවා තිබිය යුතු බව නීතියේ සඳහන් බවද විනිසුරුවරයා පෙන්වා දුන්නා.
ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීම බන්ධනාගාර පනතේ 65 වන වගන්තිය යටතේ නීතියට පටහැනි ක්‍රියාවක් බවද ඔහු කියා අවධාරණය කළා.
මේ පිළිබඳව මහේස්ත්‍රාත්වරිය ඇප නියෝගයට ප්‍රකාශයට පත් කිරීමේදී සිය අවධානය යොමු නොකිරීම දෝෂ සහිත බවද මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේදී කියා සිටියා.
නීතිය ඉදිරියේ සෑම පුද්ගලයෙකු එක හා සමාන බවට ස්වර්ණමය සිද්ධාන්තයක් පවතින බවත් එක් පුද්ගලයෙකුට පමණක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට අවසර දීම තුළින් සෙසු සිරකරුවන්ට එම අයිතිවාසිකම භුක්ති විදීමට තිබෙන අවකාශය අහිමි වන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.
සමස්තයක් වශයෙන් ගත් කළ මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමේදී මහේස්ත්‍රාත්වරයි විසින් ඊට අදාල සිද්ධිය හා නීතිමය කරුණු කෙරෙහි අවධානය යොමු නොකිරීම දෝෂ සහිත තත්ත්වයක් බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය හරහා අධිකරණයේ මනස බරපතල ලෙස කම්පනය වන ආකාරයේ දෝෂයක් හටගෙන තිබෙන බවත් කියා සිටියා.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරීස් වර්තමානයේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබන සැකකරුවන් පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විවේචනයක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් මෙම නඩු තීන්දුව තුලින් යහපත් මාර්ගෝපදේශයක් සැපයීම සම්බන්ධයෙන් තමන් ස්තූතිවන්ත වන බවත් සඳහන් කළා.
මෙම නඩු තීන්දුව මගින් ඇප සම්බන්ධයෙන් දිවයිනේ සියලූම මහේස්ත්‍රාත්වරුන්ට හොඳ මාර්ගෝපදේශයක් සපයන නඩු තීන්දුවක් වනු ඇතැයි ද ඔහු විවෘත අධිකරණයේදී සඳහන් කළා.
VIDEO