ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ ලාබාලතම කොරෝනා රෝගියා සුවය ලබා නිවෙස වෙත පැමිණ තිබෙනවා.
නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි මාස 4 ක බිළිඳෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වූ බවට පසුගිය 30 වනදා තහවුරු වූ අතර, එම පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකුටද කොරෝනා ආසාදනය වී තිබුණා.
ඒ හේතුවෙන් එම පවුල සමඟ ඍජුව සම්බන්ධකම් පැවැත්වූ විසිදෙනෙකු නිවෙස් තුළම නිරෝධායනය සඳහා යොමු කිරීමටයි පියවර ගැනුනේ.
මෙම ළදරුවාට ප්‍රතිකාර සිදුකරනු ලැබුවේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදියි.