Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
10
" ඒ වෙලාවට අයියා හිනා වෙලා කියනවා මටත් ඇහෙන්න කියපන්කෝ කුටු කුටු ගන්නේ නැතුව කියලා.." - ජයන්තගේ අවසන් මොහොත ගැන ලෙලුම් කී සංවේදී කතාව - Video & Photos

- " ඒ වෙලාවට අයියා හිනා වෙලා කියනවා මටත් ඇහෙන්න කියපන්කෝ කුටු කුටු ගන්නේ නැතුව කියලා.." - ජයන්තගේ අවසන් මොහොත ගැන ලෙලුම් කී සංවේදී කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

54,796 Views
"මගේ අයියා මරණයට ලෑස්ති වෙලා හිටියේ..."

"පුතාට අයියගේ දේහය බලන්නවත් එන්න බැරි වුණා.."

"අක්කා පිළිකාවකින් නැති වුනු නිසා අයියාගෙත් පරීක්ෂණ කරලා බැලුවා.."

"එතකොට තමයි දැනගත්තේ ජයන්ත අයියටත් පිළිකාවක් කියලා..

ජනතාවගේ හදවතට දැනෙන සංගීත නිර්මාණ බොහොමයක් කළ ආදරණිය සංගීත සහෘදයා ජයන්ත රත්නායක ජිවන ගමනට සමුදී අවසන්. බොහෝ දෙනෙකුගේ ආදරය ගෞරවය නිතැතින් හිමි කරගත් ඒ සිනහාමුසු මුහුණ කිසිකෙනෙකුට අමතක කළ නොහැකි නමුත් ඔහුව මින් පසු දැකගන්න ලැබෙන්නේ නැහැ. කලාව ඕපපාතිකයක් නොවුණු ඔහු ගැන හා ඔහුගේ අවසන් හෝරාව ගැන ඔහුගේ ආදරණිය බාල මළනුවන් ලෙලුම් රත්නායක කියන්නේ මෙහෙම කතාවක්.

බොහෝ දෙනෙක් නොසිතු මොහොතක ජයන්ත රත්නායක නම් සංගීතවේදියා, ඔබේ ආදරණිය වැඩිමහල් සහෝදරයා ජිවිතයට සමු දෙනවා..?
ඒක මෙච්චර ඉක්මනට වුණේ අයියා එයා ගැන හිතන එක, එයා ගැන බලාගන්න එක හරියට නොවුණු නිසයි. ඒක එයාගේ දුර්වලකම. මට තව කාලයක් ඉන්න පුළුවන්, මට වැඩකරගන්න හයියක් තියෙනවා කියලා එයා එයා ගැන බැලුවේ නැහැ. හැමෝම දන්නවා එයා ලෙඩේ ගැන සැලකිලිමත් වුණේ නැහැ. හරියට ප්‍රතිකාර කළේ නැහැ කියලා. අයියගේ බිරිද දරුවෝ ගැන තමයි නිතරම හිතුවේ. එයාගේ ජිවිතේ අංක එක වුණේ පවුල. අංක දෙක තමයි සංගීතය වුණේ. එයාගේ බිරිද ගයනි අක්කා දරුවෝ වගේම අපි හැමෝම නිතරම කිව්වා හරියට ප්‍රතිකාර සදහා යොමු වෙන්න කියලා. නමුත් කියන දේ ඇහුවේ නැහැ. ඒ පැත්තෙන් නම් හරිම දරදඩු චරිතයක්. ඒ නිසා තමයි අපි නොහිතපු මොහොතක අයියා අපෙන් සමු ගත්තේ.

ඔහු අසනීප වෙලා දුර්වල වුණේ කොතරම් කාලෙකට කලින්ද..?
රෝහල් ගත කළේ අප්‍රේල් 1දා. අයියා නැති වුණේ 6දා. ඒ දවස් හයම ජිවත් වුණේ ඔක්සිජන් එක්ක. ඊට සති දෙකකට කලින් තමයි අයියගේ දුර්වලතා මතු වුණේ. ඊට කලින් පිළිකා රෝගියෙක්ද කියලා හිතාගන්න බැරි විදිහට හොද මානසික මට්ටමකින් වැඩකටයුතු කරගෙන හිටියා. මම හිතන්නේ අයියාට අමාරුව දැණුනේ මිය යන්න පැය 24ක කාලයකදී වෙන්න ඇති. ඒ වෙනකල්ම අයියා කතාබහ කළා. හිනාවෙලා අපහසුවකින් තොරව ඉන්න උත්සහ ගත්තා. එයා ලග මගේ බිරිදයි ගයනි අක්කයි දුවයි තමයි නිතරම හිටියේ. මගේ බිරිද හෙදියක් විදිහට වැඩ කළා. එයා කිව්වේ අයියා මැරෙන දිනකට කලිනුත් හොදින් හිටියා කියලයි. ඒ කියන්නේ මතක ශක්තිය එහෙම හොදින් තිබ්බා කියලයි. ඒ වගේම අයියව බේරා ගන්න වෛද්‍යවරු උපරිම උත්සහ ගත්තා. අයියට ඔවුන් දෙවිවරු වගේ පිහිට වුනා. වෛද්‍යවරු වගේම උදව් කළ හැමෝටම ස්තූතිවන්ත වෙන්න ඕන.

අවසන් හෝරාවේ ඔහු මොනවම හෝ කතා කරන්න ඇති..?
අන්තිම මොහොතේ නම් මොකුත් කිව්වේ නැහැ. නමුත් රෝහල් ගත කළාට පස්සේ මම ඇතුළු සංගීත ක්ෂේත්‍රයේ කිහිප දෙනෙක් අපි අයියා ලග හිටියා. බෙදිලා ඔහුගේ වැඩකටයුතු කරලා දුන්නා. එහෙම ඉන්න වෙලාවට අපි හිමිහිට කතා කරනවා අයියට ඇහෙන්නේ නැති වෙන්න. ඒක එයාගේ නිදහසට බාධාවක් කියලා හිතලා. ඒ වෙලාවට අයියා හිනා වෙලා කියනවා මටත් ඇහෙන්න කියපන් කුටු කුටු ගන්නේ නැතුව කියලා. අපිත් එක්ක කතා කරලා එයාට මහන්සි දැනෙන වෙලාවට ඔළුව හරවලා ඇස්දෙක පියා ගන්නවා. අන්තිම පැය එකහමාරක කාලය තුලදී තමයි අමාරුවෙන් හුස්ම අරගෙන තියෙන්නේ ඔක්සිජන් දීලා තියෙද්දී. මගේ අයියා දුක් විදලා මරුනේ නැහැ කියලා මට හිතෙනවා. ඒ වගේම මගේ අයියා මරණයට ලෑස්ති වෙලා හිටියේ. එයා මරණයට බය වෙලා කොයි මොහොතකවත් ජිවත් වුනේ නැහැ. අනේ මට අමාරුයි, මාව කොහොම හරි බේරා ගන්න කියලා කවදාවත් කිව්වේ නැහැ. වේදනාවකින් කිසිම දවසක හිටියේ නැහැ. නිතරම හිටියේ හිනා වෙලා වේදනාවක් නොවුණු ගානට.

ඔබේ සහෝදරියක් මිය ගියෙත් පිළිකාවකින්. ජයන්ත සහෝදරයාටත් පිළිකාවක් කියලා දැනගත්තේ කොයි කාලේදීද..?
අන්තිම කාලේ අයියට ප්‍රතිකාර කලේ ඩොක්ටර් ප්‍රසාද් අබේසිංහ. අපේ ලොකු අක්කා නැති වුනෙත් බඩවැලේ පිළිකාවකින්. එයාට පිළිකාවක් කියලා දැනගන්නකොට ප්‍රමාද වැඩියි. ඒ නිසා කිමෝ තෙරපි ප්‍රතිකරවත් කරන්න පුළුවන් මට්ටමක නෙමෙයි හිටියේ. ඒ තරමට පැතිරිලා තිබුනේ. අයියට ඩෙංගු හැදිලා හිටියා. 2018 අවුරුද්දේ මුල් කලේ. හොද වුණත් විවිධ අසනීප තත්ත්ව මතු වුණා. යථාතත්වයට පත් වුනේ නැහැ. අපේ පවුලේ හිතවතෙක් තමයි ඩොක්ටර් ආලෝක පතිරණ කියන්නේ. එයා කිව්වා අක්කටත් පිළිකාවක් තිබ්බ නිසා කෝකටත් පරීක්ෂණයක් කරලා බලමු කියලා. ඔහු අයියගේ රුධිර පරීක්ෂණයක් කළා. හිමොග්ලොබින් වැඩියි කියලා ඒ පරීක්ෂණයෙන් තහවුරු වුනා. ඊට පස්සේ තවත් පරීක්ෂණ කිහිපයක් කරන්න කිව්වා. එයින් තමයි තහවුරු වුනේ අයියට අක්මාවේ පිළිකාවක් කියලා. ඒ 2018 වර්ෂයේ මැයි මාසේ.

ඔබ ඒ පවුලට සමීපව කටයුතු කරන කෙනෙක්. මේ වියෝව ඒ පවුලේ අයට දරාගන්න බැරි වේදනාවක් වෙන්න ඇති..?
සැමියෙක් නැති බිරිදකගේ වේදනාව ගැන මම අමුතුවෙන් කියන්න ඕන නැහැ. ගයනි අක්කා මේ වෙලාවේ ලොකු වේදනාවකින් ඉන්නේ අයියගේ වෙන් වීම එයාට දරාගන්න බැහැ. පුතා සජන. අවුරුදු 23යි. එය ඇමරිකාවේ වැඩිදුර අධ්‍යාපනය ලබනවා. පුතාට රටේ තියෙන තත්ත්වය එක්ක පියාගේ දේහය දැකගන්නවත් බැරි වුනා. මැයි මාසේ එයාගේ උපාධි ප්‍රධානෝත්සවය. අක්කයි අයියයි දෙන්නම ඒකට යන්න හිටියේ. නමුත් ඊට කලින් අයියා ජිවිතයෙන් සමු ගත්තා. දුව ශෙජනී. ඇයත් උපාධියක් ලබා ගන්න ඉගෙන ගන්නවා. මේ වෙලාවේ මම මතක් කරන්න ඕන ගයනි අක්කගේ පවුලේ අය ගැන. ඒ හැමෝම අක්කව තනි නොකර අයියටත් උදව් කරමින් වැඩකලා. අයියා ගැන නිතරම හොයලා බැලුවා. මේ වෙද්දී මේ හැමෝම ඉන්නේ වේදනාවෙන්.

පවුලේ වැඩිමලා හැටියට කුඩා කාලේ ජයන්ත කොයි වගේ චරිතයක්ද..?
අපේ පවුලට ආදර්ශමත් චරිතය ඔහු කිව්වොත් හරි. පුංචි කාලේ ඉදලා අම්මා තාත්තට පුදුම විදිහට ආදරේ කල ගෞරව කළ කෙනෙක්. මම මොකක් හරි වැරැද්ද කළොත් මට කියනවා උබට පිස්සුද වික්ටර් රත්නායක කියන නම ආරක්ෂා කරපං කියලා. එයා 10 වසර ඉන්නකොට නිෂ්පාදකවරයෙක් එයාට ආරාධනාවක් කළා ලස්සන දමිළ සිංදුවල තනුවලින් අනුවාද කරලා සංගීත තැටියක් කරන්න. එයා මුලින්ම අවසර ඉල්ලුවේ තාත්තාගෙන්. තාත්තා එපා කිව්වොත් කිසි දෙයක් කරන්නේ නැහැ. මම එහෙම නෙමෙයි මට ඕන දේ මම කළා. හොද නරක සධාචාරය ඉගැන්නුවේ අපේ අම්මා. පවුල කළමනාකරණය කළේ අම්මා. මොකද තාත්තා රෑට සංදර්ශන වලට යනවා අපි පාසල් ඇරිලා එද්දී තාත්තා නිදි. මාසෙකට දවස් තුනක් විතර තමයි අපිට තාත්තා එක්ක එකට වැඩිවෙලා කතාබහ කරන්න විනෝද වෙන්න වෙලාව තිබ්බේ. අපි වෙනුවෙන් එයා හම්බ කළා. මේ හැම වේලවකදිම අයියා තමයි පවුලේ හොදම කෙනා. හැමදේකටම දක්ෂයි.

හර්ෂණී වීරරත්න
 












Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top