Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
10
වී මෝල් හිමියන්ගේ සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරයි - Photo

- වී මෝල් හිමියන්ගේ සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරයි - PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,456 Views
සියළුම වී මෝල් හිමියන්ගේ සේවාවන් නැවත දැනුම් දෙන තුරු කොරෝනා නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නම් කර තිබෙනවා.
 
අත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදා හැරීම මෙන්ම ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මේ අනුව දිවයිනේ සියළුම සහල් මෝල් හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය, තමන් සතු වී තොග සහල් බවට පත් කළ යුතු වනවා.
 
සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ ද, මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් දිස්ත්‍රික් බල ප්‍රදේශවල සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන් දිවයින පුරා සහල් තොග බෙදා හැරීමට ක්‍රියා කළ යුතු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් මෙම කරුණු වැඩබලන පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ආහාර කොමසාරිස් ජනරාල් මෙන්ම පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top