Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
09
ලෝකයම මළගමක් කරමින්, COVID 19 මරණ සංඛ්‍යාව 90, 000ත් පන්නයි - ආසාදිතයන් 1,541,538ක් - Photos

- ලෝකයම මළගමක් කරමින්, COVID 19 මරණ සංඛ්‍යාව 90, 000ත් පන්නයි - ආසාදිතයන් 1,541,538ක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,397 Views
ඇමරිකාවත් අවදානම් කලාපයක...
48509ක් බරපතල තත්ත්වයේ...
රෝගීන් 3,42,272ක් සුවය ලබා ගිහින්...
 
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 90000 ඉක්මවා තිබෙනවා. මේවන විට වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 90086ක්. ලොවපුරා වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1541538ක්.
 
රෝගීන් 342272ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
 
ප්‍රතිකාර ලබන පුද්ගලයන් අතරින් 48509ක් බරපතල තත්වයේ පසුවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කොවිඩ් 19 ව්‍යාප්තිය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් හඳුනා ගෙන අදට දින 100ක් ගත වනවා.
අද වනවිට වෛරසය රටවල් සහ කලාප 200කට අධික ප්‍රමාණයකට පැතිර ගොස් තිබෙනවා.
 
මේ අතර, තම රට තුළ කොවිඩ් 19 ව්‍යාප්තියේ දෙවන රැල්ලක් මතුවීමේ අවධානමක් ඇති බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් අනතුරු අඟවනවා.
 
වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවක් මේ වනවිට ඇමරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 435,160ක්.
 
ඒ අතරින් ආසාදිතයන් 31,935ක් වාර්තා වූයේ ගතවූ පැය 24 තුළයි.
 
එම කාලය තුළ ඇමරිකාවෙන් නව මරණ 1940ක් වාර්තාවීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 14,792 දක්වා ඉහළ ගියා.
 
යුරෝපයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් මේ වනවිට ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 148,220ක් දක්වා ඉහළ ගියේ ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 6278ක් හමුවීමත් සමඟයි.
 
ස්පාඤ්ඤයේ පුද්ගල මරණ 14,792ක් මේ වනවිට වාර්තා වන අතර, ගතවූ පැය 24 තුළ එරටින් පුද්ගල මරණ 747ක් වාර්තා වුණා.

All news about Coronavirus | EuronewsCoronavirus in Russia: The Latest News - The Moscow TimesIn pictures: The novel coronavirus outbreakGiving birth during coronavirus: 'Something has been stolen from ...No lockdown yet as Sierra Leone records first case of Covid-19
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top