Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
09
"පුළුවන් හැමතැනටම කිව්වා, අනේ අපිව ඉක්මනට අපේ ලංකාවට ගෙන්වා ගන්න..." - අග්‍රාහි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් පිරිසක් හිරුට කියපු සංවේදී කතාව - Video

- "පුළුවන් හැමතැනටම කිව්වා, අනේ අපිව ඉක්මනට අපේ ලංකාවට ගෙන්වා ගන්න..." - අග්‍රාහි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් පිරිසක් හිරුට කියපු සංවේදී කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,947 Views
"අග්‍රා නගරය අද රෑ ඉඳන් සීල් කරලා තමයි තියෙන්නේ.."
අපි වගේම ප්‍රශ්න තියන තවත් ළමයි 700ක් විතර ඉන්නවා..
2018 තමයි ආවේ, බොන්නවත් වතුර තිබ්බේ නැහැ...
 
කොවිඩ් 19 ව්‍යාප්තිය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් හඳුනා ගෙන අදට දින 100ක් ගත වනවා. අද වනවිට වෛරසය රටවල් සහ කලාප 200කට අධික ප්‍රමාණයකට පැතිර ඇති අතර, වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 15කට අධිකයි.
 
මේ අතර, තම රට තුළ කොවිඩ් 19 ව්‍යාප්තියේ දෙවන රැල්ලක් මතුවීමේ අවධානමක් ඇති බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් අනතුරු අඟවනවා.

ලොවපුරා වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 1,519,484ක් දක්වා ඉහළ ගියේ ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 84,384 වාර්තාවීමත් සමඟයි.
 
ලොවපුරා වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව මේ වනවිට 88,549 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
වෛරසය ආසාදනය වූ ලක්ෂ 15කට වැඩි පුද්ගලයන් අතුරින් තවමත් සුවය ලබා ඇත්තේ 333,916ක් පමණයි.
 
වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවක් මේ වනවිට ඇමරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 435,160ක්.
 
ඒ අතරින් ආසාදිතයන් 31,935ක් වාර්තා වූයේ ගතවූ පැය 24 තුළයි.
 
එම කාලය තුළ ඇමරිකාවෙන් නව මරණ 1940ක් වාර්තාවීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 14,792 දක්වා ඉහළ ගියා.
 
යුරෝපයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් මේ වනවිට ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 148,220ක් දක්වා ඉහළ ගියේ ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 6278ක් හමුවීමත් සමඟයි.
 
ස්පාඤ්ඤයේ පුද්ගල මරණ 14,792ක් මේ වනවිට වාර්තා වන අතර, ගතවූ පැය 24 තුළ එරටින් පුද්ගල මරණ 747ක් වාර්තා වුණා.
 
මේ ස්පාඤ්ඤයේ කොවිඩ් 19 ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයෙකු නිවෙසට පැමිණෙන විට අසල්වාසීන් පිළිගත් ආකාරයයි.
 
ඉතාලියේ ගතවූ පැය 24 තුළ ආසාදිතයන් 3836ක් වාර්තාවීමත් සමඟ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 139,422 දක්වා ඉහළ ගියා.
 
ඉතාලියෙන් මේ වනවිට පුද්ගල මරණ 17,669ක් වාර්තා වන අතර, ඉන් මරණ 542ක්ම වාර්තා වුණේ ගත වූ පැය 24 තුළයි.
 
ඉතාලියේදී කොවිඩ් 19 ආසාදනය වී සුවය ලැබූ ශ්‍රී ලාංකික කාන්තාවක් තම අත්දැකීම් මෙලෙස විස්තර කළා.
 
මේ අතර, අසල්වැසි ඉන්දියාවෙන් කොවිඩ් 19 ආසාදිතයන් 5916ක් වාර්තා වන අතර, සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 178 දක්වා ඉහළ ගියා.
 
මෙම තත්ත්වය හමුවේ ආග්‍රා ඇතුළු දිස්ත්‍රික්ක 15ක් මුළුමණින්ම වසා දැමීමට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
 
ඉන්දියාවේ කොවිඩ් 19 ආසාදිතයන් වැඩිම පිරිසක් වාර්තා වන අග්‍රා හි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් පිරිසක් රැඳී සිටින අතර, ඔවුන් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් පළ කළා.
 
"අපි කේන්ද්‍රීය හින්දි සංස්ථාන් අග්‍රාවල තමයි ඉගෙන ගන්නේ. අපි මහ කොමසාරිස් කාර්යාලයට, තානාපති කාර්යාලවලට, කියන්න පුළුවන් හැම තැනකටම අපි ගැන කියලා තියෙන්නේ. අග්‍රා නගරය අද රෑ ඉඳන් සීල් කරලා තමයි තියෙන්නේ. ජනාධිපතිතුමා අපිට තාත්තා කෙනෙක් වගේ. අපි හිතනවා ඒ තාත්තා අපි ගැන හිතලා අපිව පුළුවන් ඉක්මණින් ගෙන්වා ගනියි කියලා. අනේ අපිව ඉක්මනට අපේ ලංකාවට ගෙන්වා ගන්න..."
 
ඉන්දියාවේ නවදිල්ලි නුවර උසස් අධ්‍යාපනය හදාරණ ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් දෙදෙනෙක් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ තමන් මුහුණ පා සිටින ගැටලු සම්බන්ධව අදහස් පළ කළා.
 
"අපි 2018 නවදිල්ලියට ආවේ. ගොඩක් අපහසුතා මත තමයි අපි මෙහෙ ඉන්නේ. බොන්නවත් වතුර තිබ්බේ නැහැ. අපේ රටේ ජනධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන් ඉල්ලීමක්කරන්නේ කාරුණිකව අපව ලංකාවට ගෙන්න ගන්න කියලා. අපි වගේම ප්‍රශ්න තියන තවත් ළමයි 700ක් විතර දැනට ඉන්නවා ඉන්දියාව පුරා..."
 
මේ අතර, මගී නෞකාවලට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම තහනම් කර තිබියදී රුබී ප්‍රින්සස් මගී නෞකාවට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වරායකට ඇතුළුවීමට ඉඩදීම සම්බන්ධව එරට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
 
ඒ, අදාළ නෞකාවෙන් පිටව ගිය මගීන් 2700ක් අතුරින් 15 දෙනෙකු මියගොස් තවත් 600කට පමණ වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තාවීමත් සමගයි.
 
මේ අතර, වෛරසයේ තිඹිරිගෙය වූ චීනයේ වූහාන් ප්‍රදේශයේ ජන ජීවිතය අද වනවිට යථාතත්ත්වයට පත්වුව ද චීනයේ උතුරු ප්‍රදේශයේ සුයිෆෙන්හේ නගරය වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා.
 
රුසියානු දේශ සීමාව ආසන්නයේ පිහිටා ඇති එම නගරයෙන් ගතවූ දින කිහිපය තුළ නව ආසාදිතයන් වාර්තාවීමත් සමඟ චීනය මෙම පියවර ගෙන ඇති අතර, අත්‍යවශ්‍ය කටයුතු සඳහා දින 3කට වරක් පමණක් නගරයෙන් පිටතට පැමිණීමට ජනතාවට අවස්ථාව හිමි වනවා.
 
ගත වූ පැය 24 තුළ චීනයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 62දෙදෙනෙකු වාර්තා වුණා.
 
මේ අතර, ලොවපුරා තවමත් කොවිඩ් 19 ව්‍යාප්තිය සිදුවන බැවින් චීනයට දෙවන වරටත් කොවිඩ් 19 රැල්ලක බලපෑමක් ඇතිවීමේ අවධානමක් පවතින බව චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග් අනතුරු අඟවනවා.
 
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට ඇමරිකානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළ අතර, ඔහු අවධාරණය කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට මූල්‍ය ආධාර ලබාදීම සම්බන්ධව ඇමරිකාවට නැවතත් සිතා බැලීමට සිදුවන බවයි.
 
ඊට ප්‍රතිකාර දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇනම් ඉල්ලා සිටින්නේ කොවිඩ් 19 ගෝලීය ව්‍යාප්තිය දේශපාලනීකරණය නොකරන ලෙසයි.




 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top