Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
09
"මට ඔබත් එක්ක ඉන්න අවසර නැහැ. නමුත් මම ඔබ වෙනුවෙන් මෙතන ඉන්නවා..." - COVID 19 නිසා, සිය බිරිඳ අසළටවත් යන්න නොහැකි වූ සැමියෙකුගේ සංවේදී කතාව - Photos

- "මට ඔබත් එක්ක ඉන්න අවසර නැහැ. නමුත් මම ඔබ වෙනුවෙන් මෙතන ඉන්නවා..." - COVID 19 නිසා, සිය බිරිඳ අසළටවත් යන්න නොහැකි වූ සැමියෙකුගේ සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,904 Views
"කාටවත් මෙහේ එන්න බෑ, ඒත් ඔහු නතර වුණේ නැහැ.."
"ඔබ දෙදෙනා මගේ හදවත දිනාගත්තා. ආදරෙයි."
"කිසිදු අමුත්තෙකුට මෙහි එන්න බැහැ.."
 
ඇය කෙලී. ඔහු ඇල්බට්. මේ ආදරවන්තයින්ව ශාරීරික වශයෙන් වෙන් කරන්න හේතුව කොරෝනා. ඒත් ඔවුන්ගේ හිත්වල නොමැරුණු ප්‍රේමය වෙන් කරවන්නට "කොරෝනා"ට බැරි වුණා.
 
වසංගතය හේතුවෙන් කෙලීට රෝහල තුළ ප්‍රතිකාර ලබා දෙන මොහොතේ, ඇල්බට් කොනර් රෝහලෙන් පිටත ඇය වෙනුවෙන් රැඳී සිටියා.

මෙම ඡායාරූප කතාව කෙලී සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ පසු අන්තර්ජාලය උණුසුම් කරමින් එය පැතිර ගියේ "සැබෑ ප්‍රේමය මේ බව" කියමිනුයි.
 
ඡායාරූපයේ සිටින ඇල්බට් පොතක් කියවමින්, පසෙකින් පුවරුවක්ද තබාගෙන සිටින අයුරු දැකගත හැකියි.
 
"මට ඔබත් එක්ක ඉන්න අවසර නැහැ. නමුත් මම ඔබ වෙනුවෙන් මෙතන ඉන්නවා..."

ඒ සමඟම රෝහල් කාර්ය මණ්ඩලයට ස්තුති කරන්නටත් ඔහු අමතක කර නැහැ.
 
කෙලී සිය ෆේස්බුක් පිටුවට එක් කළ මෙම ඡායාරූපයේ "කැප්ෂන්" එක ලෙස යොදා ඇත්තේ මෙසේ යි.
 
"වෛරසය හේතුවෙන් කිසිදු අමුත්තෙකුට මෙහි එන්න බැහැ. ඒත්.. ඒත් ඔහු ඒක නතර කළේ නෑ. ඇත්තටම ස්තුතියි ඔහුගේ ආදරයටත් සහයෝගයටත්.."
 
මෙම ෆේස්බුක් සටහනට බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඔවුන්ගේ "සදාතනික ප්‍රේමයට" ලැබුණු උණුසුම් සුබපැතුම්ද ඒ අතර වුණා.
 
"ඔබ දෙදෙනා මගේ හදවත දිනාගත්තා. ආදරෙයි."
 
"එය ඇත්තෙන්ම පුදුම සහගතයි. මොනතරම් අගනා ස්වාමිපුරුෂයෙක්ද ඔහු?"
 
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)

Man 'Separated' from His Wife Due to Coronavirus Waits Outside ...Husband holds sign outside for wife who has to go to chemotherapy ...Man can't be with wife during chemo treatments, so he waits ...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top