Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
09
කොරෝනා අරමුදලට තවත් මිලියන 97 ක්

- කොරෝනා අරමුදලට තවත් මිලියන 97 ක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,438 Views
කොවිඩ් - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 97 ක පරිත්‍යාගයක් ඊයේ ලබාදී තිබෙනවා.

ඒ අනුව එම අරමුදලේ ශේෂය රුපියල් මිලියන 517 ඉක්මවා ගොස් ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අමාත්‍ය චමල් රාජපක්ෂ, තම අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවලින් ලබාදුන් රුපියල් මිලියන 29.5 ක්, අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් පරිත්‍යාග කළ රුපියල් මිලියන 2.8 ක් සහ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන තමන්ගේ අප්‍රේල් මස වැටුප මෙලෙස ජනාධිපතිවරයා වෙත ලබාදී තිබෙනවා.

මීට අමතරව තවත් විවිධ ආයතන සහ සංවිධානවලින් ද රුපියල් මිලියන 25 ක මුදලක්ද මෙම අරමුදල වෙත ඊයේ පරිත්‍යාග කෙරුණා.

මේ අතර මෙරට සෞඛ්‍ය බලධාරීන් සහ රජයේ ප්‍රධානීන් කොරෝනා තත්ත්වය කළමනාකරණය කරන ආකාරය පිළිබඳව යුරෝපීය සංගමයේ නියෝජිතයින්ගේ ප්‍රසාදය පළවී තිබෙනවා. ඒ අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අවස්ථාවේදියි.

ඊට යුරෝපීය සංගමයට අයත් රටවල තානාපතිවරුන් ද එක්වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top