ඇඳිරි නීති කාලසීමාවේ ඉඩම් ආරවුලක් සම්බන්ධව ඇතිවූ කථාබහක් දුරදිග යෑමෙන් පොල්ලකින් පහරදීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බව පයාගල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පයාගල හල්කඳවිල ප්‍රදේශයේ පදිංචිව සිටි යූ.ඩබ්ලිව්.ඒ. රත්නසිරි නමැති 53 හැවිරිදි පුද්ගලයෙක් වන බවත් ඔහු ශ්‍රීලංකාවේ හිටපු නමගිය පාපැදි ශූරයෙක් බවත් පැවසේ.
ඉඩම් ආරවුල සම්බන්ධයෙන් ඇතිවූ කථා බහේදී අසල නිවසක පිය පුතු දෙපළක් මියගිය පුද්ගලයාට පොල්ලකින් මුහුණට සහ හිසට පහරදී ඇති අතර ඊට පෙර මියගිය පුද්ගලයා උදැල්ලකින් කළ පහරදීමෙන් විරුද්ධ පාර්ශවයේ පියාද රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
පහරදීම සම්බන්ධයෙන් පිය පුතු යුවළ අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමට යොදාගත් පොල්ලද සොයාගෙන තිබෙනවා.