Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
08
"ආදරයට යෝජනා නම් එනවා. කාලයට ඉඩදීලා බලා ගෙන ඉන්නවා, ඒ හිඩැස පුරවන්න බැරි වෙයි.." - විජය නන්දසිරිගේ පුත් කියයි

- "ආදරයට යෝජනා නම් එනවා. කාලයට ඉඩදීලා බලා ගෙන ඉන්නවා, ඒ හිඩැස පුරවන්න බැරි වෙයි.." - විජය නන්දසිරිගේ පුත් කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,898 Views
"වෘත්තියෙන් ගුවන් නියමුවෙක්. ඒක කරගෙන යනවා..."

"එතැනදි වැරැදි කරන්න බැහැ. දෙවන අවස්ථාවක් එතැනදි නැහැ.."

“තාත්තා එදා කලා ජීවිතය පටන් ගත්තෙ ප්‍රේමවන්තයාගේ චරිතයෙන්. ඉන් පසුව දුෂ්ඨයා වෙලා, කුමාරයා වෙලා, හාස්‍ය චරිත සමග චරිතාංග නළුවකු ලෙස මුද්‍රාව සනිටුහන් කළා. තාත්තා වගේම මම පටන් ගත්තෙත් කතුරු මිතුරු හරහා ප්‍රේමවන්තයකු ලෙසයි. හැබැයි තාත්තා වගේ තමන්ගේ ගමනට දැක්වූ අප්‍රතිහත කැපවීම, ගෞරවය, විනය, ගුණය, හරය මට කරන්න බැරිවේවි. ඒත් ඒ දේවල් රැකගෙන මට මේ අංශයේදී කවුද වෙන්න පුළුවන් කියන දේ කරන්න අවංකව කැපවෙනවා. මට කළ හැකි උපරිම දේ කිරීමට උත්සාහ ගන්නවා.”

මේ විදියට ප්‍රකාශ කරන්නේ විජය නන්දසිරි අසහාය කලාකරුවානන්ගේ පුතු වන රසාංජන නන්දසිරිය. ඔහු පියාගේ අඩි පාරේ යමින් රංගනයට ප්‍රවිශ්ඨ වුණේ කුඩා කාලයේදීමය. ඒ තාත්තාගේ නාට්‍ය හරහාය. වත්මනෙහි ඔහු ප්‍රධාන භූමිකාවකට දායක වන්නේ ගිරිරාජ් කෞෂල්‍ය ප්‍රවීණයාගේ ‘කතුරු මිතුරු’ චිත්‍රපටය සමගය. එහි ප්‍රධාන චරිතයකට දායකව සිටින රසාංජන ගැනයි මේ.

රසාංජන, මුලින්ම කිව්වොත් මොනවද අලුත් විස්තර?
“මේ දිනවල නම් ගිරිරාජ්ගේ නවතම චිත්‍රපටය තිරගත වේවි කියලා. හිතන් හිටිය ඒත් රටේ තත්ත්වය නිසා පසුවට කල් යාවි.”

ඔබගේ ජීවිතය ගෙවෙන්නෙ කොහොම ද?
“අධ්‍යාපන කටයුතු සහ රැකියාවේ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව තවත් අලුත් පිටුවක් පෙරළුවෙ චිත්‍රපට ක්‍ෂේත්‍රයට පා තැබීම ‘කතුරු මිතුරු’ හරහා.”

ඉගෙන ගන්නෙ?
“වෘත්තියෙන් ගුවන් නියමුවෙක්. ඒක කරගෙන යනවා. මගේ ආසාව එය. පවුලෙන් ලැබුණු දායාදය කලාව. තාත්තා මේ ක්‍ෂේත්‍රයේ හිටපු විශාල චරිතයක්. ඉතින් තාත්තා වගේම අම්මත්, එයා රූපවාහිනියේ ප්‍රථම නිළිය. ඒ තරු දෙපළගේ පුතකු ලෙස මටත් යමක් කළ යුතුව තිබෙනවා. කලාව තමයි මාත් උදේ සවස දුටුවෙ. එයාලා පුදුම කැපවීමකින්, විනයකින් ඒක කළේ.”

ගුවන් නියමුවකු ලෙස?
“වෘත්තිය එයයි.”

ඔබගෙ මුල්ම රඟපෑම?
“මුලින්ම රඟපෑවෙ, කලාවට ආවෙ තාත්තාගෙ වේදිකා නාට්‍යයකින්. ඊට අමතරව වේදිකා පරිපාලනයෙන්, සංගීතය සහ ආලෝකකරණයෙන් මම තාත්තාගෙ නාට්‍යවලට දායකත්වය සැපැයුවා. පිටරටවල යද්දි පවා ඒ දායකත්වය ලබාදුන්නා, වේදිකා පරිපාලනය සහ ශබ්ද පරිපාලනය වගේ අංශවලින්. තාත්තා බොහෝ සෙයින් ආදරය කළේ වේදිකාවට. ඒක බැරෑරුම් සහ අත්දැකීම් ගත හැකි මාධ්‍යයක්. එතැනදි වැරැදි කරන්න බැහැ. දෙවන අවස්ථාවක් එතැනදි නැහැ. තාත්තාගෙන් වුණත් ගත්ත දේ එයින් හොඳ අත්දැකීමක් ලැබෙනවා ද කියලා. මටත් ඒ අත්දැකීම ලැබීම වාසනාවක්.”

මේ වනවිට නිර්මාණ කීයකට දායකත්වය ලබාදීලා තියෙනවා ද?
“තාත්තගෙ කුස පබාවතී, වෘෂභරාජ, හාරත රැජින, ශ්‍රී ගජබා යන නාට්‍යවලට දායකත්වය ලබාදුන්නා. තාත්තාගෙ අභාවයෙන් පසුව කුස පබාවතී නැවත වේදිකාගත කළා. මව පබාවතී ලෙසත්, තාත්තා රඟපෑ ජයම්පති කුමරු ලෙස මමත් රඟපෑවා. කුස චරිතයට රොජර් සෙනෙවිරත්න මහතා. පසුව නැවත අධ්‍යාපන කටයුතුවලට පෙළැඹුණා. වේදිකා නාට්‍ය ගත්තාම තාත්තාගෙ අහිමිවීමෙන් පසුව ඒ ක්‍ෂේත්‍රයත් කඩා වැටීමකට ලක්වුණා. තාත්තාට තියෙන ගරුත්වයට සෙනග එදා පිරුණා. තාත්තා වුණත් ඒ ගෞරවයට මහන්සි නොබලා වැඩ කළා.”

මේ අත්දැකීම මොන වගේ ද? චිත්‍රපටයක රඟපෑම?
“මගේ අත්දැකීමට වඩා අධ්‍යක්‍ෂතුමන්ගේ තීරණයට මගේ ස්තුතිය පුදන්න ඕනෙ. ගිරා මාමා මාව පුංචි කාලයේ ඉඳලාම දන්නවා. ඒක චැලේන්ජ් එකක්, මේ චරිතය මම බාරගැනීමම. චිත්‍රපටයේ සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨ නළු නිළි කැළ, විශේෂයෙන්ම මගේ පියා ලෙස ජයලත් මනෝරත්නයන් සහ සෙසු චරිත වන මහේන්ද්‍ර මාමා, රොඩ්නි සහ ප්‍රියන්ත මාමලා මට ආගන්තුක නැහැ. ඒත් ඔවුන්ගෙන් ලද අධ්‍යාපනය ඉතා ඉහළයි. මට ඔවුනගේ ආභාෂයෙන් බොහෝසෙයින් පෝෂණය වෙන්න පුළුවන් වුණා. ගිරිරාජ් මාමා මට ලබාදුන් දායාදයක් මේ.”

මේ චිත්‍රපටයේ රඟපාන බව තාත්තා දැනගෙන හිටියා ද?
“තාත්තා ජීවතුන් අතර සිටියදී කළ සූදානමක් නෙවෙයි. හැබැයි ගිරිරාජ් අංකල් තාත්තාට චරිතයක් ලියලා තිබුණෙ. අභාවයෙන් පසුව මෙය පටන්ගත්තෙ. ගිරිරාජ් අංකල් කුස පබාවතී වේදිකාගත කළ වෙලාවෙ මා ගැන හිතලා තියෙන්නෙ. පසුව මට ඒ චරිතයට එතුමා ආරාධනා කළා.”

අම්මා මොනවද කිව්වෙ?
“මම ඒ කාලය වනවිට මගේ අධ්‍යාපන වැඩ නිසා කාර්යබහුල වෙලා හිටියෙ. අම්මගෙ ආශිර්වාදය එක්ක ආවේ. තාත්තා කාර්යබහුල වුණත් අම්මා තමයි පිටුපස සිට සියල්ල කළමනාකරණය කළේ, හොඳ මැනේජ්ර් කෙනෙක් වගේ. තාත්තාගෙ ඩයරිය පවා තිබුණේ අම්මා ළඟ. මටත් යෝධ ශක්තියක් වුණේ අම්මා. ඒ වගේම මගේ අක්කා ලංකාවෙ නොසිටියත් සොයා බලනවා. ඒ ගැනත් කියන්නම ඕනෑ. අක්කාගෙ දියණිය සහන්‍යා මිහිරාණි සිඟිති දූ දැන් ගීත මුමුණනවා.”

කොහොම ද රසංජනගෙ ආදරය?
“අද ඇත්තටම මගේ ආදරය අධ්‍යාපනයට. ගුවන් නියමුවකු වීමේ අධ්‍යාපනයට. දැනට ප්‍රශ්නයක් නැහැ, පෙම්වතියක නැති නිසා. ඉදිරියෙ බලමු.”

යෝජනා එහෙම එනවත් ඇති?
“යෝජනා නම් එනවා. කාලයට ඉඩදීලා බලා ඉන්නෙ වෙලාව එනකල්.”

අද තාත්තා නැති අඩුව දැනෙන්නෙ?
ඒක වචනයෙන් විස්තර කරන්න බැහැ. වසර 3ක් ගෙවිලා ගිහින්. මගේ ජීවිතයේ විශාලම අඩුවක්. මට වයස 25යි. තාත්තායි මමයි ඉතා සමීපව හිටියෙ. වගකීම් කියන දේ උපරිමයෙන් මට සහ අක්කාට ඉටුකළ යෝධ චරිතයක්. පවුලට ප්‍රථම තැන දුන්න කෙනෙක්. තාත්තාව ආදර්ශයට ගත් ක්‍ෂේත්‍රයේ අය හිටියා. බොහෝ විට මම තාත්තා එක්ක තමයි ගමන් ගියේ. මාත් තාත්තා තරමටම ඒ නිසා කාර්යබහුල වෙලා හිටියෙ. කාලය ඉතා හොඳට කළමනාකරණය කළා. කාර්යබහුලත්වය අතරේ තාත්තා ජීවිතය නිසි ලෙස කළමනාකරණය කරගන්න චරිතයක්. ඒ ලබාදුන්න ආදරය පුරවන්න කාටවත් බැහැ. එතැනදී හරිම හිස් බවක්, ලොකු හිඩැසක් දැනෙන්නෙ.”

සඳුන් ගමගේ




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top