Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
08
"ඉක්මනින් සුව වෙන්න බොරිස්! ඔබට මේක පරාජය කරන්න පුළුවන්.." - බොරිස් ජොන්සන් වෙනුවෙන්, වීදි බැසගත් ජනතාව, ඔහුට ආශිර්වාද එක් කළ හැටි - Video & Photos

- "ඉක්මනින් සුව වෙන්න බොරිස්! ඔබට මේක පරාජය කරන්න පුළුවන්.." - බොරිස් ජොන්සන් වෙනුවෙන්, වීදි බැසගත් ජනතාව, ඔහුට ආශිර්වාද එක් කළ හැටි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,299 Views
බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ දැන් තත්ත්වය මෙන්න..
"ඇත්තෙන්ම අප සියලු දෙනා බොරිස් සමඟ සිටිනවා..."
"අපි සියලු දෙනා එක්ව ඔහුට ආශිර්වාද කරමු..."
 
මේ වන විට ලෝකයම වෙළා ගත් කොරෝනා වෛරසය, ජීවිත 80, 000කට එහා බිලිගෙන අවසන්. එවන් වාතාවරණයක් තුළ ලෝකයේ බලවත් යැයි කියූ බොහෝ ලෝක බලවතුන්ටත්, කොරෝනා ඉදිරියේ දණ නමන්නට සිදු වුණා.
 
පසුගිය දවසක එංගලන්තයේ රජ පවුලටත් කොරෝනා කළේ එසේ මෙසේ කෙනෙහිලිකම් නොවේ.

චාල්ස් කුමරුගෙන් පටන් ගත් එම කතා ප්‍රවෘත්තිය අවසන් වුණේ එරට අගමැති බොරිස් ජොන්සන්ගෙන්.
 
බොරිස් ජොන්සන් කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් ස්වයං නිරෝධායනකට යොමු වුණත්, පසුව තමන්ගේ ශරීර උෂ්ණත්වය ගැන ඔහුටම සැකයක් ඇති වී තිබුණා.
 
අනතුරුවයි ඔහුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වූයේ. පසුව අගමැතිවරයාට අසාධ්‍ය වී ඊයේ දිනයේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ බව එරට මාධ්‍ය වාර්තා කළා.
 
ඒ සමඟින්, ට්‍රම්ප් ඇතුළු ලෝකයේ ප්‍රබල නායකයින්, බොරිස්ට ඉක්මන් සුව පතා සමාජ ගිණුම්-වල සටහන් යොදා තිබුණා. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අග්‍රාමාත්‍යවරයාට ඉක්මන් සුව පතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා.
 
එමෙන්ම අගමැතිවරයාගේ මෙම පුවත සැලවීමත් සමඟ එක්සත් රාජධානියම කැළඹී ගිය බව රහසක් නොවෙයි.
 
කොරෝනා සමඟ සටන් වදින සිය නායකත්වය වෙනුවෙන් එරට ජනතාව විවිධ අයුරින් ඔහුට ගෞරවය දක්වන්නට පෙළඹුණා.
 
අන්තර්ජාලය හරහා විශාල ඡායාරූප ප්‍රමාණයක් හුවමාරු වෙමින් පවතින අතර, ඒ සියලු ඡායාරූප සටහන් වල අගමැතිවරයාට "ඉක්මනින් සුව වන ලෙස" ඉල්ලීමක් කර තිබුණා.
 
'Clap for Boris' ලෙසින්, "බොරිස් වෙනුවෙන් අත්පොළසන් දීම" සඳහා පිරිසක් වීදි බැස ඇති අතර ඔවුන් එම වීඩියෝ සමාජ මාධ්‍යයට මුදා හැර තිබුණා.
 
"බොරිස් වෙනුවෙන් යාඥා කරන්න" යනුවෙන් ඔවුන් සියලු දෙනාගෙන් ඉල්ලීමක් කළා.
 
එමෙන්ම, එක්සත් ජනපදයේ දසත විසිරුණු බොහෝ පිරිස් මේ "අත්පොළසන් නාදය" හා එක්ව සිටින අයුරු දැකගත හැකිවුණා.
 
රෝහල් හෙදියන් පවා සිය ව්ටිටර් ගිණූම් හරහා අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද එක් කොට තිබුණා.
 
"ඉක්මනින් සුව වෙන්න බොරිස්! ඔබට මේක පරාජය කරන්න පුළුවන්.."
 
රැජිණ සහ අනෙකුත් රාජකීයයන්ද ජොන්සන් අගමැතිවරයාට සුවය පතමින් පණිවුඩ යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
"මුළු එක්සත් රාජධානියත්, ලොව පුරා බොහෝ පිරිසක් කොරෝනා නිසා පීඩා විඳිනවා. ඇත්තෙන්ම අප සියලු දෙනා බොරිස් සමඟ සිටිනවා. අපි ඔහුට ඉක්මන් සුවය පතමු.." විලියම් කුමරු එසේ සඳහන් කළා.
 
කෙසේ වෙතත්, බොරිස්ගේ සෞඛ්‍ය තත්ත්වය දැන් යහපත් මට්ටමක පවතින බවයි, වෛද්‍යවරුන් සඳහන් කර තිබුණේ.
 
By Lakshan (Dailymail ඇසුරිනි.)





Members of the National Health Service applaude outside St Thomas' Hospital in central London for Boris Johnson after he was moved to intensive careA tribute from the Prime Minister's dog was also posted on his official Instagram accountA cyclist with a sign reading '#PrayforBoris' rides through Westminster earlier todayA sign displayed in a window of a residential property in north London as news of the PM's move to intensive care brokeBoris Johnson was admitted to the intensive care unit at St Thomas' Hospital in central London on MondayThe PM was said to have had breathing difficulties when he was moved to the unit at 7pm yesterdayStaff at the George Eliot Hospital NHS Trust, Nuneaton, show their support for the Prime Minister Boris Johnson as he is treated for coronavirus in intensive carePictured: Staff at the Acute Medical Unit at Solihull Hospital near Birmingham this afternoonThose in the intensive care unit at Derriford Hospital in Plymouth held up individual signs which read 'get well soon Boris, you can beat this' when put togetherThe news sparked a mammoth response on social media, with thousands of Twitter users taking to the platform to wish the Prime Minister well

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top