මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 185 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ තවදුරටත් 137 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.
සුවය ලබා හතළිස් දෙදෙනෙකු පිටව ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 255 දෙනෙකු කොරෝනා යැයි සැක සහිතව දිවයින පුරා රෝහල් 32 ක ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය කියා සිටියේ.
මේ අතර හලාවත - ඉරණවිල ඇමරිකානු හඩ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය කොරෝනා ප්‍රතිකාර සිදුකරන රෝහලක් ලෙස ඊයේ විවෘත කෙරුණා.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ එක්ව සිටියා.
එමෙන්ම ටොන් 10 ක ඖෂධ ඇතුලූ වෛද්‍ය සැපයුම් රැගත් ඉන්දීය ගුවන් යානයක් ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා.
ලක් රජයේ ඉල්ලීම මත මෙම ඖෂධ තොගය ලබාදුන් බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.
නිවෙස්වලට යා නොහැකිව තවදුරටත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තාවකාලික ලැගුම්හල්වල සිටින පුද්ගලයින් ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැරීමේ විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය රජයෙන් ඉල්ලීමක් කළා.