Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
07
"ලොව පිළිගත් වෛද්‍ය සේවය, සැමියාට සිහි නැතිවුණු පසු දන්වන්න කියලා, දුරකථනය විසන්ධි කළා.." - කොරෝනා නිසා මරු වැළඳගත්, එංගලන්තයේ ශ්‍රී ලාංකිකයෙකු ගැන පළවූ සංවේදී සටහන - Photos

- "ලොව පිළිගත් වෛද්‍ය සේවය, සැමියාට සිහි නැතිවුණු පසු දන්වන්න කියලා, දුරකථනය විසන්ධි කළා.." - කොරෝනා නිසා මරු වැළඳගත්, එංගලන්තයේ ශ්‍රී ලාංකිකයෙකු ගැන පළවූ සංවේදී සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

67,301 Views
ඔවුන් මහ මඟ හෝ නිවසේ බල්ලන් බළල්ලන් සේ මිය යනවා..
මෙයයි මහා බ්‍රිතාන්‍යයේ සැබෑ නිරුවත.. ඔවුන් තැකුවේ නැහැ..
මෙය කියවන ඔබට ලැබෙන්න ලොව විශාලතම මානුෂික සේවය..
 
කොවිඩ් -19 හෙවත් කොරෝනා මේ මොහොතේ ලෝකයටම වැරෙන් පහර දෙමින් ඉන්නවා. ලංකාවේ අපිට නෑ කම් කියන බොහෝ දෙනෙකුත් කොරෝනා නිසා මරු වැළඳගත් බව ඔබ නොදන්නවා වෙන්න බැහැ.
 
තවත් කොරෝනා වැළඳුණු ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු, බ්‍රිතාන්‍යයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති පුවතකුත් අපිට අද උදෑසන දැනගන්නට ලැබුණා.

කොහොම වුණත් එංගලන්තය කියන්නේ "හිරු නොබසින අධිරාජ්‍ය" කියලා අපි හඳුන්වපු රට. අද වෙද්දි කොරෝනා ළඟ දණ නවන්න වුණු එංගලන්තය මිය යන්න අර අදිමින් ඉන්නවා.
 
ඒ අතරතුර ඒ රටේදී මිය ගිය අපේම ශ්‍රී ලාංකිකයෙකු ගැන, මුහුණු පොතේ පළවුණු, සංවේදී සටහනක් අපිට හමුවුණා.
 
මේ ඒ සටහන.......................
 
06.04.20
අනුර අයිය ඔබට නිවන් සුව
 
අද දින වන විට එංගලන්තයෙ කොරොනා අසාදිත 4වන ශ්‍රී ලාංකිකයත් මිය ගියා.
 
එත් ඒ තුන් වැනියා මට ඉතා හොදින් දන්නා හදුනන අයෙක් නමින් ඔහු අනුර ගාල්ලගෙ මහතා.
 
එංගලන්තයෙ north London ප්‍රදෙශයෙ මා ජිවත් වන ගමේ මගෙ නිවසෙ සිට 1 km පමණ දුර පදිංචි ඔහු enfield සහ Edmonton යන පන්සලෙ ප්‍රදාන දයකයෙක් වන අතර ඔහුගෙ බිරිඳ අයුර්වෙද වෛද්‍යවරියක්.
ඔහුගේ නැන්දම්මා මේ වන විට දස සිල් මාතාවක්. ඇය අපෙ දයාබර රතන මැනියන්.
 
මේ මහතා හට covid 19 කොරොනා වයිරසය අසාදිතව බව වෛද්‍ය පරිකෂනයෙන් තහවුරු විමෙන් පසු ස්වයං නිරෝධායනය වී ඇත්තේ ඔහුගෙ නිවසේ පහළ මාලයේ ඇති කාමරයක යි.
 
ඔහුගෙ බිරිඳ ඉහළ මාලයෙ සිටින ලෙසට උපදෙස් ලැබුණා. පසුව ඔහුට උණ තත්වය වර්ධනය වී හුස්ම ගැනිමේ අපහසුතාවය ඇති විමෙන් ඔහු විසින් ඊයෙ හදිසි වෛද්‍ය සෙවය අමතා ප්‍රතිකාර ඉල්ලා සිටියද එම සේවය විසින් 'ඔබට අමාරුවක් නැ හුමාලය අල්වා උනු ජලය පානය කර ඉන්න' යනුවෙන් පමණක් පවසා තිබුණා.
 
ඔහුගෙ අපහසුතාවය එන්න එන්න උත්සන්න විය නැවත හදිසි වෛද්‍ය සේවය අමතා උපකාර පැතුවා. එවරද ඔවුන් ඔහුව ප්‍රතික්ෂේප කර ඔබට අමාරැවක් නැ කියා දුරකතනය විසන්දි කරහ, පසුව ඔහුගෙ බිරිද නැවත වතාවක් කතා කර තම සැමියාට හුස්ම ගැනිමට අපහසු බැවින් ඔහු රොහල රැගෙන යන ලෙස ඉල්ලා සිටියා.
 
NHS ලොවම පිලිගත් වෛද්‍ය සෙවය විසින් දුන් පිලිතුර ඔබේ සැමියා සිහි නැති උන පසු දන්වන ලෙසයි. (collapse) ඔහු දොර වසා ඔහුගෙ කාමරෙ තනි වුණා. බිරිඳ උඩු මහලට ගියා.
 
ඒ බිහිසුණු රාත්‍රියෙ ඔහු තනිවම පොර බදන්න ඇති මාරය සමග. මුලු ජිවිතෙ පුරා කල පින් දහම් ඔහුගෙ පරිත්‍යයග තම දෑතින් මහත් වු ශ්‍රදාවෙන් ඉපැයූ දාන මාන සිහි වෙන්න ඇති. ඒ කිසිවක් ඔහුගෙ පිහිටට නොපැමින මොහොතෙ පාන්දර ජාමයෙ ඔහුගෙ හුස්ම සදහට නතර වුණා.
 
මේ කිසිත් නොදන්නා බිරිද සුපුරැදු ලෙස මහත මාලයට පැමින ඔහුට කතා කොට ඔහුගෙ පිලිතුරක් නැති තැන ඔහු නිදන කාමරයෙ දොර හැර බැලිය ඔහුව සොලව සොලව ඇහැරවන්නට උත්සහ කර තිබෙනවා.
 
බිහිසුනු කොරෝනා නුබ ඇයව කන වැන්දුමි කර අවසන් වග ඇයට ඒ මොහොතෙ හැඟෙන්නට ඇත.
 
ඔහු මා අවසන් වරට මාර්තු මාසයෙ 7 වෙනිදා තිබුන දානමය පින්කමේදී හමුවුණා. මාගෙ දැතින්ම ගැබිබර ලෙලියට දානයේ කොටසක් පිලිගැන්වූ ඔහු ඉතා දයාබර පියෙක්.
 
මේ සියල්ල ලියා මම මෙසෙ ලියමි. ඔහුගෙ මරනයට වග කිව යුතු එංගලන්තයෙ මහ ලොකු නොන මහත්වරු කියන NHS සේවය බව මම නැවතත් කියමි ඔහුට හුස්ම ගන්න අපහසු යැයි පැවසු මොහොතෙ ඔහුට oxygen ලබා දුන්නා නම් රොහලට රැගෙන ගියා නම් අදත් ඔහු ජිවත් වනු ඇති.
 
මෙයයි මහා බ්‍රිතාන්‍යයේ සැබෑ නිරුවත....
 
සැමට එකම සේවයක් equal opportunity, human rights කියල නෙ කියන්නෙ mr Boris Johnson උන අඩු නොවන නිසා රොහල් ගත කරපු එංගලන්තෙ mr anura gallage ව ගෙදර මැරෙන්න සැලැස්සුව ඇයි ?
 
කාටත් පොදු tax ගෙවල මෙ රටට ඔහු කැඹිරුවේ නැද්ද නැත්තම් ඒ හම කලු සාමාන්‍ය‍ මනුස්සයෙක් නිසාද. ඉඩ අඩු ඇති පහසුකමි අඩු ඇති එහෙත් වගකිමක් නැති කමට නමි සමාව දිය නොහැකි.
 
පහු ගිය දවස් වල මම මෙ ගැන කියද්දි අපෙ සිංහල නොනල දෙන්නෙක් english වලින් මහා වැල් රචනා ලිව්ව මගෙ මතය වැරදි කියා ප්‍රශ්නය ඔබෙ නොවන තාක් ඔබට එහි බරපතල කම නොවැටහෙවි.
 
මෙය කියවන ලාංකික ඔබ ලංකාවේ දැනට ඔබට ලැබෙන්නෙ ලොව ඉහලම මානුෂිය සේවය බව වගකිමෙන් ලියමි.
 
මේ දියුනු රට වල අපෙ උන් උදවි ඉල්ලදි මැරෙන්න හරිනව එංගලන්තෙ rules and regulations වලට අනුව covid 19 virus හැදුන කිසි වෙක් රොහල් වලට නොපැමිනිය යුතුයි.
 
නිවසෙ සිට 999 අමතා covid 19 team එක සම්බන්ධ කර ගත හැක. එයට ඉතා අපහසු බව මගෙ මතයයි.
 
එංගලනතයෙ තියරියට අනුව කොරොනා ආසාදිතයන් මහ මඟ හෝ නිවසෙ බල්ලො බලලුන් ලෙස මිය යා යුතුය මෙයද වටිනාකම එංගලන්ත වැසියෙකුගෙ.
 
අපෙ ලංකාවෙ බලෙන් ඇවිත් උදව් කරලා ජිවිත බේරනව. ගරැ කරන්න එ වගකිව යුතු සේවයට මේ රටවල මිනිස්සු ජිවිතෙ හිඟමන් යැදිද්දි අපෙ පුංචි රටෙ ජිවිත දානය දෙන දෙවිවරැ ඉන්නව ජනපති අගමැති අරක්ෂක අංශ වෛද්‍ය හෙද සහ සිවිල් ඔබ එකිනෙකාට උදවි කරමින් තම දනය ශ්‍රමය වැය කරමින් කරන සෙවය දුරින් හිද බලා සිටින අපි අගය කරමු. අපි ජිවිත අවදානම අතින් ගෙන ජිවත් වෙන බව ඔබට ඉතා කනගාටුවෙන් කියමි.
 
කුහක පාට කන්නාඩි ගලවා පසෙක තබා වැඩ කරන මිනිසුන් විවෙචනය නොකර සිටිය හැකි නම් ඔබ රට වෙනුවෙන් මෙ මොහොතෙ කරන ලොකුම සෙවයක් ලෙස අගය කරමි.
 
තවද ලොකෙ තිබෙන තත්වය සැබැ අවබෝධයකින් මානුශිය හැඟිමෙන් කතා කරන උන් උයන්න නොදන්න බැරි කමක් යැයි කියමින් හදන කැම ටික fb ඔබන ලොකු කම පෙන්නන බඩජහරි පෙරේත කොට්ඨාශයට අනුකම්පා කරමි. වැඩ්ඩෝ මල බතත් උයපල්ලා අපි දන්නේ නෑ ඒකත්.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top