Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
07
COVID 19 නිසා, ලොවපුරා මිලියන 6ක හෙද හිඟයක් - ඉන්දියාවටත් අනතුරු ඇඟවීම් - අර්බුදයෙන් බේරෙන්න, ට්‍රම්ප් කරන්න යන දේ මෙන්න - Photos

- COVID 19 නිසා, ලොවපුරා මිලියන 6ක හෙද හිඟයක් - ඉන්දියාවටත් අනතුරු ඇඟවීම් - අර්බුදයෙන් බේරෙන්න, ට්‍රම්ප් කරන්න යන දේ මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,837 Views
ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහතුන් ලක්ෂ 46,566යි..
සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව 74,697ක්...
ආසාදිතයන් තුන්ලක්ෂ 67,000ක් එක්සත් ජනපදයෙන්..
 
ඇමරිකානුවන් සදහා සෑම මාසයකදීම මුහුණු ආවරණ මිලියන 55.5 ක් නිෂ්පාදනය කිරීමට එරට රජය ත්‍රී - එම්. සමාගම සමග ගිවිසුමකට එළඹුන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
 
ඒ අනුව, ඉදිරි මාස කිහිපය තුළදී මුහුණු ආවරණ මිලියන 166. 5 ක් සෞඛ්‍ය සේවකයන් ඇතුළු ඇමරිකානුවන්ට ලබාදීමට නියමිතයි.
 
මුහුණු ආවරණ සහ ආරක්ෂිත ඇගලූම් නිපදවන එම ඇමරිකානු සමාගමේ නිෂ්පාදන අපනයනය කිරීම මීට පෙර ජනපති ට්‍රම්ප්ගේ විවේචනයට ලක්වුණා.

එම අපනයන අත්හිටුවීමට ඔහු පියවර ගත්තේ කොරියානු යුද සමයේ නීතියක් උපයෝගි කර ගනිමින්.
 
කෙසේ නමුත්, ඇමරිකානු ත්‍රී - එම්. සමාගමේ මුහුණු ආවරණ සහ ආරක්ෂිත ඇගලූම් නොමැතිවීම වෙනත් රටවල සෞඛ්‍ය සේවකයන් අවදානමට ලක් කරන කරුණක්.
 
මේ අතර, මුහුණු ආවරණ කොවිඩ් නයින්ටීන් වෛරසය විනාශ කිරීමේ රිදී උණ්ඩයක් නොවන අතර, එයින් පමණක් ගෝලීය වසංගතය දුරු කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
 
එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ග්‍රෙබියේසස් කියා සිටියේ මුහුණු ආවරණ සැබවින්ම අත්‍යාවශ්‍ය වන්නේ නිරන්තරයෙන් හොඳින් අත් සේදීමට සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට අපහසු ප්‍රජාවන්ට බවයි.
 
ප්‍රමාණවත් ජල සැපයුමක් නොමැතිවීම සහ ජනාකීර්ණභාවය හේතුවෙන් එම අවශ්‍යතාවන් සපුරාලීම දුෂ්කර විය හැකියි.
 
එමෙන්ම මුහුණු ආවරණ, කොවිඩ් නයින්ටීන් ආසාදනය වැළැක්වීමේ පරිපූර්ණ හඳුන්වා දීමක් ලෙස සැලකිය නොහැකි බවයි ජිනිවා නුවර සිට අතත්‍ය මාධ්‍ය හමුවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කළේ.
 
කෙසේ නමුත් සෞඛ්‍ය සේවකයන් සඳහා මුහුණු ආවරණ ඇතුළු ආරක්ෂිත ඇඟලූම්වල අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නා.
 
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව කොරෝනා වෛරසය පිළිබඳව දැනුවත් කිරීමේ ගෝලීය සංදර්ශනයක් අප්‍රේල් 18 වන දා පැවැත්වීමට ඇමරිකානු ගායිකා ලේඩි ගාගා ඉදිරිපත්ව සිටිනවා.
 
ඊට ඩේවිඩ් බෙකම්, ජෝන් ලෙජන්ඩ් ඇතුළු සුප්‍රකට චරිත මෙන්ම ස්ටීව් වොන්ඩර්, එල්ටන් ජෝන්, පෝල් මැකාට්නි, වැනි ගායකයන් සහ ප්‍රියංකා චොප්රා, ෂාරුක් ඛාන් වැනි බොලිවුඞ් නළු නිළියන් ද එක්වනවා. මෙම ගෝලීය සංදර්ශනය ලොව පුරා සජීවි ලෙස විකාශය කරන අතර එය නිවෙස්වල සිටම නැරඹීමට හැකිවීම විශේෂත්වයක්.
 
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කළේ ලොව පුරා වසංගත රෝග සමඟ සටන් වැද සිටින සෞඛ්‍ය අංශවලට හෙදියන් මිලියන 6ක හිඟයක් පවතින බවයි.
 
ලෝකයේ සෞඛ්‍ය සේවාවලින් අඩක් සමන්විත වන්නේ හෙදියන්ගෙන්. මේ නිසා හෙදියන් ඕනෑම සෞඛ්‍ය පද්ධතියක කොඳු නාරටිය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ග්‍රෙබියේසස් සදහන් කළා.
 
කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතයට එරෙහිව පෙරමුණ ගෙන සිටින ලොව පුරා හෙදියන් වෙනුවෙන් ප්‍රණාමය පුද කළ ඔහු කියා සිටියේ ලෝකය සෞඛ්‍යාරක්ෂිත ලෙස පවත්වා ගැනීමට ඔවුන්ට සියල්ලන් සහය විය යුතු බවයි.
 
ලෝක සෞඛ්‍ය දිනය ද අදට යෙදී ඇති අතර, වෙනත් වසරවලදී මෙන් නොව මුළු ලෝකයම සෞඛ්‍ය තර්ජනයකට ලක්ව සිටින මේ අවස්ථාවේ මහජනතාවගේ ආරක්ෂාව උදෙසා කැප වන සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තම ප්‍රමාණය පුද කරන බව ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් කියා සිටියා.
 
මේ අතර, දැන් පවතින ආසාදනය වීමේ අනුපාතය තවදුරටත් පැවතුණහොත් අප්‍රේල් 14 වනදා වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 17,000 ඉක්මවිය හැකි බවට එරට වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවනවා.
 
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 4421ක් ලෙස සටහන් වී ඇති අතර, එරටින් කොරෝනා මරණ 114 ක් ද වාර්තා වුණා.
 
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සෑම දින 4 කදීම දෙගුණයක් වී තිබෙනවා.
 
ඒ අනුව, එරට ආසාදිත සංඛ්‍යාව තවත් සතියක් තුළදී 17,000 ඉක්මවිය හැකියි. කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් මේ වනවිට ඉන්දියාව පුරා දින 21 ක නිරෝධායන කාලයක් ක්‍රියාත්මකයි.
 
මේ අතර, කොරෝනා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය අපනයනය කිරීමට පනවා තිබූ තහනම ඉන්දියාව විසින් ලිහිල් කර තිබෙනවා.
 
ඒ, අදාළ ඖෂධය ඇමරිකාවට අපනයනය කිරීම සඳහා පවතින තහංචි ඉවත් නොකළහොත් දැඩි ප්‍රතිචාර දක්වන බවට ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.
 
කෙසේ නමුත්, මෙම ඖෂධය කොරෝනා ආසාදනය උත්සන්න වූ රෝගීන්ට මිස සියල්ලන්ට භාවිත කළ නොහැකි බව වෛද්‍ය මතය වී තිබෙනවා.
 
මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහතුන් ලක්ෂ 46,566 දක්වා ඉහළ ගොස් ඇති අතර, සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව 74,697ක්.
 
ඒ අතරින් ආසාදිතයන් තුන්ලක්ෂ 67,000ක් පමණ වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.
 
එරට කොරෝනා මරණ 10, 871ක් ද වාර්තා වී තිබෙනවා.
  
US officials brace for 'peak death week' in coronavirus | Deccan ...430K people have come to US from China since coronavirus crisisU.S. Army Delays New Recruits' Basic Training Due To Coronavirus ...Coronavirus - The Washington PostMexico's slow response to coronavirus has implications for Texas ...U.S. Braces for Pivotal Week as Global Coronavirus Death Toll ...U.S. set for difficult week as coronavirus death toll surpasses 10,000
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top