Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
06
MSC Magnifica නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ආ සුපිරි මෙහෙයුම මෙන්න - Video & Photos

- MSC Magnifica නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ආ සුපිරි මෙහෙයුම මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views
ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ මධ්‍ය ඔස්සේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පසුගිය දිනෙක ඉල්ලීමක් සිදු කර තිබූ අතර, ඒ අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ අනුමැතිය මත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සෘජු මැදිහත්වීම මත එම ශ්‍රී ලංකිකයා ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට අද ( 06) නාවික හමුදාව කටයුතු කළා.

2020 වසරේ ජනවාරි මස 05 වන දින මුහුදු සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබූ මගින් සහ කාර්ය මණ්ඩලය 2700කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම නෞකාව ලෝකය පුරා පැතිරී යන කොරෝනා වසංගතය හේතුවෙන් සිය සංචාරය ඕස්ට්‍රේලියාවේදි නවතා දැමිමට කටයුතු කරන ලද අතර, පසුව කිසිදු රටක වරායකින් මෙම නෞකාව බාර නොගැනීම හේතුවෙන් නෞකාවේ මව් ශාඛාව පිහිටා තිබෙන ඉතාලිය බලා පිටත් වීමටයි ආරම්භ කර ඇත්තේ.
 
නෞකාව ඉතාලිය බලා ගමන් කරන අවස්ථාවේදී ඉන්ධන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා කොළඹ වරාය ආසන්නයට පැමිණෙන බවත් එහිදී තමන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් එහි රාජකාරි සිදු කරනු ලැබූ එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර හේරත් විසින් රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබුණා.
 
එම ඉල්ලීම අනුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් මෙම පුද්ගලයා ගොඩ බිමට රැගෙන ඒම සඳහා අද (06) අලුයම් කාලයේදී කොළඹ වරාය‍ට මුහුදු සැතපුම් 4.4 ක පමණ ආසන්නයට පැමිණි එම නෞකාව වෙත ලගා වූ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් එම ශ්‍රී ලාංකිකයා ආරක්‍ෂිතව ගොඩබිමට ගෙන ඒමටයි කටයුතු කළේ.
 
කොවිඩ් 19 මැඩලීමේ ජනාධිපති කාර්යසාධක බලකාය වෙත දැනුම් දීමෙන් පසු ඔවුන්ගේ උපදෙස් වලට අනුව සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රම වේදයන් අනුගමනය කරමින් මෙම පුද්ගලයා වරාය පරිශ්‍රය තුළදීම පූර්ණ විෂබීජහරණයකට ලක් කළ බව සදහන්.
 
අනතුරුව අදාල පුද්ගලයා දින 21 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා ආරක්‍ෂිත බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට ද නාවික හමුදාව කටයුතු කරනු ලැබුවා.
 
ලෝකයේ කිසිදු වරායකින් මෙම නෞකාව භාරගැනීමට කටයුතු කර නොතිබූ අවස්ථාවක එම නෞකාවේ සිටි එකම ශ්‍රී ලාංකිකයා මෙසේ ගෙන්වා ගැනීමටයි කටයුතු ක‌ළේ.
 
ඒ අනුව, මෙලෙස ගොඩබිමට ගෙන එන ලද එම නෞකාවේ සේවය කල අනුර බණ්ඩාර හේරත් විසින් ශ්‍රී ලංකා රජයට, ජනාධිති ගෝඨාභය රාජපක්ෂට සහ නාවික හමුදාවට ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පල කළ බවයි නාවික හමුදාව වැඩිදුරටත් කියා සිටියේ.





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top