Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
05
ලොව පුරා වෛරසය ආසාදනය වූවන් ගණන දොළොස් ලක්ෂ 14,487 දක්වා ඉහළට - කොරෝනා මරණ සංඛ්‍යාව 65,603ක් - Video

- ලොව පුරා වෛරසය ආසාදනය වූවන් ගණන දොළොස් ලක්ෂ 14,487 දක්වා ඉහළට - කොරෝනා මරණ සංඛ්‍යාව 65,603ක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,421 Views
ලොව පුරා කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව දොළොස් ලක්ෂ 14,487 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
මරණ සංඛ්‍යාව ද 65,603ක් ලෙසයි දැක්වෙන්නේ. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව තුන්ලක්ෂ 11,637ක්.
 
එමෙන්ම, ඇමරිකාවේ මරණ සංඛ්‍යාව ද දැක්වෙන්නේ 8454ක් ලෙසයි.
 
ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් වාර්තා වී ඇති නව මරණ සංඛ්‍යාව 1224ක් වන අතර, ඉන් මරණ 630ක් ම වාර්තා වී ඇත්තේ නිව්යෝක් ප්‍රාන්තයෙන්.
 
එම ප්‍රාන්ත පොලීසියේ 1400 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.

එමෙන්ම, බොස්ටන් හි සෞඛ්‍ය සේවකයන් 700කට අධික පිරිසකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
 
පවතින තත්ත්වය හමුවේ මාධ්‍ය අමතමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉදිරි දෙසතිය තීරණාත්මක කාලසීමාවක් බවයි.
 
එම කාලය තුළ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගනු ඇති බවට ඔහු අනතුරු අගවා තිබෙනවා.
 
එමෙන්ම කොරෝනා වෛරසයට ගොදුරු වූ බොහෝ පිරිසකට දිවි ගලවා ගැනීම සඳහා කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ලබාදීමට ප්‍රාන්ත රජයන් කටයුතු කර නොමැති බවට ද ජනපති ට්‍රම්ප් චෝදනා කළා.
 
මේ අතර, ධවල මන්දිරයේ වෛද්‍ය විශේෂඥයන් අනාවැකි පළ කරන්නේ ලක්ෂයත්, දෙලක්ෂ 40,000ත් අතර, ඇමරිකානුවන් පිරිසක් මිය යා හැකි බවටයි.
 
කොරෝනා ගණයට අයත් වෛරසයක් අත්හදා බැලීමට චීනයේ වූහාන් හි රසායනාගාරයක් නිර්මාණය කිරීමට සිය දැනුම මුදල් වලට විකිණීම සහ ඊට අදාළ තොරතුරු ඇමරිකානු බුද්ධි අංශවලට වසන් කිරීමේ චෝදනා මත ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ රසායන සහ ජීව විද්‍යා අංශයේ ප්‍රධාන විද්‍යාඥවරයා වන චාල්ස් ලීබර් නැමති වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
එම කාර්යය වෙනුවෙන් වෛද්‍ය ලීබර්ට මාසිකව ඇමරිකානු ඩොලර් 50,000  බැගින්  සහ එක්ලක්ෂ 58,000 බැගින් මුදල් ලැබී ඇති බවට ඔහුගේ බැංකු ගිණුම් පරීක්ෂාවේදී අනාවරණ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
 
ඇමරිකාවට පසු වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් වන අතර, එම සංඛ්‍යාව එක්ලක්ෂ 30,759ක්. මරණ සංඛ්‍යාව ද 12,418ක් ලෙස දැක්වෙන්නේ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන ඉතාලියේ මරණ 15,362කට දෙවැනි වෙමින්.
 
ජර්මනියේ ද ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂයට ආසන්න වී ඇති අතර එම සංඛ්‍යාව 96,108ක්. බ්‍රිතාන්‍යයෙන් මේ වන විට ආසාදිතයන් 42,479ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 4000 ඉක්මවා තිබෙනවා.
 
මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ගර්භනී පෙම්වතිය වන කැරී සයිමන්ඞ්ට ද කොරෝනා රෝග ලක්ෂණ පැවති බව ඇය අද අනාවරණ කළා. මැදපෙරදිග කලාපයේ වෛසරයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ඉරානයෙන් ආසාදිතයන් දිනෙන් දින වැඩි වශයෙන් වාර්තා වීම සැලකිල්ලට ගනිමින් එරට උත්සව ශාලා තාවකාලික රෝහල් බවට පත් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.
 
මලාවි රාජ්‍යයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ සියළු අමාත්‍යවරුන් සිය වැටුපෙන් සියයට 10ක කප්පාදුවකට එකඟ වී ඇත්තේ කොරෝනා වෛරසයට එරෙහිව සිදුකරන ක්‍රියාන්විතයට ශක්තියක් වීමේ අරමුණෙන්.
 
අසල්වැසි ඉන්දියාවේ ද කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3588ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව ද වාර්තා වන්නේ 99ක් ලෙසයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top