Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
05
පැය 24ක් ඇතුළත, ඇඳිරි නීතිය කැඩූ, 1245 ක් වැඩ වරද්දා ගනී - මුළු ගණන 13,468යි

- පැය 24ක් ඇතුළත, ඇඳිරි නීතිය කැඩූ, 1245 ක් වැඩ වරද්දා ගනී - මුළු ගණන 13,468යිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,028 Views
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අද පෙරවරු 6 න් අවසන් වූ ගත වූ පැය 24ක කාලය තුළ පුද්ගලයින් 1245 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 336ක්.

ඒ අනුව, පසුගිය මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 13,468ක් වන අතර, එම කාලය තුළ පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 3353ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
 
එමෙන්ම, වසා දැමුණු අකුරණ සහ කළුතර - බණ්ඩාරගම ප්‍රදේශවලට තවදුරටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
 
ඒ අනුව, එම ප්‍රදේශවල අතුරු මාර්ගවල හෝ කුඩා අඩි පාරවල් වල පුද්ගලයින් කණ්ඩායම් වශයෙන් රැස්ව සිටීම තහනම් වන අතර, එලෙස හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
 
මේ අතර, හලාවත දිස්ත්‍රික් ධීවර සමිතිය ද, සිය ධීවර කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
 
පවතින වාතාවරණය තුළ හලාවත ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව පිණිස සහ රජය ගෙන යනු ලබන වැඩපිළිවෙලට සහය දක්වමින් ඔවුන් මෙලෙස සිය ධීවර කටයුතුවලින් ඉවත් වූ බවයි එම සමිතියේ සභාපති රෝෂන් ප්‍රනාන්දු කියා සිටියේ.
 
එමෙන්ම, දිවයිනයට පනවා ඇති ඇඳිරි නීතිය හෙට දිනයේදී ප්‍රදේශ කිහිපයකට ඉවත් කිරීමට නියමිතව තිබෙනවා.
 
ඒ අනුව, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට හෙට උදෑසන හයට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමට නියමිතයි. එය යළි එදිනම පස්වරු දෙකට පනවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
 
කෙසේ වෙතත්, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක වලට ඇඳිරි නීතිය ඉවත් කරන දිනයක් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top