Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
05
සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් ලබාගැනීමට ක්ෂණික දුරකථන අංකයක් - Video

- සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් ලබාගැනීමට ක්ෂණික දුරකථන අංකයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,073 Views
රටේ පවතින තත්ත්වයත් සමඟ ජනතාවට තම සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් ලබාගැනීමට 1390 ක්ෂණික දුරකථන අංකය හඳුන්වාදීමට ස්වෙච්ඡා වෛද්‍ය කණ්ඩායමක් පියවර ගෙන තිබෙනවා.
 
නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේ වෛද්‍ය උපදෙස් ලබාදීමට මෙන්ම සම්බන්ධීකරණ සේවා ලබාදීමට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ඇමතිය හැකි වෛද්‍යවරු පැය 24 තුලම සූදානමින් පසුවන බවයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනයට මහජන සහාය මේවන විට වඩාත් අවශ්‍යව ඇතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.
 
එබැවින් සංචරණය අවම කිරීමටත් අන් අයට රෝගය බෝ වීම අවම කිරීම සඳහාත් පහසුවෙන් සේවා සහ උපදෙස් ලබාදීම සඳහායි මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ.
 
ඒ අනුව 1390 ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් අමතන පුද්ගලයාගේ රෝග තත්වය පිළිබඳ විමසීමෙන් පසු අවශ්‍ය යොමු කිරීම් සිදු කිරීම මෙන්ම 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ලබාදීම ආදිය ද මෙම මධ්‍යස්ථානයෙන් සිදු කෙරෙනවා.
 
එබැවින් මේ දිනවල කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ශ්වසන අපහසුතා පවතින්නේ නම් එක්වරම රෝහලකට ගමන් කිරීමෙන් වැලකී 1390 ක්ෂණික දුරකථන අංකය ඇමතිය යුතු බව විශේෂඥ වෛද්‍ය ජාසිංහ මහතා අවධාරණය කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top