Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
05
"ප්‍රසූත වේදනාවෙන් ඇතුළු කළේ - සැකයක් මත ටෙස්ට් එකක් කළා.." - කොරෝනා හැදුන බේරුවල කාන්තාව රෝහලට වෙන ලිපිනයක් දී ඇති බව හෙළි වෙයි - Video

- "ප්‍රසූත වේදනාවෙන් ඇතුළු කළේ - සැකයක් මත ටෙස්ට් එකක් කළා.." - කොරෝනා හැදුන බේරුවල කාන්තාව රෝහලට වෙන ලිපිනයක් දී ඇති බව හෙළි වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,904 Views
කලින් රෝගියා ඇවිත් ගිහින් තියනවා කීපසැරයක්..
සැඟවිච්ච රෝගීන් අනන්තවත් ඉන්න පුළුවන්..
රෝගය හැදුණොත් බයවෙන්එපා, අපිට කියන්න‍
 
බේරුවල ප්‍රදේශෙයෙන් පෙරේදා (03) වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත කාන්තාව පෙරේදා දිනයේ දරුවෙකු ද ප්‍රසූතකර තිබෙනවා.
 
අදාළ කාන්තාව දරු ප්‍රසූතිය සඳහා කළුතර - නාගොඩ මහ රෝහලට ඇතුළත්ව ඇත්තේ කිසිඳු රෝග ලක්ෂණයක් රහිතවයි.

අදාළ කාන්තාව විසින් ප්‍රසූතකළ දරුවා නිරෝගී සුවයෙන් පසුවන අතර ඔවුන් දෙදෙනාම මාරුකර යවා ඇත්තේ මාළඹේ - නෙවිල් ප්‍රනාන්දු රෝහලටයි.
 
දරුවාගේ ජෛව සාම්පලයක්ද කොවිඩ් 19 පරීක්ෂණය සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර තිබෙනවා.
 
අදාළ කාන්තාව පදිංචිව සිටි බේරුවල - අඹේපිටිය ප්‍රදේශය සෞඛ්‍ය නිලධාරීන් විසින් ජීවානුහරණය කිරීමට පියවර ගත්තා.
 
මේ අතර දරුවා ප්‍රසූතකළ කළුතර - නාගොඩ රෝහලේ ඊට එක් වූ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙක්ද ස්වයං නිරෝධායනයට කැමැත්ත පළකර ඇති අතර සිව් දෙනෙක් සිය නිවෙස්වලම නිරෝධායනයට යොමුකර තිබෙනවා.
 
අනෙක් දෙදෙනා වෙනත් ස්ථානයක නිරෝධායනට යොමු කෙරුණා.

කෙසේ වෙතත් අදාළ කාන්තාව දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත් වී ඇත්තේ බේරුවල දර්ගා නගරය ප්‍රදේශයේ ලිපිනයක් සඳහන් කරමින් බව වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා සඳහන් කළා. 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top