කොරෝනා වෛරසය හමුවේ රට සම්පූර්ණයෙන් වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව පොලිසිය පවසනවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ අදාළ තොරතුරු පතුරුවාහැරීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කරන බවයි.
අප්‍රේල් මස 10 වනදා සිට 15වනදා දක්වා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව වසා දැමීමට කටයුතු කරන බවත් එම කාලය තුළ නීතිය දැඩිව ක්‍රියාත්මක වන බව ද සමාජ ජාලා ඔස්සේ සංසරණය වන අසත්‍ය තොරතුරේ සඳහන් වුනා.
එමෙන්ම ආහාර සැපයීම්, බෙදාහැරීම් සේවා, මාර්ගගත ඇණවුම්, බේකරි නිශ්පාදන වාහන ආදී කිසිවක් එම කාලය තුළ ක්‍රියාත්මක නොවන අතර කිසිදු වෙළඳසැලක් විවෘත කිරීමට ඉඩ නොදෙන බවටයි අදාළ අසත්‍ය තොරතුර මගින් ප්‍රකාශවී තිබුනේ.
පොලිසිය අවධාරණය කරන්නේ එම තොරතුරෙහි කිසිදු සත්‍යතාවක් නොමැති අතර රජය විසින් මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.
මෙවැනි අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු කිරීම නොකළ යුතු බවට ද පොලිසිය ජනතාවට අවවාද කරනවා.