නාවුල ප්‍රදේශයේදී සමෘද්ධි ප්‍රතිලාභීන්ට අදාළ දීමනා ලබාදීම සඳහා ගිය සමෘද්ධි නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මේ මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් නාවුල ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව වීරසිංහ හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
ඊයේ පස්වරු 5ට පමණ නාවුල අඹන ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වූයේ.
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මතුව ඇති තත්ත්වය හමුවේ රජය විසින් සමෘද්ධිලාභී පවුල් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කටයුතු කළ අතර, එම කටයුතු සිදුකිරීමට යාමේදීයි මෙම පහරදීම සිදුව තිබුණේ.