Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
04
කොරෝනාවට ඇමසන් ගෝත්‍රිකයොත් බිලි වෙද්දී ඇබොර්ජින්ලා විතරක් බේරුණේ කොහොමද? - Photos

- කොරෝනාවට ඇමසන් ගෝත්‍රිකයොත් බිලි වෙද්දී ඇබොර්ජින්ලා විතරක් බේරුණේ කොහොමද? - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,116 Views
බොහෝ විට අප කල්පනා කරන්නේ කොරෝනා වයිරසයේ බලපෑම ඇති වී තිබෙන්නේ නාගරික හා දියුණු ප්‍රදේශවලට එසේත් නැති නම් අධික ජනගහනයෙන් යුතු රටවලට යැයි කියාය. සැබවින්ම මේ වන විට කිසි රටක් මේ තර්ජනයෙන් බේරෙන්නට අසමත්ව සිටින මොහොතකදී බොහෝ දෙනා කල්පනා කළේ මහ වන මැද සිටින ගෝත්‍රිකයන්ට මෙයින් පීඩාවක් සිදු විය නොහැකි බවය. අලයක් කොළයක් හාරාගෙන කඩාගෙන, සතකු දඩයම් කරගෙන ඔවුන් නිස්කාංසුවේ සිටිනු ඇති බවය.

එහෙත් ඔවුන් තවදුරටත් කොරෝනා වයිරසය හමුවේ ආරක්‍ෂිත නොවන බව දැන් හෙළිදරව් වී තිබේ. ඊට හේතුව වන්නේ ඇමසන් ගෝත්‍රිකයන් හා කිට්ටුව සම්බන්ධ වෙමින් කටයුතු කරන වෛද්‍යවරයකු කොරෝනා වයිරසය “පොසිටිව්” වී සිටීම නිසාය.
 
මේ වෛද්‍යවරයා Tikunas නමින් හැඳින්වෙන එක්තරා ඇමසන් ගෝත්‍රයක් සමඟ කිට්ටු සම්බන්ධතා පවත්වා තිබෙන බව සඳහන්ය. බ්‍රසීලය, කොලොම්බියාව හා පේරු රාජ්‍යයට මායිම්ව පිහිටා ඇති ඉහළ ඇමසන් වනාන්තර කොටසේ ජීවත් වන මේ ගෝත්‍ර සාමාජිකයන් තිස් දහසකගෙන් පමණ සමන්විත වූ එකකි.

මේ වෛද්‍යවරයාගේ නම සඳහන් නොකරන බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඔහු තම නිවාඩුව ගත කරනු පිණිස එහි ගියේ මාර්තු මස 18 වැනිදා බවය. ඒ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බවත් කොරෝනා වයිරසය සම්බන්ධ කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වූ බවත්ය. නමුත් ඔහු ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කළ බවත් මුව වැසුම් ආදියද නිසි පරිදි භාවිත කළ බවක් ඔවුහු පවසති.

එහෙත් එහි ළඟා වූ පළමු දිනයේම ඔහුට උණ රෝගය වැලඳී තිබිණි. වහා සියලු දෙනාගෙන් වෙන්ව සිටින්නට ඔහු කටයුතු කළ අතර සතියකට පසු හෙළිදරව් වූයේ ඔහු වයිරසයට ගොදුරු වී ඇති බවය.

වනාන්තරබද ස්වදේශික ගම්මානයක් තුළ කොරෝනා වයිරස රෝගියකු වාර්තා වූ පළමු අවස්ථාව එය වූ අතර එමඟින් බ්‍රසීලයේ 8,50,000 පමණ වූ ගෝත්‍රික ජනතාව අනතුරකට මුහුණ පා සිටී.

බ්‍රසීලයේ වනාන්තරබද ස්වදේශිකයන්ගේ ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇති වී තිබෙන මෙබඳු මොහොතක කොරෝනාව පැතිර ගියහොත් එය භයානක ප්‍රතිඵල ඇති කරන්නක් විය හැකි යයි බොහෝ දෙනා පවසති. බොහෝ ගෝත්‍රිකයන් දුර්වල ප්‍රතිශක්තිකරණ මට්ටමක පසුවන අතර ඔවුන්ගෙන් සෑහෙන පිරිසක් හෙපටයියිටිස් බී සහ දියවැඩියා රෝගයෙන් පෙළෙති. බ්‍රසීල ස්වදේශිකයනගේ මරණවලින් තුනෙන් එකක්ම වාර්තා වන්නේ ශ්වසනය හා සම්බන්ධ රෝග හේතුවෙනි.

මෙකී ගෝත්‍ර අතර බහුල වශයෙන් පැතිර ගිය රෝග වශයෙන් සඳහන් කළ හැක්කේ වසූරිය හා විවිධ උණ රෝගයි. විටින් විට ගෝත්‍ර හරහා පැතිර ගිය මේ වසංගතය නිසා වනාන්තර වාසීන්ට දහස් ගණනින් ජීවිත අහිමිව ගියේය. වඩාත් මෑතකදී එනම් 2016දී එහි පැතිරී ගිය H1N1 වසංගතය හේතුවෙන් බ්‍රසීලයේ ගුආරාන් ගෝත්‍රිකයන් සිය ගණනක් මියගියේය. ඔවුන්ගේ කිට්ටු ජීවත් වීමේ රටාව මෙබඳු රෝගයක් දරුණු ලෙස පැතිර යන්නට පහසුවක් වෙයි.

දැන් ගෝත්‍රිකයන් රජයෙන් ඉල්ලා සිටින්නේ හැකි තරම් ඉක්මනින් පිටස්තරයන් තම බිමෙන් ඉවත් කර දෙන ලෙසයි. එයට ප්‍රතිචාර දක්වමින් බ්‍රසීල ආණ්ඩුව පතල්කරුවන්, දැව කපන්නන්, දඩයක්කරුවන්, බෙහෙත් වර්ග සොයන්නන්, ආදී එකි මෙකී නොකී සියලු දෙනාට වහා එයින් පිටවන ලෙස අණ කර තිබේ.

ඕස්ට්‍රේලියානු ස්වදේශිකයන් (ඇබොර්ජින්) මුහුණ දී ඇත්තේ ද එබඳුම ගැටලුවකටය. මේ පිළිබඳව පුවත් ලැබෙත්ම ඔවුන් කළේ මුළුමනින්ම අමුත්තන්ගේ පිවිසීම හා පැමිණීම අවුරා දැමීමයි. එයට සහායක් වශයෙන් ඕස්ට්‍රේලියානු රජයද තීරණය කර ඇත්තේ එරට ජෛව ආරක්‍ෂණ පනත අකුරටම ක්‍රියාත්මක කරන්නටය. දැන් එහි ඇතුළු වන්නට අවසර ඇත්තේ වෛද්‍ය හා අධ්‍යාපන සේවා සපයන්නන් හා පොලිසියට පමණය.

දැනට මේ දුරස්ථ ප්‍රදේශවල ජීවත් වන්නවුන්ගේ සංඛ්‍යාව 1,20,000 පමණ වෙතැයි ගණන් බලා තිබේ. ස්වදේශීය ඕස්ට්‍රේලියානුවන් හා පළමු ස්වදේශිකයන් වශයෙන් හඳුන්වනු ලබන ඔවුන් ඇබොර්ජින් මිනිසුන් හා ටොසේ ස්ට්‍රේට් දූපත්වාසී මිනිසුන් වශයෙන් හැඳින්වෙයි. බටහිර ඕස්ට්‍රේලියාවේ උතුරු දිග භූමි ප්‍රදේශයේ හා දකුණු ක්වීන්ස්ලන්තයේ ආදීවාසීන් ජීවත් වනු දකින්නට පුළුවන. එහෙත් ප්‍රධාන නගරවල සිට හෝරා තුන හතරකින් ළඟා විය හැකි දුරකින් පිහිටා ඇති මේ වාසස්ථාන හිතන තරම් ලෙහෙසියෙන් හුදෙකලා කළ නොහැකි බව පරිසරවේදීන්ගේ මතයය.

එහෙත් ඇමසන් වනාන්තර වාසීන්ට වඩා සහනදායී හැඟීමක් ඕස්ට්‍රේලියනු ආදිවාසීන් පිළිබඳව ඇති කර ගන්නට අපට පුළුවන. මන්ද යත් තවමත් කිසිදු ආදිවාසි ප්‍රදේශයකට කිසිදු රෝග වාහකයකු ගිය බවක් වාර්තා වී නොමැති බැවිනි. තවමත් කොරෝනා වයිරසය පැතිරෙමින් පවතින්නේ ඕස්ට්‍රේලියාවේ නාගරික ප්‍රදේශ තුළය.

ඕස්ට්‍රේලියාවේ මධ්‍යම ඉඩම් කවුන්සිලයේ අධ්‍යක්‍ෂ ජෝ. මාර්ටින් ජාඩ් පවසන්නේ මෙබඳු ආදිවාසි ප්‍රදේශ කොවිඩ් වයිරස රහිත පළාත් වශයෙන් පවත්වාගෙන යෑම සඳහා උපරිම වෙහෙසක් ගන්නා බවය.

එහි තත්ත්වයද ඇමසන් ගෝත්‍රිකයන්ට නොදෙවෙනිය. ඔවුහු ද දියවැඩියාව හා වකුගඩු ආශි්‍රත රෝගවලින් පෙළෙන්නේය. වැඩිමනින්ම දුම්පානයටද හුරු වී ඇති බැවින් ස්වසනාබාධවලින්ද ඔවුහු පෙළෙති.

“මේ දුරස්ථ ජනාවාසවලට මෙය පැතිරී ගියොත් ඊට ගැළපෙන සෞඛ්‍ය පහසුකම් එහි නැහැ. එහෙම වුණොත් ඒක විශාල ව්‍යසනයකිනුයි කෙළවර වෙන්නේ. බැරි වෙලාවත් වයිරසය ජනාවාසවල පැතිරුණොත් ඔවුන්ගේ සමස්ත වැඩිහිටි ජනගහනයම මියයාවි.” මාර්ටින් ජාර්ඩ් පවසයි.

එබැවින් ඕස්ට්‍රේලියානු රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ ඔවුන්ගේ කිසිම කටයුත්තක් පිළිබඳව මැදිහත් නොවන ලෙසත් ඔවුන්ගේ කටයුතු හුදෙකලාව කරගෙන යන්නට ඉඩ හරින ලෙසත්ය. නගරවලින් ජනතාව මේ ගෝත්‍ර කරා ඇදෙන්නට ප්‍රධානතම හේතුව ලෙස සඳහන් වන්නේ ඔවුන්ගේ සංස්කෘතිකාංගයි. විශේෂයෙන්ම ඔවුන්ගේ “අවසන් කටයුතු චාරිත්‍රය” නමැති සංස්කෘතිකාංගය නරඹන්නට නගරවලින් බොහෝ දෙනා ඇදෙති. එය හැඳින්වෙන්නේ “Sorry business” යන නමිනි. එය නරඹන්නට නගරවලින් ඇදෙන්නේ සිය ගණනිනි.

එහෙත් දැන් ඒ සියල්ලට කාලය නොවේ යැයි ඕස්ට්‍රේලියාව මෙන්ම බ්‍රසීලයද පවසයි. ඔවුන් වෙනුවෙන් කළ හැකි ඉහළම උදව්ව වන්නේ ඔවුන්ගෙන් හැකිතාක් දුරස් වීම බව දෙරටේම බලධාරීහු පවසති.

පාලිත ජයකොඩි





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top