පිට්කොවැක් ලෙස පර්යේෂකයන් මෙම මූලික ආකෘති එන්නත නම් කර ඇති අතර, සති දෙකක් තුළ නව කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවීමේ හැකියාවක් එම එන්නතට පවතින බව එම පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා.
කෙසේ නමුත් කොරෝනා වෛරසය සඳහා නිශ්චිත ප්‍රතිකර්මයක් හෝ එන්නතක් මෙතෙක් නිෂ්පාදනය කර නැහැ.
මේ අතර ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී ද 1320කින් ඉහළ ගිය අතර මේ වන විට එරට මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 7391ක්.
ඉන් වැඩිම ප්‍රමාණයක් එනම්, මරණ 3000ක් පමණ වාර්තා වන්නේ නිව්යෝක් ප්‍රාන්තයෙන්.
එහි ඊයේ දිනය තුළ පමණක් මරණ 500කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වනවා.
නිව්යෝක් ප්‍රාන්තයේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව මේ වන විට 2001 වසරේ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාවට සමාන වී ඇති බවයි ආණ්ඩුකාර ඇන්ඩෲ කුවෝමෝ සඳහන් කළේ.