නව කොරෝනා හෙවත් Covid-19 වෛරසය ඊසාන දිග චීනයට ඉකුත් ඔක්තෝබර් මාසයේදී කඩා වැටෙමින් පුපුරා ගිය ධූම කේතුවකින් පෘථිවියට ඇතුළු වූවක් බව ශ්‍රී ලංකාවේ උපත ලැබූ කීර්තිමත් තාරකා විද්‍යාඥයකු වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
2019 වසරේ ඔක්තෝබර් 11දා රාත්‍රී 12.16ට පමණ ඊසාන දිග චීනයට ඉහළ අහසේදී පුපුරා ගිය ධූම කේතුවකින් මෙම පිටසක්වළ වෛරසය පෘථිවි ගෝලය තුළට ප්‍රවේශ වන්නට ඇති බවට මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් මුලින්ම හෙළිදරව් කොට තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේදී.
මෙකී ධූම කේතුවේ පුපුරායෑම නිසා ඇති වූ ආලෝකයෙන් ඒ රාත්‍රියේ එම ප්‍රදේශය දහවල් මෙන් ආලෝකවත් වූ බව විදෙස් මාධ්‍ය මඟින්ද වාර්තා කර තිබිණි. අද ද මිට අදාළ වාර්තා හා වීඩියෝපට අන්තර්ජාලයේ දැක බලාගත හැකිය.
මෙම ධූම කේතුව පුපුරා යාමේදී විසිරුණු තුනී කාබන් දුහුවිලි සමඟ ට්‍රිලියන සිය ගණනක වෛරසය අංශු පෘථිවිය මත පතිත වන්නට ඇතැයි මහාචාර්ය වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.