Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
04
විදෙස් ගත ශ්‍රී ලාංකීකයන්ට සහන සැලසීමේ වැඩ පිළිවෙල මෙන්න

- විදෙස් ගත ශ්‍රී ලාංකීකයන්ට සහන සැලසීමේ වැඩ පිළිවෙල මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,364 Views
කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් විදේශයන් හි රැදී සිටීමට සිදුව ඇති ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමේ ප්‍රායෝගික පියවර පිළිබදව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අදාළ බලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
 
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ විදේශයන් හි සිටින ශ්‍රී ලාංකිකයන් වහා දිවයිනට ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති නිසා ඔවුන්ගේ සුබසාධනය සහතික කිරීමට පියවර ගෙන ඇති බවයි.

මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ සමීපව අධීක්ෂණයේ නිරත වන බව ද එමගින් සඳහන් කළා.
 
කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ අනෙකුත් රටවල් සමඟ ආර්ථික සහ වෙළඳ සබඳතා අඛණ්ඩව පවත්වා ගැනීම ද වැදගත් බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පෙන්වා දී ඇත්තේ.
 
එමෙන්ම, මෙරට තේ වෙළඳපොළ තහවුරු කිරීමත්, ඇඟලූම් ඇතුළු අනෙකුත් නිෂ්පාදන සඳහා නව වෙළඳපොළ ගවේෂණය කිරීමත් වැදගත් වන බව අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top