Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
04
ලක්ෂ තුනක ජිවිත බිළිගත් අවුරුදු 100කට ඉස්සර ස්පාඤ්ඤ උණ නිසා ලංකාව වගේම ලෝකයම වැනසුණ හැටි - Photos

- ලක්ෂ තුනක ජිවිත බිළිගත් අවුරුදු 100කට ඉස්සර ස්පාඤ්ඤ උණ නිසා ලංකාව වගේම ලෝකයම වැනසුණ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,031 Views
විසිවන සියවසේ ලෝකය මුහුණදුන් භයානකම වසංගතය ලෙස සැලකෙන්නේ ස්පාඤ්ඤ උණ "Spanish Flu "වසංගතයයි. 1918 - 1919 වර්ෂයන්හි මෙම උණ රෝගය ලෝකය පුරා පැතිරිණි. ලොවපුරා මිලියන 500ක් ජනයා රෝගයේ ආසාදිතයන් වූහ. මරණයට පත් සංඛ්‍යාව මිලියන 50ක් බව සඳහන් වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ වැසියන් 675,000ක් ස්පාඤ්ඤ උණ රෝගයෙන් මරණයට පත්වූහ.

කොවිඩ් - 19 රෝගයට ප්‍රතිකර්ම නොවුණා සේම H1 N1 වයිරසය නමින් හැඳින්වූ මෙම වයිරස් රෝගයටද ප්‍රතිකාරයක් නොවීය. චීනයේ වූහාන් නගරය කොරෝනා වයිරසයේ තිඹිරිගෙය වූ අතර 1918 ස්පාඤ්ඤ උණ වයිරසයේ තිඹිරිගෙය වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. පළමුවන ලෝක යුද්ධයේදී අනතුරු සහ ආබාධවලට ලක්වූ රෝගීන් ලක්ෂයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලැබූ හමුදා රෝහලකින් පළමු උණ රෝගියා හමුවී ඇත. ලෝක සංග්‍රාමයේ හමුදා සංචලනයන් වයිරසය ශීඝ්‍රයෙන් පැතිරයෑමට හේතු වූ බව පැවැසේ. නවීන ප්‍රවාහන ක්‍රම හඳුනාගැනීමත් සමඟ උණ රෝගය වේගයෙන් පැතිරිණි.
එක්සත් ජනපදයේ හමුදා මධ්‍යස්ථානයක් වූ Fort rayli ක½දවුරේ භටයන් පුහුණු කරවමින් සිටි ඇල්බට් හිචෙල් නම් නිලධාරියා ප්‍රථම වින්දිතයා වූයේය. දින කිහිපයක් තුළ භටයන් 522ක් ආසාදිතයන් ලෙස හඳුනා ගන්නා ලදී. 1918 ජනවාරියේ ප්‍රථම රෝගියා හමුවූ අතර මාර්තු මාසය වනවිට රටපුරා පැතිර යන්නට වූයේය. සාමාන්‍යයෙන් සැලකෙන්නේ උණ රෝගය නිසා ලෝක ජනගහනයෙන් 6න් 1ක් මරණයට පත්වූ බවය.
ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශවල මියගිය සංඛ්‍යාව මිලියන 13.88කි. ඉන්දියාවේ සමස්ත ජනගහනයෙන් 5%ක් එනම් මිලියන 17ක් ස්පාඤ්ඤ උණ රෝගය නිසා 1918 දී මරණයට පත්වී ඇත. චීනයේ මියගිය සංඛ්‍යාව මිලියන 1ත් 1.28ත් අතර අගයන් ගනී. ජපානයේ ආසාදිත සංඛ්‍යාව මිලියන 23ක් වශයෙන් සැලකෙන අතර මරණයට පත්වූ සංඛ්‍යාව 390,000කි. ඉන්දුනීසියාවේ මිලියන 30ක් මිය ගොස් ඇති අතර එය එරට මුළු ජනගහනයෙන් 13% කි. ඉරානයේ ජනගහනයෙන් 22%ක් මරණයට පත්ව තිබේ. එය දළ වශයෙන් 902,400කි. කැනඩාවේ 50,000ක් මරණයට පත්වී ඇති අතර ඇලස්කාවේ ස්වදේශික ජනයා මුළුමනින්ම විනාශයට පත්වූ බව වාර්තාවල සඳහන් වේ.
බ්‍රසීලයේ එවකට ජනාධිපති වූ රොඩ්රිගේස් අල්වාස් සමඟ ලක්ෂ 3ක ජනයා මරණයට පත්විය. ඉතියෝපියාවේ අඩිිස් අබාබා නගරයේ 5000ක් මරණයට පත්වූ අතර එල්සිලාසි අධිරාජයාට රෝගය වැලඳුන නමුත් දිවි බේරිණි. ඝානා රාජ්‍යයේ මිය ගිය සංඛ්‍යාව ලක්ෂයකි.

ස්පාඤ්ඤ උණ රෝගයෙන් වැඩිපුර මරණයට පත්වූයේ වයස අවුරුදු 65ට අඩු පුද්ගලයන්ය. මරණවලින් 92%ක්ම අවුරුදු 65ට අඩු තැනැත්තන්ගේය. රෝගය වැලඳුණු ගර්භණී මාතාවන්ගෙන් 23%ක් මරණයට පත්ව තිබේ. දිවි ගලවාගත් ගැබිනි මවුවරුන්ගෙන් 26%කට දරුවා අහිමිව ඇත. මරණයට හේතුව නියුමෝනියා තත්ත්වය විය.

ස්පාඤ්ඤ උණ වසංගතයේ පළමු රැල්ලට වඩා දෙවැනි රැල්ල මාරාන්තික විය. දෙවැනි රැල්ල ආරම්භ වූයේ 1918 අගෝස්තු මාසයේය. 1918 ඔක්තෝබර් මාසය මුළු ලෝකයේම වසංගතයේ මාරාන්තික මාසය ලෙස සැලකේ. උණ රෝගයෙන් ආසාදිත වූවන් ජනාකීර්ණ දුම්රියවල රෝහල් කරා ගෙනයෑම නිසාද රෝගය ශීඝ්‍රයෙන් පැතිර ගියේය. එදිනෙදා ජීවිතය බිඳ වැටුණු අතර වෙළෙඳසල් වසා දමා ගනුදෙනුකරුවන්ට පිටතින් ඇණවුම් කරන්නට නියම කළේය. මෘතශරීර සමූහ මිනිවළවල වළලනු ලැබීය.

ස්පාඤ්ඤ උණ වසංගතය ලංකාවට ඇතුළු වූයේ කොළඹ වරායෙනි. එවකට ලංකාවේ ප්‍රධාන සිවිල් නිලධරයා වාර්තා කර ඇති අන්දමට කොළඹ වරාය හා තලෙයිමන්නාරම් තොටෙන්ද වයිරසය රටට ඇතුළු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. රෝගය රට තුළට හා දකුණු වෙරළ තීරයේ පැතිර ගිය අතර අවසානයට ඊට ගොදුරු වූයේ නැඟෙනහිර පළාතේ මඩකළපුවයි.

වසංගතය රටට ඇතුළු වූයේ 1918 ජුනි මාසයේදීය. එම වසර තුළ ඇස්තමේන්තු ගත මරණ සංඛ්‍යාව 41,916 සිට 91,600 දක්වා ඉහළ ගියේය. ලංකාවේ වයිරසය පැතිරයෑම ලොව අනෙකුත් රටවලට වඩා විශේෂ වෙනස් රටාවන් පෙන්වා තිබේ. එයට හේතුව දිවයිනේ උතුර, මධ්‍යම, හා දකුණ එකිනෙක පළාත්වලින් වෙන්වී හුදෙකලාව පැවැතීම වන්නට ඇත. 1918 සරත් සෘතුවේදී උතුරේ සහ දකුණේ වසංගතය ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ අතර මධ්‍යම පළාතේ ඉතා සෙමින් පැතිරයෑමක් පෙන්නුම් කළේය.

ලංකාව තුළ ස්පාඤ්ඤ උණ වයිරසය පැතිරයෑම දරුණු තරංග දෙකක ආකාරයක් පෙන්වයි. පළමු රැල්ල ඉතා සාමාන්‍යයෙන් නැඟ බැස ගිය අතර 1918 ඔක්තෝබරයේ දරුණු දෙවැනි රැල්ල අතිවිශාල ජීවිත සංඛ්‍යාවක් බිලි ගත්තේය. එකල දිවයිනේ පැවැති නොදියුණු භාවය හේතුවෙන් මරණ පිළිබඳ දත්ත ඉතා නිවැරදිව වාර්තා වූයේ නැත. බොහෝ දිස්ත්‍රික්කවල හුදෙකලාව පැවැති වනගත ගම්මානවල ජනයා රෝගයෙන් මුළුමනින්ම වැනසී ගිය බැවින් කිසිදු වාර්තාවක් යටත් විජිත ආණ්ඩුවට ලැබී නැත. ජන සංගණන දෙකක් අතර ජනගහනයේ අඩුවීම හා වෙනස විසින් උපකල්පනය කරනු ලැබූ සංඛ්‍යා ලේඛන අනුව Spanish flu වසංගත රෝගයෙන් ලංකාවේ මියගොස් ඇති මුළු සංඛ්‍යාව 307,000ක් බව බ්‍රිතාන්‍යය වාර්තාවල සඳහන් වේ. එය ජනගහනයෙන් 6-7% දක්වන ප්‍රමාණයකි.

1918 Spanish flu (H1 N1) වයිරසයට එන්නතක් සොයාගත නොහැකි වූ අන්දමටම 2020දී කොරෝනා වයිරසයටද මේ දක්වා ප්‍රති ජීවක එන්නත් සොයාගෙන නැත. එදා ලෝක ජනගහනයෙන් 1/6ක් එනම් මිලියන 50ක් රෝගයට ගොදුරු වූහ. අද දවසේ ලෝක ජනගහන වාර්තාවට අනුව පෘථවියේ ජීවත්වන මිනිසුන් සංඛ්‍යාව කෝටි 777කි. Covid - 19 ජීවිත කීයක් බිලිගනී දැයි කිසිවකු නොදනී.

උදේනි සමන් කුමාර




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top